11th CHAPTER 🍓🚬

527 184 63
                                    


අවසානයට පෙර....

වාහනේ භාගෙට විවර වෙලා තිබුන වීදුරුව කපාගෙන එන සුළග නිසා ජිමින්ගේ අකීකරු කොණ්ඩේ නළල සිප ගත්තේ උදේ ඉදන් පැය ගාණක් මහන්සි වෙලා හැදුව එකත් අපතේ යවමින්.. ඒත් ඒ ගැන ජිමින්ට වගක් නෑ.. හරියට පුංචි දරුවෙක් වගේ වාහනෙන් එළියට අතකුත් දාන් අනිත් අතින් ස්ටියරින් වීල් එකත් අල්ලන් ගියේ හයි වේ එකේ කෑගහන ගමන්මයි.. තමන්ගේ පැත්තෙන් ග්ලාස් එක ඇරලා තිබ්බ නිසා ජන්ග්කුක් දොරට අතකුත් තියන් ජිමින්ගේ මේ හුරතල් හැසිරීම සෑහෙන වෙලාවක ඉදන් බලන් ඉන්නවා... හැමදාම වාහනේ ඩ්‍රයිව් කරන ජන්ග්කුක්ට අද විවේකීව යන්න පුලුවන් වුනෙත් ජිමින් නිසා....

" යතුර දෙන්නකෝ ... අද ඔයා නිදහසේ එන්න.. බලන්නකෝ මගේ ඩ්‍රයිවින් කොහොමද කියලා.!"

උදේම ක්ලබ් එකෙන් එන්න එද්දී ජිමින් ජන්ග්කුක්ගෙන් වාහනේ යතුර අතට ගත්තේ එහෙම.... ජන්ග්කුක්ගේ හිත ඒ දේට අකමැති වුනත් ජිමින්ගේ මූණේ තිබ්බ හිනාව මකන්න බැරි නිසාම කොල්ලා ජිමින්ගේ කැමැත්තට ඉඩ දුන්නා... ඒත් මගක් යද්දී ජන්ග්කුක්ට තේරුණා ජිමින්ට වාහනේ දුන්න එකත් කොච්චර හොදද කියලා.. මොකද දැන් ජන්ග්කුක්ට ජිමින්ව හිතේ හැටියට බලා ගන්න පුලුවන් නිසා.....

ජන්ග්කුක් තමන් දිහා බලන් ඉන්න බව ජිමින් දන්නවා... ජිමින්ට ඕන වුනේ නැහෑ ජන්ග්කුක්ව වලක්වන්න.. ඒ වෙනුවට ජිමින් කලේ තව තවත් ජන්ග්කුක්ගේ හිත ඇදිලා යන වැඩ කල එක.. එහෙම නැත්නම් ජන්ග්කුක් දිහා බලලා ඇස් හිනී කරලා හරි ලස්සනට හිනා වුන එක....

පැයක විතර ගමන අවසානය වුනේ බූසාන් වල තිබ්බ වෙරළක්... සති අන්ත දවසක් නිසා සෙනග ටිකක් හිටියත් ජිමින්ටනම් ඒ ගැන ගාණක් නොවුන හැඩයි.. පුංචි ළමයි එයාලගේ ඔම්මා අප්පා එක්ක සෙල්ලම් කරන් දිහා බලන් ජිමින් එයාගේ හීනී ඇස් තවත් හීනි කර කර හිනා වුනා..  ඒ හිනා වෙන අතර ජන්ග්කුක්ට ඒ පුංචි බබාලව පෙන්වන්නත් අමතක කලේ නැහෑ... ජන්ග්කුක් මුලින් හිනා වුනත් පස්සේ මහා අමුතු දුකක් දැනුනා...ජිමින් බබාලට ආස ඇති නේද කියලා.. ජිමින් සමහරවිට තමන් නිසා අමාරුවක නොවැටුනානම් , ක්ලබ් එකට ආවේ නැත්නම් මේ වගේ පුංචි පවුලක් හදන් ලස්සනට ඉදී නේද කියලා ජන්ග්කුක්ට හිතුනා..  ඒත් ජන්ග්කුක් දැනන් හිටියේ නැහෑ ජිමින්ගේ හිතේ තියෙන සිතුවිලි... එහෙම නොවුනානම් ජන්ග්කුක්ගේ ඇස් අග රැදුන කදුලු බිංදුව පවා ඉතිරි වෙන්න තිබ්බා....

STRAWBERRIES & CIGARETTES  🍓🚬 || JiKooK || PJM x JJK [ Completed ]Where stories live. Discover now