7th CHAPTER 🍓🚬

614 202 93
                                    


සති කිහිපයකට පසු.......

*ඩොක්ටර්  තව කල් යාවිද... ?*

* හරියටම කියන්න අමාරුයි.. එයා අපි කියන දේට මොළෙන් ප්‍රතිචාර දක්වනවා.. එයා සනීපවෙන්නේ හරි හිමින්... ඇති වුන කම්පනයක් නිසා තමයි එහෙම වෙන්නේ.. අපි බලන් ඉමු... *


* කම්සාහම්නිදා ඩොක්ටර් ..*


හොස්පිටල් කාමරය පිටින් හෝප් ඩොක්ටර් එක්ක කතා කරන හැමදේම ජිමින් කාමරයේ දොර ලගට වෙලා අහන් හිටියේ ලොකු වේදනාවකින්.... බර සුසුම් එකපිට එක පිට වුනත් ජිමින්ගේ හිතට බරයි.. හරියට මේ ජීවත් වුන දවස් කිහිපයත් ජිමින්ට දැනුනේ ඔහේ හුස්ම වැටෙන්නම් වාලේ ජීවත් වෙනවා වගෙයි.... තමන්ට ජීවත් වෙන්න අයිතියක් තියෙනවද කියන එක ජිමින් හැම වෙලේම හිතුවා.. මොකද තමන් වෙනුවෙන් කැප කල ඒ ජීවිතේ තවම ඇදක් උඩ මැශින් ගොඩකට වට වෙලා හුස්ම අල්ලනවා... ජිමින්ට ටිකක් හරි හයියක් වුනේ ටේහෝප් දෙන්නා.. මොකද මේ කතාවේ මුල ඉදන්ම දැනන් හිටිය ඔවුන් ජිමින්ට වැටෙන්න දුන් නෑ...


" ජිමින්ශී... දැන්වත් ඔහොම හූල්ලන එක නවත්තන්න.. ජේකේ ඉක්මනින් සනීපවෙයි... අපිට තියෙන්නේ බලන් ඉන්න..."

" මං කොහොමද නිදහසේ හුස්ම ගන්නේ ටේශී...මං මෙහෙම හුස්ම ගන්නේ සර් මගේ ජීවිතේ බේරුව නිසා.. මං නිසයි අද සර්ට මෙහෙම වුනේ..."

" සිද්ද වුන දේවල් අතීතෙට බාර දෙන්න.. මට විශ්වාසයි ජේකේට සිහිය ආව ගමන් ජිමින් හොදින් කියලා දැන ගත්තම හුගක් සතුටු වෙයි.... "



ටේ ජිමින්ව තදින් වැලද ගත්තේ මේ වෙලාවේ  ජිමින්ගේ හිතට අස්වැසිල්ලක් ලබලා දෙන්න හිතන්.. ගෙවුන කාලය පුරාවටම ටේ ජිමින්ගේ හැසිරීමේ පවා වෙනසක් දැක්කා.. ඇත්තටම ජිමින් ජන්ග්කුක්ගේ ඇක්සිඩන්ට් එකත් එක්ක වෙනස් වුනා..  හිතුවක්කාර ගති තිබ්බ ජිමින් නිහඩ වෙලා.. හේතුව... අද මේ ජිමින්ගේ ඇස් ඉස්සරහා නිසොල්මන්ව ඉන්න පිරිමි රුව...


" ආ ජිමින්.. ඔයා එහෙනම් ඉන්නවනේ ජන්ග්කුක් ලග.. මං පොඩ්ඩක් එපාර්මන්ට් එකට ගිහින් එන්නම්... ඊයේ ඉදන් ඉදලා හරි ටයර්ඩ් ..පොඩි චේන්ජ් එකක් දාන් එන්නම්..."

STRAWBERRIES & CIGARETTES  🍓🚬 || JiKooK || PJM x JJK [ Completed ]Where stories live. Discover now