FINAL CHAPTER 🍓🚬

563 167 44
                                    

#Love Is Gone Song එක අහන ගමන් කියවන්න කියලා ඉල්ලනවා !

Jungkook View...


රාත්‍රීයේ තිබ්බ නිහඩ පාලු මූසල බව බිදිලා අවටින් ඇහුනෙ අලුත් දවසට සැරසෙන බූසන් නගරයේ කාර්‍යබහුල හඩ..... රෑ ලයාන්විතව වෙරළ සිප ගන්න මුහුදු රළ උදේට ටිකක් සැර පාටයි... ඒ හඩ ජන්ග්කුක්ගේ කණ් වල වැටුනා.. වාහන වන සද්ද , වෙරළේ දගලන පුංචි ළමයින්ගේ සද්ද ජන්ග්කුක්ගේ කණ් වල ගැටුනා... රෑ ඇරලා දාලා තිබ්බ බැල්කනී එක තවමත් එහෙන්මමයි... උදේම හමන මුහුදු හුළග ජන්ග්කුක්ගේ ඇගේ තිබ්බ අපහසු ගතිය තුරන් කලත් ඔලුවනම් තවම බරයි.... මූණට වැටෙන අව් රශ්මිය නිසා ජන්ග්කුක් මූණ හංග ගන්න ලොකු උත්සහයක් ගත්තා... ඒත් තවම බර ඇස් පිහාටු එක්ක , ඇස් අරිද්දිම හිසට දැනෙන කැරකිලි ගතිය එක්කම ජන්ග්කුක් ඔහේ වැටිලා හිටියේ අව් රශ්මියටත් තමන් එක්ක ඇති තරම් සෙල්ලම් කරන්න ඉඩ දීලා...

පහළින් ඇහෙන සද්ද වලට ජන්ග්කුක් හොදින් ඇහුකම් දුන්නා... වෙරළේ ළමයි කෑගහන සද්දෙට පවා.. ඒ සමගම ජන්ග්කුක්ගේ මනසේ එක පෙළට ඇදුනේ කලින් දවසේ ජිමින් එක්ක ගෙව්ව ඒ මොහොත ගැන... හැමදෙයක්ම අවසානේ ජිමින් කිසි දෙයක් නොවුන ගාණට තමන් දිහා බලන් හිටිය හැටි පවා ජන්ග්කුක්ගේ මතකේ තදින් සටහන් වෙලා තිබ්බා... හරියට ජිමින් කල දේ තමන් දැනන් හිටිය වගේ... කොහොම නොදැන ඉන්නද... ජන්ග්කුක්ට මේ දේවල් අලුත් දේවල් නෙවෙයි... බියර් එකක් බිව්ව පමණට සිහිය නැතිව වැටෙන් නෑ කියන එක ජන්ග්කුක් නොදැන ඉන්න තරම් අත දරුවෙක්ද.. ?? ඉතින් ජිමින් කල දේ ජන්ග්කුක් නොදැන ඉන්නේ කොහොමද....

" ඔයාට එහෙම නොකර ඉන්න තිබ්බා ජිමින්... ! "


හැමදාම කලබල වෙන ජන්ග්කුක් අද හරිම සංසුන්... මොකද ඒ හිතට මහන්සී.. හැමදාම ආදරේ පස්සේ පන්නලා , විශ්වාස කරලා , මහා හුගක් හින මවලා, එක පාර විනාශ වෙලා යද්දී ඒ හිතට තමන් ගැනම කලකිරෙනවා..

අපහසුවෙන් ඇර ගත්ත ඇස් වලින් ජන්ග්කුක් බැලුවේ බැල්කනි එක දිහා...

ජිමින් තමන් ලග අන්තිම වතාවට හිටිය හැටි ජන්ග්කුක්ගේ ඇස් වලට මැවිලා පෙනුනා... මතකයන් එක්ක පාරණ හිත වේදනාව කදුලු විදිහට පිට කරද්දී ජන්ග්කුක් ඉකියක්වත් නොගහා ඒ දිහාම බලන් හිටියේ ඇස් වලින් රූරා වැටෙන කදුලු නවත්වන් නැතුවමයි... ඒ කදුලු හරි බරයි... ජන්ග්කුක්ගේ පපුවේ තියෙන වේදනාව වගේම.. එත් කොල්ලට ඕන වුනේ නැහෑ කෑගහලා අඩන්න.. හැමදේම කනපිට පෙරලන්න.. වෙනදා ඉන්න ජන්ග්කුක් හිටියනම් සමහරවිට එහෙම වෙන එක සාමන්‍ය දෙයක්.. ඒත් ජන්ග්කුක් ජිමින්ගේ ලග ආදරේ ඉවසනවා තරම් ඉවසලා නෑ කිසිම දවසක.. ඉතින් ජන්ග්කුක් ඉවසුවා.. හැමදාම වගේ අදත් ඉවසුවා.. ඒත් කොල්ලට පුලුවන් වුනේ නෑ ඇස් වලින් ගලන කදුලු නවත්තන්න...


STRAWBERRIES & CIGARETTES  🍓🚬 || JiKooK || PJM x JJK [ Completed ]Where stories live. Discover now