1st CHAPTER 🍓🚬

945 237 100
                                    


ගණ අදුරකින් වැසිලා ගිය බූසාන් නගරේ රෑට තිබ්බේ මහා කලබලකාරී වාතාවරණයක්... එක එක කාර්‍යයන් වල නියැලෙන මිනිස්සු බූසාන් නගරය පුරාම කලබලෙන් එහාමෙහා ගියේ බර වෙලා තියෙන අහස කොයි වෙලේ කඩා හැලේද කියලා බයට වගේ.... විදුලි පනහන් වලින් ආලෝක වෙලා දිළිසෙන බූසන් නගර වෙනදට වඩා තැතිගැන්මක් හිතේ ඇති කලා... කිසිම වගක් නැතුව එකපාරට කඩාගෙන හැලුන වර්ශාව එක්ක මිනිස්සු සීසීකඩ දුවන්නේ අද තෙමුනොත් හෙට දවසේ හැම රාජකාරියකටම බධා පැමිණේවී කියලා බයෙන්.. ඒත් තවත් සමහරක් මේ සීතලේ තමන්ගේ ගතට සිතට සතුට හොයනවා... මේ සීතල රෑ ගිනියම් වූ හැගීම් වලින් මිරිකෙනවා...


BUSAN97 යනුවෙන් සදහන්ව තිබ්බ විශාල සමාජශාලාවක සිටි පිරිසට එළියේ වර්ශාව ගැන ගාණක් නොවුනේ ඔවුන්ට ඉන් බාදාවක් නොවන නිසායි.... කුඩා සාප්පු වල මිනිස්සුන්ට වැස්ස කියන්නේ ශාපයක් වෙද්දී මෙවැනි ඉහළ පැලැන්තියේ සමාජ ශාලා වලට වැස්ස තරමක ආශිර්වාදයක්.. මොකද සීතලට ඇග ගිනියම් කර ගන්න මිනිස්සු පැමිණෙන්නේ මේ වගේ තැන් වලට නිසා..



" බේබී.. අපි දැන් යන්න ඕන.....ජේකේ ඔයා එනකම් බලන් ඉන්නවා "

" Oh Man...මේ වගේ වෙලාවක මීටින් වලට යනවා කියන්නේ හරියට දිව්‍ය ලෝකෙක ඉදන් අපායට යනවා වගේ වැඩක් ....."

" ඒත් හෝප් බේබී ඔයා නැතුව ජේකේට වැඩක් කරන්න අමාරුයි කියලා දන්නවනේ...."


හෝප්ගේ කරවටේ එතුන ඒ සුපුරුදු ස්පර්ශයට හෝප් තම දෑස් පියා ගත්තේ අතේ මහපටඇගිල්ලට පිට අල්ලේ තිබු කොකේන් වල සැරට මේ දැනෙන ස්පශය එකතු වුනාම දැන්නෙන සනීපයට වහවැටිලා වගෙයි.... හෝප්ගේ තරමක් විවරව තිබූ කමිසය ඇතුලෙන් ක්‍රමයෙන් පහළට ගමන් කල ඒ දෑත් ආයෙම සීරූවට හෝප්ගේ උරිස් දක්වා ඉහළට ආවා....මද වේලාවක් ඒ උරිස් වල තෙරපුණ දෑත් නවතිද්දී එක අතක් හෝප්ගේ කෙස් අතර ගිහින් නළල හරියෙන් නැවතිලා හෝප්ගේ නළලට වැටිලා තිබ්බ කෙස් මෑත් කලේ තමන්ගේ දෙතොල් වලට තිබුණ බාධාව ඉවත් කරන්නයි.... හරි සීරූවට හෝප්ගේ නළල ඒ උණුහුම් දෙතොල් වලින් තෙත් වෙද්දී හෝපේගේ මුවින් සිහින් කෙදිරියක් පිට වුනා....

STRAWBERRIES & CIGARETTES  🍓🚬 || JiKooK || PJM x JJK [ Completed ]Where stories live. Discover now