episode 3

735 125 83
                                    

Taehyung pov ........

මම ඇස් අරිනකොට දැක්කේ මගේ ඇදේ මට දෙපැත්තෙන් නිදාගෙන ඉන්න ජිමින් වයි ජන්කුක්වයි. අම්මපා මුන් දෙන්නා පුළුවන් නම් මගේ බෙල්ලට උඩිනුත් කකුල දායි. ඒත් මං කොහොමද ඇද උඩට ආවේ. මම ඉක්මනට ඇද උඩ වාඩිවෙලා කාමරේ පුරාම ඇස් යැව්වේ කලින් දැක්ක කෙල්ල ඉන්නවද බලන්න. මම ඒ දැක්කේ හීනයක්ද නෑ වෙන්න බෑ.
ඩබලව එහෙට මෙහෙට කරලා . මම පොඩ්ඩක් වටපිට බැලුවේ අර ඊයේ රෑ දැක්ක කෙල්ල ඉන්නවද බලන්න. ඒත් නෑ. ඇද යට කබඩ් එක ඇතුල සෙටි එක පිටි පස්ස කර්ට්න් පිටිපස්ස හැම් ත්ණම් බැලුවත් නෑ.

එතකොට මම දැක්කේ හීනයක්ද.....?? වෙන්න ඇති.

මම මගේත් එක්කම තර්ක කරන ගමන් කාමරෙන් එලියට යන්න හදනකොට මට ඇහුනේ කෙනෙක් අඩන සද්දයක්. හීනී ඉකියක් එක්ක බැල්කනි එක පැත්තෙන් කෙල්ලෙක් අඩන සද්දයක්.

ඒ එයාද....... ඔව් .

මම ඒ ග්ලාස් ඩෝ එකත් ඇරන් බැල්කනි එකට යනකොට ඊයේ හිටියා වගේම සුදුපාට දිග ගවුම ඇදලා හිටියේ. එයා බිම වාඩිවෙලා කකුල් දෙක අස්සේ මූණ හංගන් අඩන ගමන් හිටියේ.

ඇත්තටම මෙයා කවුද .........?? ටේහියොන් කතා කරලා බලපන්. එහෙම උනොත් මෙයා මගේ බෙල්ල මිරිකයිද........ නෑ නෑ එහෙම කරන එකක් නෑ ........

හිතේ තිබ්බ බය ටැනිට දාලා මම කතා කරන්න තීරණේ කලා.

" හේයී........... ඇ ඇයි ඔයා අඩන්නේ......?? "

මම කතා කරපු ගමන් කෙල්ල හිමීට ඔලුව උස්සලා බැලුවා. මෙන්න ඒපාර කලින්ට වඩා හයියෙන් අඩන්න ගත්තා. හත්තිලික්කේ දැන් කොහොමද මෙයාව නලවන්නෙ මම හොල්මන් නලවන්න දන්න එකක්ද......

"මේ අඩන්න එපා . මේ ..... මේකයි අඩද්දි ඔයා කැතයි........."

" ඇත්තටම කැතයි ද.......??? "

මේකී අඩන එක පැත්තක දාලා මගෙන් අහනවා. ම්ම්ම්ම් කැතක් නෑ. එයා ලස්සනයි අමුතුම ලස්ස්නක් තින්නේ......

" නෑ මේ ඔයා ලස්සනයි ඒත් අඩද්දි කැතයි . ඒ හින්දා අඩන්න එපා. ඒක නෙවේ ඔයා කවුද .......?? "

මම මෙච්චර වෙලා මගේ හිතේ දැවෙමින් පැවතුන ප්‍රශ්නේ ඉදිරිපත් කලා.

Ghost princess  | KTH | [ Completed ]Where stories live. Discover now