STRAWBERRIES & CIGARETTES 🍓 🚬
---------------------------------
" මොනවද හෝප් තමුසේ මේ කරන්නේ... U Fxckng Idiot ..... උඹට මං කීවේ මෙතනට තව කස්ටර්මස්ලා ගෙන්න ගන්න විදිහක් හොයන්න මිසක් මෙහෙම දෙයක් කරන්න නෙවෙනේ...."
අනර්ඝ ගණයේ රාත්‍රී සමාජශාලවක රත්තරන් වලින් නිමවා තිබුණ කාමරය දෙදුරුම් කෑවේ ඔහුගේ ඒ ආවේගශීලී කටහඩට වඩා බිම වැදිලා යන මිල අධීක මත්පැන් බෝතල් වලිනුයි... ලෙහෙසියෙන් තමන්ගේ අයට බනින්න කටක් ඇරෙන් නැති ඔහු අද කලබල වෙලා... සිගර්ට් දුමෙන් වැහිලා ගිය කාමරේ ඇතුලේ එහා මෙහා ගිය ඔහු අන්තිමට හෝප් ලග නැවතුනේ තමන්ගේ අතකින් හෝප්ගෙ බෙල්ල මුලින් අල්ල ගන්න ගමන්.. හෝප් දන්නවා තමන්ගේ ලොක්කට තරහා ගියාම මොනවගේ දෙයකටද මූණ දෙන්න වෙන්නේ කියන එක... ඒත් ඔහුට ඊට වඩා විශ්වාසේ තිබ්බා තමන් කල දේ ගැන දවසක එයාම තමන්ව වර්ණනා කරාවි කියන එකත්.....
" කුකී...!! "
" ජේකේ කියපන් !! ...මෙතනදි මං උඹෙ බොස්.. උඹ මං යටතේ ඉන්න මිනිහෙක් කියන එක අමතක කරන්න එපා...."
" හරි සමාවෙන්න ජේකේ.. ඒත් හිතපන් ඒකෙන් අපිට පුලුවන් ඒ සයිඩ් එකට කැමති අයවත් ක්ලබ් එකට ගෙන්න ගන්න..."
" මේක Gay Club එකක් නෙවේ මිනිහෝ.... "
" ඕන්නම් අපිට එහෙම කරන්නත් පුලුවන්....."
හෝපි කිව්වේ කට කොණකින් හිනාවෙන ගමන්.. ටික වෙලාවක් හෝප්ගේ ඇස් අතර එහා මෙහා ගිය ජේකේගේ ඇස් ආයේම බිමට හැරවුනේ හෝප්ගේ බෙල්ලේ රැදවිලා තිබ්බ අත් ටික ටික ලිහිල් වෙනවත් එක්කමයි....
" උඹට විශ්වාසද ?"
" ඔෆ්කෝර්ස් මයි ෆ්‍රෙ....අම්.. අයි මීන් ජේකේ...."
" එහෙනම් එහෙම කරපන්..."
ජේකේ අන්තිමට හෝප්ගේ තීරණයට අවසර දීලා ආයෙම සිගරට් එකක් පත්තු කරන් එළිය පේන ග්ලාස් එක ලගට ගිහින් හිට ගත්තේ කපටි හිනාවක් එක්කමයි... ජේකේගේ එකම අරමුණ බූසාන් වල තියෙන හොදම ක්ලබ් අතරට තමන්ගේ ක්ලබ් එකත් එක් වෙනවා දකින එක.. දවස ගාණේ බලා ඉද්දී දියුණු වෙන ජේකේගේ ක්ලබ් එකට තව අලුත් රහසක් එකතු වෙන්න යද්දී ඒ සයිඩ් එකෙනුත් තමන් දියුණු හැටි ගැන ජේකේ දැන් තියාම හීන දැක්කා...
CZYTASZ
STRAWBERRIES & CIGARETTES 🍓🚬 || JiKooK || PJM x JJK [ Completed ]
Fanfiction[COMPLETED ] 🚫ස්ටෝබෙරියි සිගරට් කියන්නේ එකි නෙක වහා වැටුන සංකලනයක් වුනත් , එකිනෙකා නොගැලපෙන තවත් එක් මනඃකල්පිතයක් පමණයි..... නමුත් ; ඒ සංකලනයට ගැඹුරින් වහවැටුන ආදරයක් කියන්නේ වෙනමම ෆැන්ටසියක්.... 🍓🚬 🚭🚫 JiKook FanFiction BTS FanFiction Just Fa...