6th CHAPTER 🍓🚬

622 208 97
                                    

~~~~~~~~~~~

" ඔයාගේ සුවද මාව පිස්සූ වට්ටනවා බබා..."

" ඔයා හොදින් නෙවෙයි... යන් මං ඔයාව බෙඩ් එකෙන් තියන්නම්... දැන් හුගක් රෑ වෙලා..."

" මං හොදින් ජිමින්.. මං හොදින්.. ඒත් ඔයා ලගදි මගේ හොද සිහිය නැති වෙනවා.... "

" සර් මං හිතන්නේ ඔයා බීලා වැඩී..."

" වයින් බොට්ල් එකක් බීවා කියලා වෙරි වෙන්න මං කෙල්ලෙක් කියලා හිතුවද ජිමින්....!!! "

ජන්ග්කුක්ගේ ශක්තිමත් අතක් ජිමින්ගේ සිහින් ඉග වටේ තදින් එතෙද්දී ජිමින්ට ජන්ග්කුක්ගේ හුස්ම හොදින් දැනුනා.. ඒ මත් වුන ඇස් තමන්ගේ මූණ හැම තැනක්ම හරි සියුම් විදිහට බලද්දී ජිමින්ට දැනුනේ ලොකු අපහසුතාවක්... ජන්ග්කුක් හිමීට ජිමින්ගේ මූණට ලං වෙද්දී පවා ජිමින් අහක බලා ගත්තේ ඒකයි... අහක බැලුවත් ජිමින්ට පේන්න තිබ්බේ වෝල් එකේ තිබ්බ ලොකු මිරර් එකෙන් පේන ඔවුන්ගේ ප්‍රතිබිම්බය...

කලවා වලට තද වෙලා තිබ්බ සුදු ශොර්ට් එකට සුදු පාටම ඕවර් සයිස් ශර්ට් එකට හැඩ වෙලා හිටිය ජිමින් ලග ජන්ග්කුක්ව පෙනුනේ ඊට හත්පසින්ම වෙනස් විදිහට.. කලු ලෙදර් ට්‍රවුසර් එකක් විතරක් ඇදන් හිටිය ජන්ග්කුක් මේ වෙනකොටත් තමන්ගේ ශර්ට් එක ගලවලා බිමට දාලා තිබ්බා... ජිමින්ගේ ඉණ වටේ එතිලා තිබ්බ ජන්ග්කුක්ගේ අත තිබ්බ තැනින්ම පෙනුන බොක්සර් ලයින් එක වගේම මිරර් එකෙන් හැඩේට පේන ජන්ග්කුක්ගේ වී හැඩයේ ශක්තිමත් සිරුර නිසා පිරිමියෙක්ට තියෙන්න ඕන කඩවසම් සරාගී පෙනුම ඕනාවට වඩා ජන්ග්කුක්ගෙන් කැපිලා පෙනුනා...ජිමින්ට දැනුනේ එයාගේ උගුර වේලිලා ගියා වගේ.. ජිමින් මෙහෙම හැසිරීමක් ජන්ග්කුක් වගේ කෙනෙක්ගෙන් බලාපොරොත්තු වුනේ නැහෑ... මොකද ජිමින් දැනන් හිටියේ ජන්ග්කුක් කියන්නේ තමන්ව සල්ලී වලට යූස් කරන කිසි හැගීමක් දැනීමක් නැති කෙනෙක් කියලා විතරයි... ඒ වගේම මීට පැය භාගෙකට විතර කලින් ජන්ග්කුක් වයින් බෝතලයක් හිස් කල නිසා කොල්ලා දැනටම හොද සිහියෙන් බැහැර වෙලා කියලයි ජිමින් හිතුවේ....




පැය භාගෙකට පෙර....


ජිමින්ට තිබ්බ ශෝ එක ඉවර වෙලා ටිකට් වල ප්‍රශ්නයක් වුන නිසා කට්ටියටම තව එක දවසක් පැරිස් වල ඉන්න සිද්ධ වුනා.. ටිකට්ස් වැඩ ගැන බැලුවේ ජන්ග්කුක් නිසා එහෙම වැරැද්දක් සිද්ධ වුන එකත් හෝප්ට සැක හිතුනත් ඒ ගැන ප්‍රශ්න කරන්න අයිතියක් හෝප්ට තිබ්බේ නැහෑ... වැඩ ටික ඔක්කොම ඉවර වෙලා හොටෙල් එකේම ඩිනර් එක ගන්න තීරණය කල ජන්ග්කුක් හෝප් වගේම ජිමින් එක්ක එකම ටේබල් එකේ වාඩි වෙලා හිටියේ කිසිම කතා බහක් නැතුවයි...

STRAWBERRIES & CIGARETTES  🍓🚬 || JiKooK || PJM x JJK [ Completed ]Where stories live. Discover now