2nd CHAPTER 🍓🚬

775 220 23
                                    


Jimin Pov

ඔලුව හරි බරයි.. විනාඩි කිහිපයක් තිස්සේ ඇස් ඇර ගන්න උත්සහා කලත් මම ඒකට අපොහොසත් වුනා.  ඒ එක්කම මට කල්පනා වුනේ කලින් දවසේ සිද්ද වෙච්ච දේවල්... අමාරුවෙන් හරි ඇස් ඇරලා බැලුව මට තවම අත පය හොල්ල ගන්න පුලුවන් කමක් තිබ්බේ නැහෑ..


" අහ්හ් "

ඔලුව පැලෙන්න තරම් කැක්කුමක් දැනෙද්දී ආයෙම මං ඇස් පියා ගත්තා.... මොන කරුමයක්ද මේ කියලා හිතෙන තරමට මට දැන් හැමදේම එපා වෙලා... ඒත් මං හැම වෙලේම ඉවසුවා.. මගේ හල්මොණී වෙනුවෙන් මං ඉවසුවා.. මැරුණත් කමක් නෑ කියලා හිතන් මං ආයෙම නැගිටින්න උත්සහා කරලා මුලින්ම බැලුවේ මං ඉන්න විදිහ...


" මොන මගුලක්ද මේ... ශිට්.. "

ඇගේ එක නූල් පොටක්වත් නැතුව තවම මාව කලින් දවසේ විදිහටම බෙඩ් එකට බැදලා දාලා.....

පෙර දින..

" මට යන්න දෙනවා.... "

" දගලන් නැතුව ඉදපන්.. උඹ දැගලුවොත් අපේ බොස්ගෙන් උඹට මීට වඩා වද විදින්න වෙයි... මෙහෙම හරි උඹ බේරුණ එක ගැන එයාට ස්තූතී කරපන්... "

එහෙම කිව්ව මාව අල්ලන් හිටිය මිනිහා මාව රූම් එකක් ඇතුලට ගෙනත් තල්ලු කරලා දාලා රූම් එකේ දොර වහලා දාලා යන්න ගියා...ටික වෙලාවක් අත පැලිලා ලේ එනකම් දොරට ගැහුවත් කවුරුත් නෙවේ මාව ගණන් ගත්තේ... ආව කේන්තියටම මං දොරටත් පයින් ගහලා එතන තිබ්බ බෙඩ් එකට වැටිලා ඇස් පියා ගත්තා.... රූම් එකම අදුරෙන් ගිලිලා තිබ්බා.. අඩුම ඒ රූම් එකේ මොනවද තියෙන්නේ කියලවත් නොපෙනුන තරම්..... කලබලේ දුවන ඔරලෝසුවේ තත්පර කට්‍ටේ සද්දේ ඇරුණම වෙනම කිසි සද්දයක් ඒ රූම් එකේ තිබ්බේ නැහෑ. අඩුම ක්ලබ් එකේ මියුසික් සද්දයක්වත් එතනට ඇහුණේ නැහෑ..කිසි හැල හොල්මනක් නොතිබබ නිසාත් පාන්දර 1ත් පහු වෙලා තිබ්බ නිසාත් කලින් හිටිය මිනිහා පෙව්ව ඒවාගේ සැර ඔලුවට දැනෙන්න අරන් තිබ්බ නිසාත් මගේ ඇස් නිකන්ම පියවිලා මාව නින්දකට වැටුනා......


මට තදට නින්දක් ගියේ නැහෑ.... ඒ නිසාම මට තේරුණා රූම් එකට කවුරු හරි එන සද්දයක්... එක්කෙනෙක්... දෙන්නෙක්... නැහෑ එතන හතර දෙනක් හිටියා.... කරුවල නිසා ඒ අය කවුද කියලා මට නොපෙනුනත් උවමනාවකින් බලන්න මට ඕන වුනේ නැහෑ.. ඒ නිසාම මං දිගටම නිදි වගේ හිටියා..  මට තෙරුණා කවුරු හරි මං හිටිය බෙඩ් එකේ ඉද ගන්නවා... ඒ එක්කම සීතල ඇගිල්ලක් මගේ කෙස් අතර ගිහින් කම්මුල දිගේ එහේ මෙහේ යනවත් දැනුන නිසා තවත් මට ඇස් පියන් ඉන්න බැරි වෙද්දී නැගිටලා ඒ කෙනා දිහා බැලුවත් මගේ ඇස් ලොකු වෙන්න මහා වෙලාවක් ගියේ නැහෑ....



STRAWBERRIES & CIGARETTES  🍓🚬 || JiKooK || PJM x JJK [ Completed ]Where stories live. Discover now