3rd CHAPTER 🍓🚬

671 205 48
                                    

--------------------

" මෙහෙන් ඉදගන්නවා..."

ජන්ග්කුක්ගේ අප්පා.. එහෙම නැත්නම් බූසන් වල හොදම ව්‍යාපාරිකයෙක් කියන්න පුලුවන් ජොන් ශීහ්‍යුක්... මාස ගාණකට උඩදී බිස්නස් නිසාම ඇමරිකා වලට ගිය ඔහු ආයෙම කොරියවට ආවේ ජන්ග්කුක් ගැන ආරංචි වුන නරක ආරංචි නිසාමයි.. පෙර සිටම හිතුවක්කාරයෙක් වුන ජන්ග්කුක් අප්පාගේ කීමට පිටින් යන්න දෙපාරක් හිතන් නෑ.. ඒ නිසාම ශීහ්‍යුක් ජන්ග්කුක්ට තමන්ගෙ බිස්නස් එක දෙන්න තවම හිතනවා.. ඒත් හැමදාම ජන්ග්කුක් කරන හිතුවක්කාර වැඩ වල සීමාවක් නොවුන තැන අවසන් තීරණය ගන්න හිතන් ශීහ්‍යුක් එන්න හිටිය දවසටත් කලින් ඇවිත් ජන්ග්කුක්ගේ mansion එකට වෙලා හිටියා...

කීව වෙලාවට පැය ගාණකට පස්සේ mansion එකට ආව ජන්ග්කුක් හැමදාම වගේ ආවේ අපිළිවෙලට... තමන්ගේ අප්පා ඇවිත් ඉන්න එක ගැනවත් නොහිතා ජන්ග්කුක් ඔහේ එද්දී ශීහ්‍යුක්ට තවත් තමන්ගේ තරහා පාලනය කර ගන්න අපහසු වුනා.. කාලෙකින් තමන්ගේ පුතාව දකිද්දී ශීහ්‍යුක්ට ඕන වුනා මොනා වුනත් ජන්ග්කුක්ව ආදරෙන් බදා ගන්න.. ඒත් ජන්ග්කුක්ගේ පිළිවෙල ශීහ්‍යුක්ව මදක් අපහසුතාවයට පත් කලා....

ශර්ට් එකත් භාගෙට ඇරන්, කොණ්ඩෙත් අවුල් කරන් , කෝර්ට් එක අතට අරන් ආව ජන්ග්කුක් ලගින් ඇල්කොහොල් ගද වගේම සිගරට් ගදත් ඕනාවට වඩා එද්දී ශීහ්‍යුක් නහයත් අකුලන් අහක බලන් කොල්ලට තමන් ඉස්සරහා තිබ්බ පුටුවෙන් ඉදගන්න කීවේ ටිකක් සැරෙන්...

" කියන්න අප්පා..."

ශීහ්‍යුක්ගේ කීමට ඕනාවට එපාවට පුටුවෙන් වාඩි වුන ජන්ග්කුක් ඇදන් හිටිය ශර්ට් එක උඩට කරල දාන ගමන්ම එහෙම කිව්වේ තමන්ගේ මත් වුන ඇස් උඩ තට්ටුවට යවන ගමන්...

" එයා ඇති කාමරේ... මායි කිව්වේ කාමරෙට වෙලා ඉන්න කියලා... "

" ඒ ඇයි.. අප්පා අකමැතිද මේවා එයා දැන ගන්නවට..."

" අමුතුවෙන් දැන ගන්න දෙයක් නෑ මනුස්සයෝ ... මුලු බුසාන් වලම තමුන්ගේ මේ නොහොබිනා වැඩ ගැන දැනන් ඉවරයි... gay club ?... තමුන් මොනවද මේ කරන්නෙ ජන්ග්කුක් ?..තමුන් හදන්නේ මටත් නරක නාමය ගාවන්නද ?.."

STRAWBERRIES & CIGARETTES  🍓🚬 || JiKooK || PJM x JJK [ Completed ]Where stories live. Discover now