ᑕᕼᗩᑭTᗴᖇ 05 🖤

961 200 34
                                    


" යාහ්හ්... මොකද්ද ඒ වුනේ ඒ පූස් තඩියා මාව කිස් කලා නැ ඒක කොහොමද කිස් එකක් වෙන්නේ
ඒත් ඒකාගේ පූස් තොල් මගේ තොල් වල ගෑවුනා
මෙච්චර ලොකු දඩුවමක් දෙන්න මම මොකද්ද කරපු වරද... මම කොහොමද යකෝ සමාජෙට මුහුන දෙන්නේ හනේ මගේ නම්බුව...
ඔම්මා මියානේ සෙයුල්ගියා මියානේ.... "

ලෙක්චර් හෝල් එකේ කොනකට වෙලා තනියෙන් කියවන ජන්ග්මි දිහා සෙයුල්ගි බලාගෙන හිටියේ මේ ගෑනිට මොන යකා ගහලා ද කියලා හිතන ගමන්

" මොකද උබට වෙලා තියෙන්නේ ආ පිස්සුව තද වෙලා ද මන්තර කියන්න වගේ මුමුනන්නේ "

" උබ කට වහගෙන හිටපන් "

" මොකද්ද යකෝ තොට වෙලා තියෙන්නේ මෝහිනි ඔන්නි ගහලා වගේ "

මම කොහොමද යකෝ මුඛය ඇරලා කියන්නේ මගේ අහිංසක පරම පිවිතුරු නිකලැල් ෆස්ට් කිස් එක පූස් නාම්බෙක් විසින් හොරකම් කලා කියලා මෙවන් විපතක් හතුරෙක්ටවත් වෙන්න එපා හතුරෙක්ට නොවුනාට මගේ පාප මිතුරියට මෙහෙම දෙයක් වෙන්න ඕන

ජන්ග්මි හිතින් කුරිරු ලෙස හිනා වෙන ගමන් හිතුවා ඒත් එක්කම lecturer hall එකට ආපු නිසා දෙන්නා කට වහගත්තා ජන්ග්මිට කොයිවෙලෙත් මතක් වෙන්නේ යුංගි එයාව කිස් කරපු විදිය

" යාහ්හ්හ් එපා...."

ජන්ග්මි ලෙක්චර් හෝල් එක දෙක වෙන්න කෑගැහුවා හෝල් එකේ ඉදපු හැමෝම ජන්ග්මි දිහාට හැරෙද්දී තමයි කෙල්ලට තේරුනේ සද්දේ වැඩි වුනා කියලා lecturer කෙල්ල පැත්තට හැරිලා දාගෙන හිටපු තඩි පොල් සයිස් කන්නාඩිය උඩට උස්සගන්න ගමන් කෙල්ලට මාරාන්තික බැල්ලමක් හෙලුවා

" පාර්ක් ජන්ග්මි...... නැගිටිනවා...තමුසේ හීන දැකලා මෙතන කෑගහන්නේ ගෙදර කියලා හිතාගෙන ද "

දැන් නම් ජන්ග්මිට ඇඩෙන්න වගේ

" මියානේ සර්..."

Heart Reader❤️🖤||MYG||✔️Where stories live. Discover now