ᑕᕼᗩᑭTᗴᖇ 09 🖤

816 186 32
                                    

යුංගි ටිකකින් ඇතුලට ගියා ජන්ග්මි යුංගිව දැකලා අහක බලාගත්තා කොල්ලා ඒක ගනන් නොගෙන උඩට ගියේ ජින්ගේ කෑගැහිල්ල mansion එක  දෙවනත් කරද්දී

හවස් වෙනකම් ජින් එක්කයි හෝසොක් එක්කයි කතා කර කර ඉදපු කෙල්ලෝ යන්න ලෑස්ති වුනා යුංගි නම් උඩ තට්ටුවට වෙලා ජන්ග්මි දිහා බලාගෙන හිටියා යුංගිට හිතුනේ ඉස්සර ඉදපු පිස්සු කෙල්ල පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැ කියලා කොල්ලා හැමතිස්සේම හිටියේ ජන්ග්මිගේ ඇස් දිහා බලාගෙන කෙල්ල සමහර වෙලාවට හිතන ගොන් කතාවලට යුංගිට මැරෙන්න හිනා

" ජින් ඔප්පා හොබී ඔප්පා අපි යන්නම් "

ජන්ග්මි හිනා වෙලා කිව්වා

" කෝ යුංගි ඔප්පා "

සෙයුල්ගි අහද්දී ජන්ග්මි බැලුවේ උබට මොකටද ඒක වගේ බැල්ලමක් ඒත් එක්කම යුංගි පහලට ආවා

" ඔය එන්නේ "

හෝසොක් කියද්දී සෙයුල්ගි යුංගි දිහා බැලුවා ජන්ග්මි යුංගිට රවලා අහක බලාගත්තා

" යුංගි ඔප්පා අපි යන්නම් "

යුංගි ඔලුව වැනුවේ හා කියන්න

" මම නේ එක්කගෙන ආවේ මම ම එක්කගෙන යන්නම් "

හෝසොක් කියද්දී කෙල්ලෝ දෙන්නා හිනා වුනා හෝසොක් ඉස්සර වෙලා යද්දී සෙයුල්ගි හෝසොක් එක්කම ගියා ජන්ග්මි පිටිපස්සෙන් යද්දී යුංගි කෙල්ලගේ අතින් ඇදලා අරගෙන නලලට හාදුවක් තැවරුවේ ජන්ග්මිගේ ඇස් පුදුමෙන් ලොකු වෙද්දී ජින් කට ඇරගෙන බලාගෙන ඉන්නවා එකපාරට මොකද වුනේ කියලා හිතන ගමන්

" පරිස්සමින් යන්න "

යුංගි ගොරෝසු කටහඩින් ජන්ග්මිගේ කනට කරලා කියද්දී කෙල්ලගේ කශේරුව දිගේ කරන්ට් එකක් ගියා වගේ යුංගි ජන්ග්මිගෙන් ඈත් වෙනකොට කෙල්ල දුවලා ගියේ මූනත් රතු කරගෙන යුංගි කොන්ඩේ අතින් අවුල් කරගන්න ගමන් පිටිපස්සේ හැරෙද්දී තමයි දැක්කේ ඇස් හීනි කරගෙන බලාගෙන ඉන්න ජින්ව

" ජින් හියුන්ග්...."

" යේ උබේ හියුන්ග් තමයි යකෝ ඔහොම හැසිරෙන්න එපා තනිකඩ මගේ ඉස්සරහ තනිකඩ මගේ හිත පෑරෙනවා යකෝ පෙම් සිත රිදුනා රත්තරනේ "

Heart Reader❤️🖤||MYG||✔️Where stories live. Discover now