ᑕᕼᗩᑭTᗴᖇ 14 🖤

789 180 20
                                    

ජන්ග්මි කොල්ලාට සුප් එක පොවලා බෙහෙතුත් දීලා යුංගි නිදාගන්නකම් ඉදලා කෙල්ල ආවා එතකොට සෙයුල්ගි ඇවිත් හෝසොක් එක්ක ලෝකේ පෙරලන්න වගේ ලොකු සාකච්ඡාවක්

ජන්ග්මි සුප් බෝල් එක කිචන් එකෙන් තියලා සෙයුල්ගි ලගට ආවා හෝසොක් නැගිටලා ගියේ ජන්ග්මිගේ ඔලුවට ගහගෙන

" සේහා ඔම්මාට තරහ ගිහින් ඉන්නේ උබ මෙහේ කියලා "

සෙයුල්ගි ගත් කටටම කියලා දැම්මා

" උබ ඔම්මාට කිව්වේ මොකටද "

" මම කියන්න ගියේ නැ යකෝ හෝසොක් ඔප්පාගෙන් කෝල් එක එනකොට ඔක්කොම මගේ ලග හිටියේ speakers දාලා කතා කරන්න කිව්වා මම මොනා කරන්න ද ඉතින් මම speakers දාලා කතා කලා හෝසොක් ඔප්පා උබ යුංගි ඔප්පා ලගට වෙලා ඉන්නවා කියලා ඒක ඇහුනු ගමන් සේහා ඔම්මාට යකා වැහුනා..."

සෙයුල්ගි හුස්මක් නොගෙන කියවගෙන ගියේ ජන්ග්මි ඇස් ජිල් බෝල සයිස් කරගෙන බලාගෙන ඉදිද්දී

" ඔම්මා මොකටද තරහ ගන්නේ "

" මම ඒක දන්නේ නැ උබව ඉක්මනට එක්කගෙන එන්න කිව්වා "

" මම දැන් එන්න ඕනම ද "

ජන්ග්මි ඇහුවේ හොර පූසි වගේ

" යකෝ තවුසේ ආවේ නැතොත් සේහා ඔම්මා කෙසේවෙතත් අපේ ඔම්මා මාව ඉස්සරහ තියෙන පයිනස් ගහේ එල්ලයි වෙඩිමක් නොකියා වරෙන් යන්න "

" හරි විනාඩියක් හිටපන් "

ජන්ග්මි එහෙම කියලා ගියේ යුංගිගේ රූම් එකට කොල්ලා හොදටම නිදි ජන්ග්මි යුංගිගේ නලලට වැටිලා තිබුණු කොන්ඩේ පිටිපස්සට කරලා නලලට පුංචි හාදුවක් තවරලා ඈත් වුනා

" පරිස්සමින් ඉන්න පූසෝ...."

ජන්ග්මි එහෙම කියලා කොල්ලාගේ ඔලුව අතගාන යන්න ගියා

සෙයුල්ගි ජන්ග්මි එක්කගෙන ඇවිදගෙන යනගමන් කෙල්ල දිහා බලාගෙන හිටියා කෙල්ල නම් හිටියේ තනියෙන් හිනා වෙන ගමන්

" උබ යුංගි ඔප්පාට ආදරෙයි එහෙම නේද "

සෙයුල්ගි එක පාර අහපු දේ නිසා ජන්ග්මි ගැස්සිලා ගිහින් බය වෙලා වගේ සෙයුල්ගි දිහා බලාගෙන හිටියේ

Heart Reader❤️🖤||MYG||✔️Where stories live. Discover now