ᑕᕼᗩᑭTᗴᖇ 06 🖤

939 194 17
                                    

යුංගි mansion එකට ගියේ ජන්ග්මි ගැන හිතන ගමන් ජන්ග්මිගේ පිස්සු වැඩ මතක් වෙන හැම වෙලාවකම කොල්ලාගේ මූනේ කලාතුරකින් ඇදෙන ලස්සන හිනාවක් තිබුනා කොල්ලා mansion එක ඇතුලට යනකොට දැක්කේ මිසිස් මින් ඒ කිව්වේ සෝහි මිස්ටර් මින් එක්ක අත් අල්ලාගෙන සතුටින් කතා කර කර ඉන්න විදිය ඒක දැක්කාම කොල්ලාට තරහ ගියා ඊට වඩා දුක හිතුනා මිස්ටර් මින් යුංගිගේ ඔම්මාගේ තැන වෙන කෙනෙක්ට දීපු එක ගැන

කොල්ලා ඉක්මනට එතැනින් යන්න හැදුවත් මිසිස් මින් කොල්ලාට කතා කලා කොල්ලා එහෙම්ම නැවතුනා

" යුංගි පුතා... එන්න මෙහෙට "

කොල්ලා හැරෙන්නේ නැතුව එහෙම්ම හිටියා

" යුංගි තමුසෙට ඔම්මා කතා කරනවා..."

යුංගිගේ අප්පා සැරෙන් කියද්දී අත මිට මොලවාගෙන හැරුනා

" මොකද්ද කියන්න තියෙන්නේ "

යුංගි ඇහුවේ ඕනවට එපාවට වගේ

" පුතා තව ටික කාලෙකින් degree අරගෙන යුනි එකෙන් අවුට් වෙනවා නේ "

" ඉතින්...."

" ඉතින් පුතා අපි ඔයාට proposal එකක් ගෙනාවා "

" WTF....!!"

" Mind your language yoongi "

මිස්ටර් මින් තරහින් කියද්දී යුංගි සමච්චලේට වගේ හිනා වුනා

" මම කැමති නැ "

'" කෙල්ල කවුද කියලා දකින්නේවත් කොහොමද පුතා ඔයා අකමැතියි කියන්නේ "

මිසිස් මින් ඇහුවා

" අකමැති නිසා "

කොල්ලා එහෙම කියලා යන්න හදලා ආපහු නැවතුනේ මිස්ටර් මින් කිව්ව දේ නිසා

" තමුසේ අද මහ පාරේ බදාගෙන හිටපු හිගන කෙල්ල නිසා ද "

යුංගි අකුනක් ගැහුවා වගේ මිස්ටර් මින් දිහාට හැරුණේ කා ගැන ද කියන්නේ දන්න නිසා

" ජන්ග්මිට වචනයක්වත් කියන්න එපා මිස්ටර් මින් "

Heart Reader❤️🖤||MYG||✔️Where stories live. Discover now