ᑕᕼᗩᑭTᗴᖇ 22 🖤

785 170 15
                                    

යුංගි ජන්ග්මිත් එක්කගෙන ආවේ කිචන් එකට

" මම මොනාහරි හදන්නම් "

යුංගි එහෙම කියලා ජන්ග්මිව කිචන් එකේ කවුන්ටරේ උඩින් ඉන්දුවා කෙල්ලත් කකුල් දෙක වන වනා පොඩි බබෙක් වගේ යුංගි දිහා බලාගෙන හිටියා යුංගි කපන කපන කැරට් කෑල්ල කෙල්ල පටන් ගත්තා

" සයිකෝ...තමුසේ මගෙන් ගුටි කනවා.."

" ගුටි කෑවාට බඩ පිරෙන්නේ නැ ඒක නිසා කැරට් කරන්නේ "

එහෙම කියලා ආපහු කැරට් කෑල්ලක් ගන්න හදනකොට යුංගි කෙල්ලගේ අතට ගැහුවා ජන්ග්මිගේ කෝලම් මැද්දේ යුංගි කොහොමහරි උයලා ඉවර කලා උයනවාට වඩා යුංගිට සිද්ධ වුනේ කපන එලවලු ටික ජන්ග්මිගෙන් පරිස්සම් කරගන්න එක

යුංගි dinning table එක  උඩින් කෑම ටික තියලා කවුන්ටරේ උඩ වාඩිවෙලා කකුල් පද්ද පද්ද ඉන්න කෙල්ල ලගට ආවා ජන්ග්මි යුංගිට රවලා අහක බලාගත්තා

" යාහ්හ් බබා මාත් එක්ක තරහ වෙලා ද "

යුංගි ඇහුවේ කෙල්ලගේ කකුල් අතරට ඇවිත් ජන්ග්මිගේ ඉන වටේ අතක් යවලා ලං කරගන්න ගමන්

" මම බබෙක් නෙවෙයි "

" මට නම් බබෙක් තමයි "

යුංගි එහෙම කියන ගමන් කෙල්ලගේ මූනට වැටිලා තිබුණු කොන්ඩ කැරැල්ලක් කන පිටුපස රැදෙව්වා ජන්ග්මි අත් දෙකත් බැදගෙන තාම අහක බලාගෙන ඉන්නවා යුංගි එකපාරට කෙල්ලව උස්සලා ගත්ත නිසා එයා යුංගිගේ ඉන වටේ කකුලුත් පටලවගෙන යුංගිගේ බෙල්ල බදාගත්තා යුංගි හිනා වුනා

" හිනා වෙන්න ඕන නැ කොන්ද කඩාගන්න ඕන් නැති නිසා අල්ලගත්තේ "

ජන්ග්මි උඩ බලාගෙන කිව්වා

" හරි ඉතින් මම ඇහුවේ නැ නේ "

යුංගි එහෙම කියන ගමන් ගිහින් dinning table එකෙන් වාඩිවුනේ ජන්ග්මි උකුලේ ඉදිද්දී යුංගි බලාගෙන හිටියේ තරහින් මූනත් පුම්බගෙන අහක බලාගෙන ඉන්න ජන්ග්මි දිහා

" බඩගිනියි කිව්ව නේ දැන් කන්න "

" මට එපා "

Heart Reader❤️🖤||MYG||✔️Where stories live. Discover now