ᑕᕼᗩᑭTᗴᖇ 08 🖤

808 201 20
                                    

හන් ගගේ සීතල සුලං දසත විසිරි යද්දී වීදි ලාම්පු වල කහ පැහැති ආලෝක ධාරා සෝල් නගරයේ අදුර මැකුවා සද නැති අහසේ පුංචි තරු කැට සෝල්  නගරයේ අහස ලස්සන කලා වීදි පුරා දිව යන කලබලකාරී වාහන රාත්‍රි කාලයේදී ද සෝල් නගරය නිදි නැති බවට සාක්ෂි දැරුවා

හන් ගගේ සීතල සුලං රැලි වල පහස විදිමින් ජන්ග්මි හිටියේ පාලමේ බැම්මට අත් තියාගෙන ඇස් පියාගෙන හිටියේ කෙල්ලගේ අකීකරු කොන්ඩ කැරලි කෙල්ලගේ මූනට වැටුනේ එයාගේ නිදහසට බාධා කරන්න වගේ

" අයිෂ් මේ කොන්ඩේ...."

කෙල්ල කොන්ඩේට බැන බැන කොන්ඩේ ගැට ගහගත්තා ටික වෙලාවක් එතැන ඉදලා යන්න හදපු කෙල්ල කකුල පටලැවිලා වැටෙන්න යනකොට පිටිපස්සෙන් ආපු ශක්තිමත් අතක් කෙල්ලගේ ඉන වටේ එතුනා ඒත් එක්කම එයා කාගේ හරි පපුවකට හිර වෙනවා දැනුනා

මුලදී දැගලුවත් ඒ අතේ අයිතිකාරයා කවුද කියලා තේරෙද්දී කෙල්ල දගලන එක නැවැත්තුවා කෙල්ලගේ ඇස් කදුලු වලින් තෙත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ අනිත් අතත් ජන්ග්මිගේ ඉන වටේ යවලා කෙල්ලගේ උරහිස උඩින් නිකට තියාගත්තා

" වේ දැන් අඩන්නේ...."

අවුරුදු ගානකින් ඒ කටහඬ ඇහෙනකොට කෙල්ල හයියෙන් අඩන්න පටන් ගත්තා යුංගි කෙල්ලව තමන්ගේ පැත්තට හරවගෙන කෙල්ලගේ කදුලු පිහිදුවා

" යාහ්හ් තමුසේ මොකද පොඩි එකෙක් වගේ අඩන්නේ "

යුංගි කෙල්ලගේ මූන දෝතට අරගෙන කිව්වා ජන්ග්මි යුංගිව තල්ලු කලා

" තමුසේ මාත් එක්ක කතා කරන්න එපා තමුසේ මට නොකියා ගියේ මොකද ආ "

ජන්ග්මි අහද්දී යුංගි කෙල්ලගේ අතකින් ඇදලා තුරුල් කරගත්තා

" මියානේ....."

යුංගි කියද්දී කෙල්ල යුංගිගේ ශර්ට් එකේ කොනකින් අල්ලාගෙන අඩන්න පටන් ගත්තා

" යාහ්හ් ජන්ග්මි නැගිටපන් ගෑනියේ තමුසේ මැරිලා ද ඕයී...."

සෙයුල්ගිගේ කෑගැහිල්ලට ජන්ග්මි ගැස්සිලා නැගිට්ටේ

ඕමෝ ඒක හීනයක් ද යකෝ ඒත් හීනයක් කොහොමද එච්චර තාත්වික විදියට පේන්නේ අයිෂ් ඒත් මොන මගුලකටමම ඇඩුවේ මට දැන් පිස්සු හැදීගෙන එනවා අහෝ කඩවලේ හෙල්ප් මී අනියා එපා වේන්ඩාම් නහී හේ කඩවලේ ඔයාගේ වැඩක් කරගන්න මම වෙන කාගෙන් හරි උදව්වක් ගන්නම් කඩවලේ මගෙන් ආතල් ගන්නවා නේ

Heart Reader❤️🖤||MYG||✔️Where stories live. Discover now