chapter 15

557 89 8
                                    

Yenu pov.....

" අඩෝ නැගිටපන් උබ රස්සාවට යන්න ඔනේ නැගිටපන්......"

" වද නොදී පලයන් යකෝ මට නිදාගන්න දීලා පුදුම වදයක්නේ "

ජනීයට පයින් එකක් ගහලා මන් ආපහු ඩුවට් එක පොරවන් ඇස් පියා ගත්තේ තිබ්බ නිදිමතටමයි.

" හරි උබ නිදාගනින් එතකොට අද ටේහියොන්ශීගේ photo shoot එකට යන්නේ නැද්ද උබ "

එක ඇහුනා විතරයි මාව ඉන්න තැනින් නැගිට්ටුනේ බඩත් එක්ක කොරවෙලා යද්දී .

" අන්ද්වේ ...... වෙලාව කීයටද ? "

" 5.30.A.M. බන් "

" යකෝ තොට බැරි වුනාද මාව මීට කලින් ඇහැරන්න.. යකෝ මන් හයට ඉන්න ඔනේ නැත්නම් අර යකා මගේ ඔලුව කයි....."

මම ඇදෙන් බැහැලා බාතෲම් එකට දුවන්න ගිහින් ඩුවට් එකේ පැටලිලා බිමත් වැටුනා. අරකි නම් දමාගෙන හිනාවෙනවා එකිගේ ඇගට ඩුවට් එක විසි කරලා මන් කෙලින්ම බාතෲම් දිව්වා . ඉක්මනට වොෂ් කරන් ඇවිල්ලා ඩෙනිම ටී එක දාගෙන පහලට දිව්වේ ටේහියොන්ගේ නපුරු මූණ මැවි මැවී කොන්ඩේ පීරුවෙත් නෑ කමක් නෑ පනාව දාගත්තා.

" ආ මෙක අරන් පලයන් තොගේ හැටි දන්න නිසාම උදේට කෑම මන් හැදුවා. කලින් නැගිටලා. "

" අඩෝ උබ දෙයියෙක් බන් ජිමින් ඔප්පාගේ වාසනාව ඉතින් . මන් යනවා ඩාලින් නැත්නම් අර පුල්ලි කොටියා මාව කයි......"

මම ජනියාට හග් එකක් දිලා බැග් එකත් එල්ලන් ජනියා දුන්න කෑම මල්ලත් උස්සන් පාර ලගට දිව්වා. කඩවුලේ මට මොකක්ද මේ වුනේ මම පාර දිගේ දුවන ගමන් කල්පනා කලේ එක. ලංකාවේ ඉදන් කොරියාවට ඇවිල්ලා දැන් මාස තුනක් විතර වෙන්න එනවා. ඒ ඇවිල්ලා මන් සතියයි ආතල් එකේ හිටියේ. මන් නිකමට දාපු ඇප්ලිකේශන් එකට හයිබ් එකෙන් මට ඉන්ටවිව් එකකට කතා කලා. කොහොමත් මන් බැදලත් නැති එකේ ඕකේ ජොබ් එක කොහොමත් හම්බෙන්නේ නෑනේ කියලා හිත හදාගන ගිය මට ජොබ් එක සෙට් වුනා. Idol කෙනෙක්ගේ ඇසිස්ටන් පොස්ට් එකක් තමා හම්බුනේ. ඔක්කොම contract සයින් කරලා අන්තිමට තමයි එයාලා මට idol කවුද කිව්වේ. අන්තිමට මන් ඈත්වෙලා ඉන්න ට්‍රයි කරන මනුස්සයාගෙම ඇසිස්ටන් වෙන්න මට වුනේ. ඇයි මට මෙහෙම වෙන්නේ .

Ghost princess  | KTH | [ Completed ]Where stories live. Discover now