chapter 13

512 96 15
                                    


ටේහියොන් වගේම යෙනු දෙන්නා ශ්‍රී ලංකා එයාපෝට් එකට ආපු වෙලාවේ ඉදන් බයේ හිටියේ . මොකක්ද ටේහියොන් කියන්නේ ලේසී කෙනෙක් නෙවෙයි ලෝකයක් දන්න කෙනෙක්. එයාව කවුරු හරි අදුර ගත්තොත් ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා දෙන්නම හොදට දැනගෙන හිටියා.

යෙනු ටේහියොන්වත් ඇදන් එයාපෝට් එකෙන් ඉක්මනට එලියට ගියේ ජීවිතේට අවදානමක් ගන්න ඔනේ නැති නිසා. අනික ටේහියොන්ගේ ආරක්ෂාවට ගාඩ්ස්ලාවත් හිටියේ නෑ.

ටේහියොන්වත් ඇදන් ටැක්සි එකකට නැග්ගම තමයි කෙල්ලගේ හුස්ම වැටෙන්න ගත්තේ. ටේහියොන්ගේත් වෙනසක් තිබ්බේ නෑ.  යන් කියාගෙන ආවත් බය වෙලා තමා කොල්ලත් හිටියේ. කෙල්ල ඉස්සරහා පෙන්නන්න බැරිකමට වැඩ්ඩා වගේ හිටියට හිත ඇතුලෙන් ගැහෙමින් ටේහියොන් හිටියේ.

" දැන් අපි කොහෙද යන්නේ........."

ටේහියොන් කෙල්ලගේ ඇහුවේ එයා මේ රට ගැන මෙලෝ දෙයක් නොදන්න නිසා. අනික මේ ගමන ආවෙත් ලොකු යටි අරමුණකින්.

" අපේ ගෙදර. මම එයාලට කිව්වෙත් නෑ මන් එනෝ කියලා . "

"  ඒ කියන්නේ සප්රයිස් ද ? "

ටේහියොන් යෙනුගේන් අහද්දී කෙල්ල ඔලුව උඩ පහල කරලා ඔව් කිව්වා.

" මැඩම් කොහෙදටද යන්න ඔනේ ලොකේශන් එක ශෙයා කරන්න පුළුවන් ද?"

ටැක්සි ඩ්‍රයිවර් කියද්දී කෙල්ල ඉක්මනට ලොකේශන් එක ශෙයා කරා.

ඈතින් පේන ලස්සන මුහුදු තීරය දිහා කෙල්ල බලාගෙන හිටියේ වශී වෙලා වගේ. කොයි තරම් කාලෙකින්ද ඉතින් තමන්ගේ මව් රටට ආවේ. ටේහියොන් නම් හිටියේ යකා ආරුඩ වෙලා. මොකද කියනවා නම් වාහනේ ඩ්‍රයිවර් කෙල්ල දිහා නිතරම වගේ front mirror එකෙන්  බලනවා කොල්ලා දැකලයි තිබුනේ. කෙල්ල ඇදන් හිටිය Off Shoulder Dress  එකට කෙල්ලව ලස්සනට පෙනුනා.

ටේහියොන් බලාගෙන ඉදලා බැරිම තැන  කෙල්ලගේ උරහිස වටා එක අතක් යවලා කෙල්ලව ලගට ගත්තේ එයාගේ කියලා පෙන්නන්න වගේ.

" මො මොකක්ද ක කරන්නේ "

" අර බලනවා අර මිනිහා තමුසේ දිහා බලනවා..... ඔහොම ඉන්නවා දැන් හරි . "

Ghost princess  | KTH | [ Completed ]Where stories live. Discover now