chapter 9

558 100 22
                                    

"ඒ එයාට සිහිය එනවා ....."

යෙනුට ටික ටික සිහිය එද්දී ලග හිටිය ජින් නිදි කිර කිර හිටිය යුන්ගිව හෙලෙව්වේ ඇග ඇතුලේ තීන අභ්‍යන්තර පද්දතිත් ගැලවිලා බිම වැටෙන ගානට.

" මෝ කා කවුද මොකක්ද ......"

යුන්ගි හීනෙන්  නැගිටලා ආතබූත වෙලා කියවද්දී ජින් ඔලුවේ අතගහගත්තේ කවදාවත් මූව මකලා නෙවේ හොදලාවත් හදන්න බෑ කියලා හිතන ගමන්.

ඒ අතර කාමරේ ඇතුලට දුවගෙන ආපු කෙල්ලෙක් යෙනුගේ අතෙන් අල්ලගගෙන අඩන්න ගත්තේ කෙල්ල මැරිලා වගෙ.

" අනේ යෙනුවෝ මාව දාලා ගියේ ඇයි හුවෑ උබ නැතුව ඉන්නේ කොහොමද දෙයියනේ "

ඕ ඒ වෙන කවුරුත් නෙවේ ජනියා නම්ජූන් යෙනුගේ ෆෝන් එකට ජනිගෙන් ආපු කෝල් එක ආන්සර් කරලා විස්තරේ කිව්වම කෙල්ල පණකඩාගෙන ආවේ. යෙනුට ලොකු කරදරයක් වෙලා නැතුව ඇති කියලා හිතලා.

ඉතින් කෙල්ල නම්ජූන්ව දැක්ක ගමන් අදුර ගත්තත් කෙල්ලට පුදුම වෙන්න වෙලාවක් නොතිබ්බේ යාලුවා දැන තිබ්බ සහෝදර ප්‍රේමය හිත ඇතුලෙන්ම තෙරෙනපෙන නිසා.  නම්ජූන් පෙන්නපු කාමරේට එකපාර කඩාගෙන ආව කෙල්ල කෙලින්ම ගිහින් බදාගත්තේ යෙනුගේ අත. මේ දිහා ජින් යුන්ගි බලන් හිටියේ එකපාර මොකක්ද උනේ කියලා හිතා ගන්න බැරුව.

" මන් මැරිලා නෑ යකෝ ඔහොම අඩන්න එපා. "

යෙනු හිනා වෙන ගමන් කියද්දී ජනී කලේ කෙල්ලව බදාගත්ත එක .

" ආ එක නෙවේ මේ මේ අය කවුද ටිකක් දැකලත් හුරුයි වගේ. "

කෙල්ල ජනියාගෙන් සේප් එකේ අහද්දී ජනි කලේ කෙල්ලට රැව්වඑක.

"යකෝ තොට ඊයේ රෑ බලපු කොන්සට් එකේ සින්දු කියපු මිනිස්සු ටිකව ඒ ඩිංගට අමතක උනාද බල්ලෝ . යකෝ මගේ කාමරේ අස්සක් මුල්ලක් නෑර අලවලා තීන රෑප වල ඉන්න අය තමා මේ "

" අප්පටසිරි එහෙමත් එකක්ද "

" හැබැයි ඔයී උබ ඉදලා ඉදලා පැනපු වාහනේ නම් මරු. බලපන් උබ නිසා තමා මම ඔප්පලා තුන්දෙනාව මෙච්චර ලගට දැක්කේ ඒ විතරක්ද නම්ජූන් ඔප්පා මාත් එක්ක කතාත් කලා. උබ නම් දෙයියෙක් බන්. "

Ghost princess  | KTH | [ Completed ]Where stories live. Discover now