ᑕᕼᗩᑭTᗴᖇ 17 🖤

788 171 8
                                    

Next Day Morning

යුංගිගේ පපුව උඩ මොනාහරි තියෙනවා වගේ දැනෙද්දී කොල්ලා කම්මැලිකමේ ඇස් පොඩි කරන ගමන් ඇහැරුනා එතකොට තමයි දැක්කේ එයාගේ පපුව උඩ ඔලුව තියාගෙන කකුලක් එයාගේ ඇගට දාගෙන සැපට නිදාගෙන ඉන්න එයාගේ සයිකෝ..

යුංගි හිනා වෙලා කෙල්ලගේ සිනිදු කොන්ඩේ අතරේ අතැගිලි යවලා ඔලුව අතගෑවා එතකොට ජන්ග්මි යුංගිගේ ඉන වටේ අතකුත් දාලා කොල්ලාගේ උනුසුමට තවත් තුරුල් වුනා යුංගිට දැන් හෙලවෙන්නවත් බැ ඉතින්

ටිකකින් ජන්ග්මි ඇස් ඇරියේ ඔලුව පැලෙන්න තරම් රිදෙන නිසා ඒත් එයාට සනීපයක් දැනුනේ යුංගි ඔලුව අතගාන නිසා ඒත් කෙල්ල එකපාරට අකුනක් ගැහුවා වගේ නැගිටලා ඇදෙන් බහින්න යද්දී බෙඩ්ශීට් එකේ කකුල පටලැවිලා බිම පතබෑවුනා යුංගි නැගිටලා ඇදෙන් වාඩි වුනා ජන්ග්මි ගෙම්බා පොලේ ගහලා වගේ බිම වැටිලා ඉන්න විදිය දැකලා යුංගිට හිනා ගියා

" තමුසෙට තාම වෙරි ද සයිකෝ..."

යුංගි ඇහුවේ බිම වාඩිවෙලා තමන්ට රවාගෙන ඉන්න කෙල්ලගෙන් යුංගි ඇදෙන් බැහැලා කෙල්ලට අත දික් කලත් ජන්ග්මි අහක බලාගත්තා එතකොට යුංගිගේ හිනාව වැඩි වුනා

" මොකද හිනා වෙන්නේ ආ.. "

ජන්ග්මි යුංගි දිහා බලලා ඇහුවා

" ඊයේ යුංගිව ඕන කියලා අඩපු කෙල්ල නේද මේ කියලා කල්පනා කලේ.."

" යාහ්හ් තමුසෙට පිස්සු ද..."

යුංගි කෙල්ලව බලෙන් නැගිට්ටවලා ඇදෙන් වාඩි කලා

" හොදට කල්පනා කලොත් මතක් වෙයි.."

" මොහ්.."

කෙල්ල දහ අතේ දාගෙන කල්පනා කලා

හෝසොක් ඔප්පා හම්බුනා ඊට පස්සේ හිතේ දුකටයි කාලෙකින් බිව්වේ නැති නිසා බිව්වා ඊට පස්සේ මුකුත් මතක නැ අයිෂ්.. ඔලුවත් රිදෙනවා මම කොහොමද යුංගි ලගට ආවේ එතකොට මම දැන් කොහෙද ඉන්නේ ඔම්මා සෙයුල්ගි දන්නවා ද මම මෙහේ කියලා ඔම්මා දැනගත්තොත් මම යුංගි එක්ක කියලා දහඅට සන්නිය නටලා මිස්ටර් මනාලස්ට බන්දේසියක තියලා වෙන්දේසි කරයි

Heart Reader❤️🖤||MYG||✔️Where stories live. Discover now