episode 17

737 96 37
                                    


6 years later .......

  " ඔය කේක් එක අල්ල එපා නම්ජූන් මන් හොද හිතින් කියන්නේ......"

ජින්ගේ කිංකිණි සවුන්ඩ් එක මුලු කිම් හවුස් එක පුරාම දෝංකාර දුන්නේ නිදාගෙන හිටිය පැටියෙක් නැගිටලා අඩන්න ගනිද්දී .

" මොකක්ද හියෝන්ග් කලේ බලන්නකෝ එයා ඇහැරුනානේ නිසූත් නෑ මන් කොහොමද මෙයාව නලවගන්නේ ......."

හොබී අතේ හිටිය බබාව නලවන්න උත්සාහ කරන ගමන් ජින් කෑගැහුවේ ජින් දිහා බල බල සැරින් සැරේ බණින ගමන්. අපේ ජන්ග් හේසොක් මහත්තයා දැන් අවුරුද්දක බබෙක් එන්න අප්පා කෙනෙක් දැන්. එදා හොස්පිට්ල් එකේදී යෙනුට ට්‍රීට්මන්ට් කරපු ඩොක්ටර් නිසූ තමයි හොබීගේ ජීවන සහකාරිය වුනේ.

" අපි ආවා......... "

ඒත් එක්කම දොරෙන් ඇතුලු උනේ ජිමින් එයාගේ චූටී පවුලත් එක්ක. චූටි කිව්වට එක චූටී නෑ.

" කෝ මීජී බබා මන් ගාවට එන්න ඔම්මට මහන්සිනේ. "

" අප්පා මමයි මීජී එයා ජීමී ඔයාට හැමදාම පැටලෙනවානේ....."

ජනීගේ අත අල්ලන් හිටපු එක වගේම චූටී කෙලිපොඩිත්තෝ දෙන්නගෙන් එක්කෙන් ජිමින්ට කියද්දී අනික් එක්කේනා කලේ ඔරවපු එක.

" හරි ඉතින් ඔය දෙන්නාම එක වගේනේ . එතකොට බෙල්ලේ බර්ත් මාර්ක් එක තින්නේ මීජිගේ නෙවේද ? "

" අනී අප්පා ඔයාට එකත් පැටලිලානේ එක තින්නේ ජීමීගේ . "

ජිමින් ඔලුවත් කසන ගමන් කෙල්ලෝ දෙන්නා දිහා බල බල බෙල්ල කැසුවේ ඉපදුන දවසේ ඉදන්ම ලමයි දෙන්නාව කොල්ලට පැටලෙන නිසා. කොටින්ම ජිමින් ට නමුත් මාරු වෙනවා. මේක බලන් හිටිය අනික් අයගෙත් ඔලුව කැරකෙන්න වගේ නිකන්. අපේ ජිමින් කොල්ලා එතකොට දැන් දෙදරුපියෙක් ලේසී නෑ කොල්ලට.

" ඔයාලගේ අප්පාට ඔයාලව මාරු නොවෙන්නේ drinks ගත්ත දාට විතරයි .........😑"

ජනී ජිමින් ට රවලා කිචන් එක පැත්තට යනකොට ජිමින් ගොං හිනාවක් දාලා කවුච් එකෙන් ඉදගත්තා.

" නම්ජූන් හියෝන්ග් කොහොමද ඉතින් . "

" හොදයි බන් වරදක් නෑ. "

Ghost princess  | KTH | [ Completed ]Where stories live. Discover now