ᑕᕼᗩᑭTᗴᖇ 02 🖤

1.1K 221 42
                                    

Yoongi Pov

මම වෙනදා වගේ හොබියා එක්ක යුනි එකට ආවා වෙනසක් නැ අදත් කෙල්ලො අපි දෙන්නාව වට කරගත්තා හැමදාම මුන් අපිව දකිනවා නිකන් හැසිරෙන්නේ අවුරුද්දකින් දකිනවා වගේ මොන රෙද්දක් ද මන්දා

හොබියා නම් හිනා වෙලා සුහදව හිටියාත් මම නම් හිනා වෙන්නේ නැ ඇත්තම කිව්වොත් මම හිනා නොවෙන තරම් මම නිදහසේ ඉන්න කැමති කෙනෙක් වැඩිය සද්ද වලට කැමති නැ මම හොබියා එක්ක ඉස්සරහට යද්දී දැක්කේ සයිකොව

මම කෙල්ලට කතා කලත් ඒකි ඇහුනේ නැ වගේ යන්න හදපු නිසා මම ආපහු කතා කලා මම කෙල්ලගේ ඉස්සරහට ගියා මේකි හිතන ඒවා කියවන්න ගියාම මට පිස්සු හැදෙන්නේ ඒ නිසාමයි මම සයිකෝ කියලා නම දැම්මෙත්

දැන් හිතනවා ඇති නේ මම කොහොමද මේකි හිතන ඒවා දන්නේ කියලා මට කෙනෙක්ගේ ඇස් දිහා බලලා හිත කියවන්න පුලුවන් ඒක දන්නේ හොබියා විතරයි

ජන්ග්මි ආපු මුල්ම දවසේම මගේ ඇගේ ජූස් එකක් ඉහිරවලා ඒකට මට ම කෑගැහුවා නැ ඇත්තටම ජන්ග්මි සමාව ඉල්ලුවත් මම හිටියේ කේන්තියෙන් නිසා මම ජන්ග්මිට කෑගැහුවා කෙල්ලත් මට බැන්නා කටින් විතරක් බැරී යැ මේකි මට හිතිනුත් බනිනවා නේ ඉතින් එදා පටන් ගත්ත තරහ අදටත් එහෙමයි ජන්ග්මි මියුසික් ෆැකල්ටි එකේ නිසා කෙල්ලට වද දෙන එකේ සීමාවක් තිබුණේ නැ

ජන්ග්මි අද නම් බේරුනේ එයාගේ යාලුවා නිසා ලෙක්චර් එක ඉවර වුනාම ඕන තැනක එක්කන් යන්න කිව්වාම ජන්ග්මිගේ මූන තැලිලා පොඩි වෙලා ගියා කෙල්ලගේ මූන දැක්කාම ඕන කෙනෙක්ට හිනා යනවා මම කෙල්ලව පස්සේ අල්ල ගන්නවා කියලා හිතාගෙන ගියා උදේ අපිට එකක් නොතිබුනු නිසා මම cafeteria එකට ගියා හොබියා dancing practice වලට ගියා

පැය දෙකකට විතර පස්සේ කෙල්ල ආවා මාව දැක්ක ගමන් අනිත් පැත්ත හැරිලා දුවන්න හැදුවේ ඒවා කොහෙද ඉතින් මං එක්ක

" ඒයී සයිකෝ "

Cafeteria එකේ ඉදපු හැමෝම මගේ පැත්ත බලද්දී මම නැගිටලා සයිකෝ ලගට ගියා යුනි එකේ හැමෝම වගේ දන්නවා මම ජන්ග්මිට කතා කරන්නේ සයිකෝ කියලා මම සයිකෝ ලගට ගියාම කෙල්ල මගේ පැත්තට හැරුනා

Heart Reader❤️🖤||MYG||✔️Where stories live. Discover now