4th CHAPTER 🍓🚬

751 209 89
                                    

***නුඹේ රුවද අස්වැසිල්ලක්...
ගිලන් වූ මගේ හිතට... ***

-----------------------

මාස කිහිපයකට පසු...~~~

" ජිමින්ශී... ෆයිව් මිනිට්ස් වලින් ශූට් එක පටන් ගන්නවා... "

" ඕකේ... Im ready ... "

ලයිට්ස් වලින් එළිය වුන මිරර් එකක් ලගට වෙලා තමන්ගේ ඇදුමේ හැඩ බල බල හිටියේ ජිමින්.. එහෙම නැත්නම් පාර්ක් ජිමින්.. තවත් විදිහකින් කිව්වොත් මේ වෙනකොට කොරියාවෙම ප්‍රසිද්ධ Model කෙනෙක් වුන පාර්ක් ජිමින්...Gay Model කෙනෙක්.. හිතන්න පුලුවන්ද ?.. අකමැත්තෙන් ක්ලබ් එකක වැඩට ඇවිත් සල්ලි වලට විකුණුන ඒ රයිස් කේක් කඩේ පාර්ක් ජිමින් අද මේ වගේ තැනක ඉදී කියලා... ඒකත් මෙච්චර කෙටි කාලෙක ?..

දෛවය හරි පුදුමාකාරයි.. සමරවිට ජිමින්ට වාසනාවට හෝප්ව මුණ ගැහුනේ නැත්නම් අද මේ තැන ජිමින් නොහොටින්න තිබ්බා.. ජිමින් මුලින් male prostitute කෙනෙක් වුනත් මේ වෙනකොට තරුණ පරම්පාරවේ ජනප්‍රිය තරුවක්... gay model කෙනෙක් වුනත් ජිමින් කියන්නේ තරුණියන්ගෙත් ආකර්ශණය නොඅඩුව ලැබුණ කෙනෙක් කිව්වොත් හරි....

ඇදුමේ තිබ්බ අඩුපාඩුත් හදලා කොණ්ඩෙත් හදාගෙනම ජිමින් ටික වෙලාවක් කණ්නාඩියෙන් පේන තමන්ගෙම රූපේ දිහා බලන් හිටියේ ආඩම්බරයකින් වුනත් ඒ හිතේ කිසි හැගීමක් නැති තරම්... කොච්චර සාර්ථක කෙනෙක් වුනත් ජිමින්ටත් ජීවිතේ එක අඩුවක් තිබ්බා... ඒ ආදරය... ජිමින් ආදර කරනවා ?..ඒත් කාටද ?.. ඇයි ඒ ආදරේ ජිමින්ට ලබා ගන්න බැරි වුනේ ?..අන්න එතනම තමයි ජිමින්ට ප්‍රශ්නයක් ඉතුරු වුනෙත්.. තාමත් නොදන්න ප්‍රශ්නේ ලග ජිමින් අතරමං වුනා.... ඒ හැමදේම එක්ක ජිමින්ගේ මතකය ගියේ මීට මාසෙකට උඩදී තමන්ගේ ජීවිතේ වෙනස් වුන දවසට......

මාස තුනකට පෙර...

ඇග දැවටුන බාත් රොබ් එකත් එක්ක ජිමින් තමන් හිටිය රූම් එකේ මිරර් එකෙන් තෙත් කොණ්ඩය හදමින් සිටියේ ටිකකට කලින් ගෙවුන උණුසුම් පැය කිහිපය ගැන තමන්ම පුදුම වෙමින්... තමන්ට එහා පැත්තෙන් තිබුණ ඇදේ තවම වැතිරිලා හිටිය පිරිමි රුව ජිමින් දිහා බලන් තවමත් හිනා වෙනවා.... ඒත් ජිමින් ඒ බවක් ගාණකට නොගෙනම කොණ්ඩය හදන් හැරුණේ ඇදුම ඇද ගන්න....

STRAWBERRIES & CIGARETTES  🍓🚬 || JiKooK || PJM x JJK [ Completed ]Where stories live. Discover now