ඍතු...3
(ගිම්හානය.)මන් කතාකරාට පස්සෙ අපි අතර ආයි තිබ්බෙ ලොකු නිහඩතාවක්.. මන් බලන් ඉදිද්දිම මන් දැක්ක විහාන් අයියගෙ මූන වෙනස් වෙනව..
" සොරි මල්ලි මන් හිතල කිව්වෙ නෑ..."
"ආ ඒකට කමක් නෑ අයියා.. මට ඒක ගානක් නෑ..."
"ඇත්තටම සොරි කොලූ..."
එහෙම කියන ගමන් එයා සමාවෙන්න කියන්න වගේ මන් දිහා බලද්දි මන් හිනා වුනා..
අපි දෙන්න අවුරුදු ගානක් දන්න යාලුවො දෙන්නෙක් වගේ කතා කරත් ඇත්තටම අපි මුන ගැහිල තවම පැය දෙකක් වත් නෑ නේද කියල මගෙ හිත කිව්වා.
මට දැනගන්න ඕනි ඇයි එයා සූසයිඩ් කරගන්න හැදුවෙ කියල අනික මෙච්චර ලස්සන වැදගත් කොල්ලෙක්ට කාත් කවුරුත් නැති වෙන්න විදිහක් නෑ.. අනික බලපු ගමන් පේනව අපි වගේ දුක් විදින්න ඉපදුන කෙනෙක් නෙවෙන වග... එහෙම එකේ ජීවිතය නැති කරගන්න තරම් මෙයාට තියන ප්‍රශ්නය මොකද්ද කියල මට හිතාගන්න වත් බෑ.. ඒත් මොකද්ද මන්ද මට ඒක එයාගෙන් අහන්න..අනික එයා කන වෙලාවෙ ඒක අහම ආයිමත් එයාගෙ මූඩ් එක අවුල් කරන්න මට හිතක් නෑ...
" මල්ලි...""ඔව් කියන්න අයියෙ..."
."මන් දෙයක් අහන්නද තරහ වෙන්න එපා...""ඔව් අහන්න..."
"ඔයාට බයක් නැද්ද.. ජීවිතේටම නොදන්න නොදැකපු මනුස්සයෙක්ව මෙහෙම ගෙදර එක්ක ඇවිල්ල නාන්න කන්න බොන්න දීල තියාගන්න එක ගැන..."
එයා එහෙම අහද්දි මට නිකන්ම එයාගෙ ඇස් දිහා බැලුව..
අනේ මන්ද පුංචිම කාලෙ ඉදන් මනුස්සයෙක් කොහොම හැසිරෙයිද කියල මට ඒ කෙනා දිහා බලල තේරුම් ගන්න පුලුවන්.. මන් හිතන්නෙ මන් හැදුන හැටි නිස වෙන්න ඇති .. ඒ වගේම මට විහාන් අයියගෙ හැසිරීමෙන් දැනුන එකම දේ එයා කියාගන්න බැරි තරම් දුකක ඉන්නව කියන එක විතරයි.. එයාව අවිස්වාස කරානම් මන් කවදාවත් එයාව මෙහෙ එක්ක එන්නෙ නෑ.. සංසාරෙ කොහේම හරි දවසක අපි අහම්බෙන් මුන ගැහුන වගේ බැදීමක් තමා මට දැනුනෙ.." මන් දන්නෙ නෑ අයියෙ... මට ඔයා නරක මනුස්සයෙක් වගේ දැනුනෙ නෑ.. අනික පිට කෙනෙක්ට කියල මේ ගෙදර කෙනෙක් ආවනම් ඒ ඔයා තමා මුලින්ම මොකෝ නිවාසෙ අය හැරෙන්න වෙන කවුරුත් මෙහෙ එන්න අය නෑ.. අනික ඔයාව මට ඒ පාලම ලග තනියෙන් දාල එන්න හිත හදාගන්න බැරි උනා. මන් දන්නව අයියෙ කාත් කවුරුත් නැතුව හිතේ දුක තියාගෙන විදවන එකේ වේදනාව.. ඇත්ත මන් ඔයාව නොදන්නව වෙන්න පුලුවන් ඒත් මට එහෙමයි කියල කවුරු උනත් ජීවිතේ නැති කරගන්න කම් බලන් ඉන්න බෑ.."