ඍතු...16

1.1K 228 10
                                    

ඍතු .....16.
(වස්සානය)

හැමදේම හරි මේ ඔක්කොම හීනයක් විතරයි...
මම ඇස් දෙක පියාගෙනම කල්පනා කරේ එච්චරයි ...
මට ඇහැරිලා දැන් ටිකක් වෙලා ඒත් ඇස් ඇරල වටපිට බලන්න  තරම් හයියක් මට තිබ්බෙ නෑ...
මට කිසිම වේදනාවක් දැනුනෙ නෑ..
මට ඇත්තටම මොකුත්ම දැනුනෙ නෑ.. ඒක හින්දමද මන්ද මගෙ හිත කිව්වෙම මේ වුන දේවල් හැම දේම නරක හීනයක් කියලමයි...
පුදුමෙ කියන්නෙ වෙනදට ඇහැරෙද්දි මන් දැකපු හීනෙ මොකද්ද කියලවත් මට අමතක වෙද්දි මන් ඒ දැක්ක හීනෙ හැම මොහොතක්ම මට මතක තිබ්බ එක.. ඒ ඔක්කොටමත් වඩා මාව බයකරේ ඒ හීනෙදි දැනුන වේදනාවන් තවමත් මගෙ මතකෙ කාවැදිල තියන එකට.. ඇත්තටම මට ඒ ගැන හිතන්නවත් ඕනි උනේ නෑ...

නෑ මන් ඒව ගැන හිතන්න ඕනිත් නෑ... මම දැක්ක හැමදේම හීනයක්.. තවදුරටත් ඒ හීනෙ ඇත්තක් නෙවෙයි මන් බය වෙන්න ඕනි නෑ.. මම ඇස් ඇරියාම දකින්න පුලුවන් වෙයි මන් මගෙ ගෙදර මගෙ ඇදේ සනීපෙට නිදන් ඉන්නව.. තව ටිකකින් මට නැගිටල නිවාසෙට යන්න වෙනව මැඩම් පොඩ්ඩො මන් එනකම් බලන් ඇති.. ඊට පස්සෙ මන් හොටෙල් එකට යන්න ඕනි අපොයි දුලාන් සර්ගෙ කුඩේ තවම මන් ලග ඒකත් දෙන්න ඕනි මතක් කරල.
මන් එහෙම හිතන ගමන් හිතේ  තියන හැගීම් ඔක්කොම එක පොකුරට අල්ලගෙන ඇස් ඇරියා...
මුලින්ම මට එච්චර පැහැදිලිව බලන්න උනේ නෑ ඒත් ටික ටික වටපිටාව පැහැදිලි වෙද්දි මගෙ පපුව රිදෙන්න ගන්නව වගේ මට දැනුන...

මට කෑ ගහන්න ඕනි උනා..කෑ ගහල මේ වාඩිවෙලා ඉන්න ඇදෙන් නැගිටල දුවන්න ඕනි උනා.. ඒත්.. ඒත් ඒ මොකුත්ම මට කරගන්න පුලුවන් කමක් ලැබුනෙ නෑ..

මන් දැක්කෙ ඇද උඩ ප්ලාස්ටර් එකකින් වට කරල තිබ්බ මගෙ දකුනු කකුල.. ඒත් එක්කම මගෙ දකුනු අතත් වැහෙන්නම සුදු පාට ප්ලාස්ටර් එකක් දාල තිබ්බ..
අනික මට මගෙ නලල අල්ලන්න හදද්දි තමා මට දැනුනෙ මොකක් හරි ගොරෝසු දෙයක් මගෙ නලල වටේට තියනව ... ඒ ඔක්කොමත් එක්ක මගෙ  වම් අතට  සේලයින් බට වගයක්  ගහල තිබ්බ....

දෙයියනේ මට මොකද්ද මේ උනේ.. එතකොට එතකොට ඒ උන හැමදේම.. ඒ නරක හීනෙ ඇත්තක්ද.. ඇත්තටම ඒ හැමදේම උනාද...

.................................................................

අර නරුමයො දෙන්නගෙන් බේරිලා මන් දුවල දුවල ගිහිල්ල අන්තිමට මන් කොහොම හරි පාරට  ආව... පාරෙ වාහන තිබ්බෙ නෑ අනික වැස්සත් එක්ක ඒක නිසාම මන් ඉදපු කලබලේ එක්කම මන් පාර දිගේ දුවන්න ගනිද්දි එක පාරටම  මන් දැක්කෙ මගෙ ඉස්සරහින් එන වාහනයක්..
එකපාරටම උන දේ නිසා මට මොකුත් හිතාගන්නවත් උනේ නෑ.. මට කරන්න පුලුවන් උනේ ඇස් දෙකට වැදිල තියන තද එලිය නොපෙනෙන්න ඇත් දෙක තද කරල පියාගන්න විතරයි.. ඊය පස්සෙ මට ඇහුනෙ වාහනේ හයියෙන් බ්‍රේක් ගහනව.. ඒත් මගෙ හිත කිව්ව මේ වැස්සෙ කවදාවත් ඒ වාහනේනම් මාව හප්පන්නෙ නැතුව නතර වෙන්නෙ නෑ කියල... මන් එහෙමම තවත් ඇස් දෙක තද කර ගනිද්දි දඩස් ගාල සද්දයක් එක්ක මාව පැත්තකට විසික් උනා..එතනින් එහාට මට කිසිම දෙයක් මතක නෑ... මතක එකම දේ දැන් මේ ඇදේ ඉදන් ඇහැරෙන එක...

ඍතු ...Where stories live. Discover now