5th CHAPTER 🍓🚬

642 199 87
                                    

~~~~~~~~~~

"ජේකේ ඕක නවත්තපන් යකෝ.. උඹ මැරෙන්නද හදන්නේ?..."

ජන්ග්කුක්ගේ අත තිබුණ සැර වොඩ්කා බෝතලේ උදුරලා ගන්න හෝප් ලොකු වෑයමක...ඇයි ?...දැන් හුග වෙලාවක ඉදන් ජන්ග්කුක් එක දෙක බෝතල් හිස් කරන්න ගත්තේ කිසිම කතාවක් බහක් නැතුවමයි...නැහෑ.. ඇත්තටම මෙහෙම බොන එක ජන්ග්කුක්ට අසාමාන්‍ය දෙයක් නෙවෙයි.. කොල්ලා බොනවා.. ඒත් අද ජන්ග්කුක්ට ඒ සීමාවත් අමතක වෙලා... වෙනදට බෝතලෙන් දෙකෙන් නවතින ජන්ග්කුක් අද බෝතල් ගාණකටම වගකියලා.. ඒකත් බාර් එකේ ඉදන්ම... වෙන්න පුලුවන්ද ?..ජන්ග්කුක් බාර් එකේ ...?...ඒකමයි හෝප්ට ප්‍රශ්නේ...වෙනදට නිවී සැනසිල්ලේ තමන්ගේ කාමරේට වෙලා බොන ජන්ග්කුක් අද ක්ලබ් බාර් එකේ ඉදන් බොනවා... තවම ක්ලබ් එක ඕපන් කරන්න ටයිම් ඉතිරි වෙලා තිබ්බ නිසා ඇතුලේ කවුරුත් හිටියේ නැහෑ.. ඉතින් කොල්ලා හිතේ හැටියට බොන්න ගත්තේ ඒකමයි...

හෝප් බලන් හිටියා.. පැයක් දෙකක් ඉදන් බලන් හිටියා.. කොල්ලාගේ බීමේ සීමාව පනින බව තේරුණ හෝප්ට තවත් බලන් ඉන්න බැරි වුනා.... ජන්ග්කුක්ගේ අතට මැදි වුන වොඩ්කා බෝතලේ උදුරලා ගත්තත් ජන්ග්කුක් වැනී වැනීම ආයේ තව බෝතලයක් හොයන්න ගත්තේ හෝප්ව තල්ලු කරන ගමන්....

" ජේකේ ඕක නවත්තපන්... මොනවද වෙලා තියෙන්නේ... ජන්ග්කුක් !!!!!! "

බැරිම තැන හෝප් ජන්ග්කුක්ව ඇදලා අරන් බිත්තියකට තියලා හේත්තු කර ගත්තා... ජන්ග්කුක්ට දැනටමත් කෙලින් ඉන්න තරම් හයියක් නොවුන නිසා හෝප්ට සිද්ද වුනා තමන්ගේ ශක්තියෙන් ජන්ග්කුක්ව අල්ලන් ඉන්න...

බීලා බීලා ඇදුම් පවා තෙත් වෙලා හිටිය ජන්ග්කුක්ගේ ලගින් ආව ඇල්කොහොල් ගද ඕනාවටත් වඩා.. හෝප් වුනත් තමන්ගේ නහය හකුලන් ඒ සැර නහයට දැනෙන එක පාලනය කර ගන්න ලොකු උත්සහයක් ගත්තා....

" ජන්ග්කුකා... මොකද වෙලා තියෙන්නේ ?.. උඹ මෙහෙම පිස්සෙක් වගේ හැසිරිලා නැහෑ බන්.. "

" මං වෙන මොනවද කරන්න ඕන කියපන්.... "

ජන්ග්කුක් කෑගැහුවා... පුලුවන් තරම් හයියෙන් කෑගැහුවා... තමන්ව අල්ලන් හිටිය හෝප්ව තල්ලු කරලා දාලා ජන්ග්කුක් බිත්තිය දිගේ රූටලා බිමට යනකනුත් කෑගැහුවා... ඒ කටහඩේ වෙනදට වඩා වේදනාවක් තියෙන බව හෝප්ට තේරුණා... ජන්ග්කුක් තල්ලු කර පාරට ලග තිබ්බ සෝෆා ඒකකට බර වුන හෝප් ආයෙම එතනින් නැගිට්ටා.. ඒත් හෝප්ගේ ඇස් දිගටම තිබුණේ කවදාවත් නොදුටු විදිහේ ජන්ග්කුක්ගේ හැසිරීම ලග....

STRAWBERRIES & CIGARETTES  🍓🚬 || JiKooK || PJM x JJK [ Completed ]Where stories live. Discover now