ᑕᕼᗩᑭTᗴᖇ 18 🖤

751 165 38
                                    

දොර ඇරගෙන ආවේ හෝසොක්.....යුංගි හෝසොක් දිහා කේන්තියෙන් බලාගෙන හිටියේ එයාට හරියට ජන්ග්මිව කිස් කරන්න බැරී වුනු නිසා හෝසොක් තාම යුංගි ජන්ග්මි දිහා ඇස් දෙක බෝල කරගෙන බලාගෙන ඉන්නවා ජන්ග්මිගේ කම්බුල් රෝස පාට වෙලා කෙල්ල යටි තොලත් හපාගෙන බිම බලාගත්තා

" මියානේ.... continue කරගෙන යන්න මම යනවෝ.."

හෝසොක් එහෙම කියාගෙන ගියා

" මෝඩ අස්පයා.. මූඩ් එක කාලා continue කරගෙන  යන්න ලු.."

යුංගි මිමිනුවා ජන්ග්මි හිනා වුනේ යුංගි කියපුවා කෙල්ලට ඇහුනු නිසා

" මොකද හිනා වෙන්නේ.."

යුංගි අහනකොට කෙල්ල මුකුත් නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා

" ආ..මේක බීලා ඉන්නවා "

යුංගි එහෙම කියලා කෙල්ලගේ අතට කොෆි එක දීලා නැගිට්ටා

" පූසෝ ඔච්චර කේන්ති ගන්න එපා.."

ජන්ග්මි කිව්වාම යන්න ගියපු යුංගි ආපහු හැරිලා කෙල්ල ලගට ඇවිත් ජන්ග්මිගේ කම්බුල හැපුවා

" යාහ්හ්හ් යුංගියා...එහාට වෙනවා මෝඩ පූසෝ මට රිදෙනවා "

කෙල්ල කොච්චර කෑගැහුවත් යුංගි කෙල්ලව අතහැරියේ එයාට ඕන වෙලාවට

" ආපහු පූසා කිව්වොත් හපලා හපලා දානවා "

යුංගි එහෙම කියලා යන්න ගියේ ජන්ග්මි රවාගෙන බලාගෙන ඉදිද්දී

" නපුරු පූස් තඩියා.."

ජන්ග්මි මිමිනුවේ යුංගි යන දිහා බලාගෙන හිනා වෙන ගමන් යුංගි පහලට යනකොට හෝසොක් සෙයුල්ගි දෙන්නා living room එකට වෙලා හිනා වෙවී ඉන්නවා

" ඔයා දන්නවා ද සෙයුල්ගි මම යනකොට යුංගි.."

හෝසොක්ට එච්චරයි කියන්න හම්බුනේ යුංගි පිටිපස්සෙන් ඇවිත් හෝසොක්ගේ ඔලුවට ගැහුවා

" රිදෙනවා පූසෝ..."

" රිදෙන්න තමයි තොට ගැහුවේ "

Heart Reader❤️🖤||MYG||✔️Where stories live. Discover now