ඍතු ....25
(වස්සානය)එදා සිද්දියෙන් පස්සෙ මට අයියල දෙන්න ගෙදරින් එලියට යන්න දුන්නෙම නැති තරම් අනික අයියල දෙන්නගෙන් එක්කෙනෙක් හරි ගොඩක් වෙලාවට මාත් එක්ක රැදුන.. අනික ඉතින් මට ගෙදරින් එලියට යන්න උවමනාවක් තිබ්බෙත් නෑ.. කොහොමත් ඒ දෙන්නට වඩා මමයි බයෙන් ඉදියෙ ඒක නිසාම මමත් ගෙදරින් එලියට නොයා ඉන්නම වගබලාගත්තා...
ඒ කාලෙ ඇතුලත ප්‍රභූ අයිය අපේ ගෙදරම කෙනෙක් වෙලා ඉවරයි කියලයි මට දැනුනෙ... අනික ප්‍රභූ අයිය නිසා රවීන් අයිය ගොඩක් සතුටින් කියල මට හැම වෙලේම දැනුන....................................................................
විමලසිරි මාම ආපහු ගෙදර වැඩට ආව ඒත් මම දිගටම ගෙදර වැඩ කරේ අයියයි විමලසිරි මාමයි දෙන්නම එපා කියද්දි.. අන්තිමට දෙන්නම මට වැඩ කරන්න එපා කියන එක නැවැත්තුවෙ මම කියන දෙයක් අහන කෙනෙක් නෙවෙයි කියල තේරුම් අරන් වගේ.. ඉතින් විමලසිරි මාම ගෙවල් අස් කරන එකයි වත්ත බලාගන්න එක අස් කරන වැඩ ටික කරා.. උයන කරන ඒව මම කරා ඒ එක්කම මන් අයියගෙ බිස්නස් වල වැඩත් කරා.. ප්‍රභූ අයියනම් හැම වෙලාවකම කිව්වෙ මන් නිසා දැන් එයාගෙ වැඩ පහසු වෙලා කියල.. ඇත්තටම මන් ඒක නිසා සතුටු උනා..
අනික ප්‍රභූ අයිය රවීන අයිය වගේ ශිෆ්ට් එකකට වැඩ කරන කෙනෙක් නෙවෙයිනෙ ඒක නිසා එයා ගොඩක් වෙලාවට ගෙදර රැදුන.. ඒක නිසා මට පාලුවක් දැනුනෙ නෑ අනික මම එයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා බිස්නස් ගැන තව මාකටින් ගැන..අදත් අයිය උදේම වැඩට ගියා... ප්‍රභූ අයියත් වැඩට ගියා ඒත් දවල් කෑමට එයා ආයි ගෙදර ආව...
එයා එද්දි මම ඉදියෙ උයල ඉවර කරන්න ඔන්න මෙන්න තියා.. අද උදේට මන් වැඩිය ඉව්වෙ නෑ අයියට දවල්ට බත් ඕනි නෑ කියපු නිසා ඉතින් මම අපිට උදේට පොඩියට ඉව්ව මිසක් දවල්ටත් එක්ක ඉව්වෙ නෑ.. ඉතින් මම එකොලහට විතර ආයි මොනාහරි උයන්න කියල ආව කුස්සියට ... විමලසිරි මාමත් උදෙන්ම ඇවිල්ල ගෙවල් අස් කරල දාල ගියා දුවලගෙ ගෙදරට ගිහිල්ල එන්න කියල අද එයාගෙ මුනුබුරාගෙ උපන්දිනේ නිසා..උයන්න ගියහම තමා මට දැනෙන්න ගත්තෙ උයන පිහන කලමනා ගොඩක් ඉවර වෙලා කියල.. ඇත්තනෙ මම බඩු ගන්න ගියෙ නෑනෙ.. අනික අර කලබල නිසා ඒක කල්පනා උනේම නෑ.. මොකද වෙන්දට මම අයිය එක්ක සති දෙකකට පාරක් බඩු ගේනව ගිහිල්ල ඒත් දැන් මාසෙකින් විතර මම එලියට ගිහිල්ල නෑ එලියට ගියෙ බඩු ගෙනාවෙ විමලසිරි මාම ඒත් ඒ ගෙනාපුවත් ඉවරයි...