chapter 10

569 103 10
                                    


Week last ........

" මේ බන් දැන් යමන් කෝ ඔයී හොදයි නේ බන් දැන්."

යෙනු කන්කෙදිරි ගාන්නේ ජනීට.

" නටන්නේ නැතුව හිටපන් තාම මන් නැතුව ඇවිද ගන්නත් බෑ මෙතන යන් ගානවා. මට බෑ යුන්ගි ඔප්පාගෙන් බැනුම් අහන්න මතකයි නේ. "

ජනි යෙනුට දැඩි අවවාද නිකුත් කරද්දී කෙල්ලගේ කට නිකන්ම වැහිලා ගියේ යුන්ගි ගේ නපුරු මූණ මතක් වෙලා. ජනීට කෝල් එකක් එනවත් එක්කම කෙල්ල කාමරෙන් එලියට ගියා. ආපහු ටිකකින් කාමරේට දුවගෙන ආවේ කුලප්පු වෙච්චි හරකෙක් වගේ.

" අඩෝ අඩෝ අද ඔප්පලා ඔක්කොම මෙහේ එනවලු......."

ජනී පොඩි ඩාන්ස් කැල්ලකුත් දාන ගමන් එහාට මෙහාට ඇඹරෙන්න ගත්තේ ගැරඩින්ට භූමිතෙල් ගහලා වගේ .

" ටේහියොන්ශිත් එනවද ? "

" ඔව් ඔව්....

මේ අපි යමු කෑම ලෑස්ති කරන්න එයාලට අපේ රටේ කෑම හදලා දෙමු. "

ජනියා යෙනුගේ අතේ පොඩි එකෙක් වගේ එල්ලිලා අහද්දී කෙල්ලට බෑ කියන්න පුළුවන් වුනේ නෑ. අනික් අතට බෑ කිව්වත් ජනි නවත්තන එකක්ද නෑ නේ කොහොමත් එකයිනේ කියලා අන්තිමට කැමති වුනා.

" අජ්ජුම්මා ඔයා ගෙදර යන්න අද අපි දෙන්නා උයන්නම්. ඔයා යන්න. "

ඩබල එක්ක කුස්සියට ඇවිල්ලා.ගෙදර වැඩට ඉන්න අජ්ජුම්මාවත්  ගෙදර යවලා වැඩ පටන් ගත්තා.

" උබ උයපන් එහෙනම් මම ඩෙසට් එක හදන්නම්. "

යෙනු කියද්දී ජනි ඔලුව හොල්ලලා හා කියලා කිව්වා.

" අඩෝ එක නෙවේ මොනාද බන් හදන්නේ ? . මීට කලින් අම්මා හදලා දෙන දෙයක් කනවා ඇරෙන්න පලවෙනි පාරටනේ බන් මෙහෙම හෙන සෙට් එකකට උයන්නේ. "

ජනි යෙනුගෙන් අහද්දී කෙලත් කලේ කල්පනා කරන එක.

" ප්‍රයිඩ් රයිස් හදලා , චිකන් මිරිසටයි , පරිප්පුයි , සැලඩ් එකකුයි , ඉස්සෝ , කජු මාලුවකුයි . ඒ හොදයි නේ ? "

" අඩෝ එක මරු බන්. එහෙනම් ඒක හදමු අතුරුපසට වටලප්පමයි මාෂ්මෙලෝ පුඩිමයි හදමු. "

කෙල්ලෝ දෙන්නා හදන ඒවා තීරණේ කරලා වැඩපටන් ගත්තා. යෙනුට නම් හිටගෙන ඉන්න බැරි නිසා වාඩිවෙලා තමයි වැඩ කරන්න ගත්තේ කෙල්ල මුලින්ම හැදුවේ මාෂ්මෙලෝ පුඩිම එක ලේසියෙන් වැඩිවෙලාවක් නොයා හදාගත්ත නිසා වටලප්පම හදන්න ඕනේ කරන බඩු ටික කෙල්ල බෝල් එකට එකතු කරන ගමන් හිටියේ. ඊලගට ජනි කෙල්ලත් දාගෙන වැඩ.

Ghost princess  | KTH | [ Completed ]Where stories live. Discover now