chapter 14

501 98 8
                                    

" යා ටේහියොන්ශී ඉක්මනට නගින්නකෝ අප්පා ඔයාට වඩා ඉක්මනට ගොලුබෙල්ලෝ එනවා හලෝ. "

යෙනු ටේහියොන්ගෙ ඉස්සරහින් කදුමුදුනට නගින ගමන් කෑගහන්නේ ටේහියොන් හිමින් එන නිසා.

" මේ අක්කේ මේ තමුසේගේ ඔය හැකර කට වහනගන්නවාකෝ කැලේ සත්තුත් බය වෙලා දුවයි තමුසේගේ ගන්ටාර කටට. "

මේ දෙන්නටම පිටිපස්සෙන් එන යෙනුගේ මල්ලි කියද්දී යෙනු එතනම නතර වුනේ පොඩි එකාගේ කට තලනවා කියලා හිතාගෙන. මේ අතර ටේහියොන් හිටියේ සති තුනක් අක්කාගේයි මල්ලිගෙයි රණ්ඩු වලින් හෙම්බත් වෙලා.

" හරි හරි යෙනු එයා විහිලුවක්නේ කලේ ඕකට රණ්ඩු කරන්න ඔනේ නෑනේ . "

ටේහියොන් සාමදාන විනිසුරු වගේ දෙපැත්ත සන්සුන් කරද්දී කෙල්ල අසරණ ටේහියොන්ටත් රවලා අහක බලාගත්තේ ටේහියොන් හුස්මක් පහල දාලා ආපහු කෙල්ල පස්සේ යන්න පටන් ගත්තා.

" ඔම්මා........... මෙන්න කෑවා.......හයියූඌඌඌඌඌඌ........"

" ඇයි ඇයි මොකාද කෑවේ.............. "

යෙනු වගේ ටේහියොන්නුත් බය වෙලා ඉක්මනට යෙනුගේ මල්ලි ගාවට ගියේ කොල්ලගේ කෑගැහිල්ලට. ඒ කෑගැහිල්ලට අහල පහල ගස්වල වහලා හිටිය කුරුල්ලෝ පවා ඉගිලිලා ගියා . කොල්ලා කකුලත් අල්ලන් බිම වාඩි වෙලා අඩනවා.

" අනේ මාව කෑවා මේ කූඩැල්ලා ........"

කෙල්ලට තමන්ගේ මල්ලිව උස්සලා කන්දෙන් පහලට දාන්න හිතුනේ මෙච්චර ලොකු වෙලත් මේ මනුස්සයාගේ මොංගල් ගති එහෙන්ම නිසා. ටේහියොනුත් පපුවට අත තියාගෙන බලන් හිටියේ බය වෙලා වගේ.

" යකෝ මේ කූඩැල්ලා කෑවටද ඔච්චර හයියෙන් කෑගැහුවේ බූරුවෝ. මන් හිතුවා තමුසෙට නයෙක්වත් ගැහුවා කියලා. ගහන්න හිතයි කෙප්ප වස්සා තොට . මම බය වුනා ......."

යෙනු තමන්ගේ මල්ලිගේ ඔලුවට ගහන ගමන් කෑගහන්න ගත්තේ ඉන්න තැනත්  නොබලා.

" හරි හරි ඔය දෙන්නා ඕක නවත්ත ගන්න . මේ අපි ඉන්නේ කැලෑවක ගෙදර නෙවේ. පොඩි ලමයි වගේ නේ හරියට හැසිරෙන්නේ. කෝ යමු. "

ටේහියොන් දෙන්නටම කෑගහලා ඉස්සර වෙලා යද්දී අක්කා මල්ලි දෙන්නත් පස්සෙන්ම ගියා.

Ghost princess  | KTH | [ Completed ]Where stories live. Discover now