episode 5

607 101 10
                                    

දවසින් දවස හිමින් හිමින් ගෙවිලා ගියේ ටේ වගේම යෙනුව හුගක් ලං කරලා. ටේහියොන්ගේ හිතේ කෙල්ල වෙනු වෙන් ලොකු ඉඩක් වෙන් වෙලා තිබුනත් එයා එක කියන්න බය උනා. අනික මේ ඉන්නේ සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයි ආත්මයක්. මැරුණ කෙනෙක්. ඒත් ටේහියොන්ගේ ආදරේ එක අංශු මාත්‍රයකින්වත් අඩු වුනේ නෑ. කෙල්ලට නොදැනෙන්න ඔහු ඇයට ආදරේ කරා

එතකොට යෙනු ගත්තොත් එයා හිතා ගන්න බැරි හැගීම් ගොන්නක අතරමං වෙලා . ටේහියොන්ව දකින වාරයක් ගානේ අමුතුම හැගීමකින් හිතම පිරිලා යනකොට කෙල්ල බය උනා. මොකද ආදරේ එයාට අහිමි දෙයක්. මොකද එයා මනුස්සයෙක් නෙවෙයි. ඉතින් කෙල්ල බය උනා වගේම හුගක් දුක් උනා. අනේ මම ඇත්තටම ජීවත් උනා නම් කියන හැගීම කෙල්ලට දැනෙන්න ගත්තා. ඒත් මොනා කරන්නද එයාලගේ දෛවය එයාලත් එක්ක කරන සෙල්ලම එයාලට නවත්තන්න පුළුවන්කමක් නෑ .

" යෙනු මොකෝ දොර ඇරන් එන්නේ එච්චර ඩීසන් උනේ කවද්ද ? "

ටේහියොන් අහද්දී කෙල්ල ටේහියොන් ටත් රවලා ඇවිල්ලා ඇදෙන් වාඩි උනා.
කෙල්ලගේ ආත්මේ එන්න එන්නම දුර්වල වෙනවා වගෙ කෙල්ලට දැනෙන්න ගත්තේ කෙල්ලට පුලුවන් බලයන් එකක්වත් පාවිච්චි කරන්න බැරි වෙලා යද්දී . ඇගට මාරම මහන්සියක් දැනෙන්න ගත්තා පොඩි දෙයක් කරන්න ගත්තත්.

" ටේහියොන් අද කවද්ද ? "

කෙල්ල ටේහියොන් ගෙන් අහද්දී ටේහියොන් එයාගේ ලස්සන හිනාව දාලා හිනා වුනා.

" අද feb 9 අදට අපි හම්බ වෙලා අවුරුද්දක් වෙනවා. "

කෙල්ල ටේහියොන් දිහාම බලාගෙන හිටියේ කොල්ලාගේ හැසිරීම් , එහෙමෙහේ යන ඇස් , ලස්ස්න හිනාව දිහා.

" බැල්කනි එකට යමු මට කියන්න දෙයක් තියේ. "

කිසිම ශක්තියක් නැතුව හිටිය කෙක්ලව ඇදගෙන ටේහියොන් බැලකනි එකට දිව්වේ කෙල්ලත් පඩරැල වගේ කොල්ලා පස්සේ ඇදිලා යද්දී .

කිසි කතාවක් බහක් නැතුව දෙන්නම රෑ අහසේ ලස්සන බලන් හිටියා. කෙල්ල නම් හිටියේ දරාගන්න බැරි වේදනාවක් ඇගෙන් දැනෙන්න ගද්දි .

" යෙනු මට ඔයාට කියන්න දෙයක් තීනවා. මම ඇත්තටම දන්නේ නෑ මේක හරිද වැරදිද කියන්න ඒත් මම ඔයාට ආදරේ කරනවා. "

Ghost princess  | KTH | [ Completed ]Where stories live. Discover now