8th CHAPTER 🍓🚬

570 193 116
                                    


Jungkook Pov....

ආදරය... ආදරය අපිට නිර්වචනය කරන්න පුලුවන්ද ?.. මගේ මතය... ආදරය කියන්නේ හරියටම මෙහෙම දෙයක් කියලා නිර්වචනය කරන්න අපහසු දෙයක්.. හුගක් සංකීර්ණ ගැඹුරු හැගීමක්....ආදරය කියන වචනය ලග කිසි හැගීමක් දැනීමක් නොතිබ්බ දරදඩු මනුස්සයෙක් වුන මං පවා ඒ හැගීම හරි හැටි තේරුම් බේරුම් කර ගන්න බැරිව ලතැවෙනවා... විවාහක පිරිමියෙක් මේ වගේ හිතන එකත් සමහරවිට විහිලුවක් වෙන්න පුලුවන්.... ඒත් විවාහය කියන රාමුව ඇතුලේ ආදරය අනිවාර්යයෙන් පවතිනවද ?.... හිස් බවකින් පිරුණ මගේ විවාහයත් ආදරය නැති හිස් පිටුවක් වගේ .. හේතුව මට මගේ ආදරය ඇයගෙන් දකින්න බැරි වුන නිසා වෙන්න ඇති... එහෙම නැතිනම් තරුණ කාලේ ඉදන් ගැහැණු ළමයි එක්ක ගත කල මට ඔවුන් ලග දැනෙන ඒ හැගීම දැන් විදලම ඇති වෙලා වෙන්න පුලුවන්.... ඒ නිසා වෙන්න ඇති මගේ හිත ඔහු ලග නැවතුනේ.. ඔහුගේ පුංචි හැසිරීමට පවා මගේ හදවත නොසන්සුන් වෙන්නේ...

නමුත්...


තවමත් මං වරදක් කරන බවක් දැනෙනවා... මං වෙනුවෙන් ඉන්න කෙනෙක් තවමත් මං ලගින්ම ඉන්නවා..ඒත් ඇයි??  මට මේවට උත්තර ඕන.. කවදාවත් ඒ දේට පිළිතුරක් හොයන්න උවමනා නොවුන මට දැන් ඒ දේවල් වලට පිළිතුරු හොයලා දීලා නිදහස් වෙන්න ඕන කියන හැගීම දැනෙනවා.... ඒ මට ඔහු ලගට යන්න තියෙන ඉක්මන නිසා ද ?...







හොස්පිටල් එකේ නැවතිලා දැන් සතියක් විතර වුනා.... සිහිය ආවත් අත් කකුල් වලට වෙලා තිබ්බ ඩැමේජ් එක හොද වෙනකම් මට හොස්පිට්ල් එකේ නවතින්න වුනා... ඒක අප්පාගේ තීරණය... මගේ හිතුවක්කාරකම දන්න නිසාම අප්පා ඇමරිකා නොගිහින් මේ සතියම මෙහේ නැවතුනා... ඒ කාලේ මට සිද්ද වුනේ ඒ අය එක්ක කාලෙ ගෙවන්න... ඉතින් මට ජිමින්ව මග ඇරුණා.... අකමැත්තෙන් වුනත් මට මගේ හැගිම මේ වෙලාවේ ඉවසන් ඉන්න වුනා...



" ඉන්හා.. මට ටිකක් නැගිටින්න උදව් කරනවද ?.."


උදේ නැගිට්ට වෙලේ ඉදන් මාව පිරිසිදු කරන්නයි කෑම කවන්නයි දගලන ඉන්හාව දැක්කම මට පළවෙනි වතාවට එයා ගැන දුකක් ඇති වුනා... මං වචනෙකින් තියා හුස්මකින්වත් එයාට ලං වෙලා නැතිව ඇති.. ඒත් එයා හැමදාම මං වෙනුවෙන් බලන් හිටියා... මගෙන් ප්‍රශ්න නොකරම , මගේ අප්පා නිසා හරි එයා ඉවසුවා... ඒත් එයාට එහෙම ඉන්න දෙන්න මට ඕනකමක් නැහෑ.. මුලදි එයාටම එපා වෙලා යයි කියලා හිතුවත් මේ කෙල්ල මෙච්චරම ඉවසන්නේ මගේ දේපළ නිසා කියලා නොහිතුනාමත් නෙවෙයි.. ඒත් මේ සතියට මං දැක්ක ඉන්හා මං මෙච්චර කල් හිතින් මවන් හිටිය කෙනාට වඩා හුගක් වෙනස්... හරියට මගේ ඇස් දිහාවත් නොබලන එයා මට බයේ මං වෙනුවෙන් ඕනම දෙයක් කරනවා වගෙයි මට දැනුනේ....


STRAWBERRIES & CIGARETTES  🍓🚬 || JiKooK || PJM x JJK [ Completed ]Where stories live. Discover now