ᑕᕼᗩᑭTᗴᖇ 16 🖤

798 174 31
                                    

ජන්ග්මි හෝසොක් කියපු දේවල් මතක් කරන ගමන් පාර දිගේ ඇවිදගෙන ගියා යුංගිට කතා කරපු විදියට කෙල්ලට මතක් වෙද්දී ජන්ග්මිට දුක හිතුනා ඒත් යේරා යුංගිව හග් කරගෙන හිටපු විදිය මතක් වෙද්දී කෙල්ලට තරහ ගියා

මේ අවස්ථාව වන විට ජන්ග්මිගේ මොලය පිස්සන් කොටුවකට වඩා අන්තයි කෙල්ල අත් දෙකෙන් කොන්ඩේ අවුල් කරගත්තේ මහ පාර කියලා අමතක වෙද්දී පාරේ යන මිනිස්සු පිස්සෙක් දිහා බලනවා වගේ ජන්ග්මි දිහා බල බලා යනවා ඒත් කෙල්ලට ගානක් නැ

__________________________

මේ අතරේ යුංගි හිටියේ ජින්ගේ කැබින් එකට වෙලා කොල්ලා කොන්ඩේ අතරේ අතරේ අතැගිලි යවමින් කල්පනා කලේ කෙල්ලව කොහොමද යාලු කරගන්නේ කියලා ජන්ග්මිව යුංගිගේ ලගට යැව්ව එක ගැන ජින් පසුතැව්නා ඒත් එක්කම කැබින් එකට ආවේ හෝසොක්

" මොකද මේ..."

හෝසොක් එහෙම අහගෙන යුංගිගේ එහා පැත්තෙන් වාඩිවුනා

" ජන්ග්මි යුංගි යේරා එක්ක ඉන්නවා දැකලා යුංගිට බැනලා ජන්ග්මි ගිහින් "

ජින් කිව්වාම හෝසොක් යුංගි දිහා බැලුවා

" හෙට උදේ වෙනකොට කෙල්ල උබට කතා කරනවා ඒක නිසා බය නොවී හිටපන් "

හෝසොක් යුංගිගේ පිටට තට්ටුවක් දාලා කිව්වාම ජින් යුංගි දෙන්නාම හෝසොක් දිහා බැලුවා

" මොකද උබලා ඔහොම බලන්නේ "

හෝසොක් ඇහුවේ තමන් දිහා කන්න වගේ බලාගෙන ඉන්න ජෝඩුව දිහා බලන ගමන්

" උබ කොහොමද එහෙම කියන්නේ "

" මම ජන්ග්මි එක්ක කතා කරලා ඔක්කොම පැහැදිලි කරලා දුන්නා මම හිතන්නේ කෙල්ල මම කියපු දේවල් තේරුම් ගත්තා දැන් ඉතින් ඔය ගැන හිතන්න එපා බන් කෙල්ල උබ එක්ක කතා කරයි "

හෝසොක් එයාගේ සුපුරුදු හිනාව දාලා කිව්වා

" එයා කතා කලේ නැත්නම්......"

" උබ ගිහින් කතා කරපන් "

ජින් කිව්වාම යුංගි ඔලුව වැනුවා

" යුනි එකේ අලි ඔලුවෙන් හිටපු කොල්ලාට කෙල්ලෙක් හින්දා වෙච්ච දෙයක් "

Heart Reader❤️🖤||MYG||✔️Where stories live. Discover now