episode 1

1.6K 148 42
                                    

" හියෝන්ග් බලන්න මේ මනුස්සයා ගේ හැටි. අලියෙක් ගහලා වගේ සෙටිය උඩ ඉන්න හැටි විතරක් ප්ලීස් ජින් හියෝන්ග් ඔයාගේ අර පෑන් එක මට ගෙනත් දෙන්නා ටාන් ගාලා මේ මනුස්සයා ගේ මොලේ පෑදෙන්න එකක් දෙන්න. "

කොල්ලෝ හැමෝම සෝපා එක උඩ සිහියක් පතක් නැතුව වැටිලා ඉන්න කොල්ලගේ වටේ එකතුවෙලා හිටියේ දුකින් , කලකිරිමේන් වගේම තරහින්.  මේ විකාරේ ඉවසලා ඉවසලා බැරිම තැන තමයි මේ කෙනෙක් කෑගහන්නේ. ඒ වෙන කවුරුත් නෙවේ ලෝක ප්‍රසිද්ධ Min Yoongi .

Jin - හරි හරි ගහලා ප්‍රශ්න විසදන්න බෑ නේ යුන්ගි . මූ නැගිටිනකන් ඉදලා හෙටම කියමු. පැහැදිලි කරලා මටත් බලන් ඉන්න බෑ මූ මෙහෙම විනාස වෙලා යනවා.

Namjoon - මන් කිව්වා අර වහන්තරාව හරියන්නේ නෑ කියලා . දැන් හරිනේ  කොහෙද ඉතින් මේ ගෙදර ඉන්න කවුරුත් මම කියන එකක් කනකට ගත්තාද

නම්ජූන් හරි උජාරුවෙන් තමන් ගැන වර්ණනා කරගන්න පටන් ගද්දි කොල්ලො පස් දෙනා නම්ජූන් දිහා බැලුවා බැදලා ,කනවද තෙල් දාලා කනවද වගේ මූඩ් එකකින්

Namjoon -  නෑ මම කිව්වේ මම කිව්වා ඔයාලත් ඇහුවා නේ. හී හී........

Min Yoongi - අනේ මගේ කට. හියෝන්ග් මූ ආයි ක්ලබ් එක පැත්තේ ගියොත් මම නරක මිනිහා කියන්න එපා.

යුන්ගි තරහෙන් කෑගහද්දී සෝපාවේ හිටිය කෙනා ඊට හයින් කෑ ගැහුවා

" ආයිශ් ............... හිමින් කතා කරනවා මම නිදි කියලා පෙන්නේ නැද්ද ..... "

ආපහු සෝපා එකටම වැටිලා පොර නිදි. ඒත් මේක අහන් හිටිය පූස් ට නම් කේන්ති ගියේ මුලු ඇගම රතුවෙලා යද්දී .

Yoongi -  අද මම මූට..........

යුන්ගි ඉස්සරහා ට යනකොට හැමදාමත් වගේ හැමෝගෙම සැපට දුකට සනී වගේ ඉන්න ජේහොප් සූගා ව පැනලා අල්ලගත්තා. ජේහොප් සූගාව අල්ල නොගත්තා නම් ලෝක ප්‍රසිද්ධ kim taehyung  ගේ මළගේට තමා කට්ටියට හෙට යන්න වෙන්නේ.

ඔව් ඔව් ඒ කිම් ටේහියොන් තමා. කොල්ලා දැන් මාසගානක ඉදන් හැමදාම රෑට dorm  එකට එන්නේ සුමිහිරි පානේ පදමට ගහලා. ඒකට හේතුව නම් ඉතින් කෙල්ලෙක් තමා. ටේහියොන් පණ වගේ ආදරේ කරපු ටේහියොන් ව දාලා යන්න ගියේ කිසි හිතක් පපුවක් නැති මනුස්සයෙක් ගානට. ටේහියොන් ඇත්තටම කෙල්ලට ආදරේ කලත් කෙල්ල නම් ආදරේ කලේ කොල්ලගේ සල්ලිවලට.

Ghost princess  | KTH | [ Completed ]Where stories live. Discover now