POSTSCRIPT 🍓🚬

680 193 118
                                    

STRAWBERRIES & CIGARETTES 🍓🚬සත්‍ය :

Author View..

ජන්ග්කුක්ගේ අතේ තිබුණේ සිතුවමක්.. සිතුවමේ අයිතිකරු ජන්ග්කුක්ට අනුව ජිමින් .එහෙම නැත්නම් පාර්ක් ජිමින් වුනා.. ජන්ග්කුක් කියන්නේ බූසාන් 97 ක්ලබ් එකේ ඕනර් වගේම දැඩි ගති පැවතුම් තියෙන හිතුවක්කාරයෙක් කියන එක කවුරුත් දන්න නොරහසක් ... නමුත් කලක සිටන් ජන්ග්කුක්ගේ හැසිරීමේ වෙනසක් සිද්ද වුනා...

ජන්ග් හෝසොක්. එහෙම නැත්නම් හෝබි කියන්නෙ මේ හිතුවක්කාර ක්ලබ් ඕනර්ගේ එකම මිතුරා .. ජන්ග්කුක්ගේ මේ වෙනස් හැසිරීම දැක්ක එකම කෙනා වුනෙත් මේ හෝබී විතරයි . ...

හැමදාම බීගෙන කෙල්ලො එක්ක කාලය ගෙවන ජන්ග්කුක් කීප දවසක ඉදන් තනිවම බොන්න හුරු වෙද්දි , බීලා බීලා තමන්ගෙම කාමරේ නිදා ගත්තේ හෝබීව විතරක් නෙවෙයි හෝබීගේ ආදරය වුනා ටේහ්‍යුන්ග්ව පවා පුදුම කරලයි....

දින ගාණක් තිස්සේ බීමතෙන් නින්දට යද්දී පේන හීන නිසා ජන්ග්කුක් තනි වුනා..හීන ලෝකේ ජන්ග්කුක්ගේ හැබෑ ලෝකෙට වඩා හුගක් වෙනස්.. ජන්ග්කුක් ඒ හීනේ ආදරය කලා... ඒකත් කොල්ලෙක්ට.. හරියට හෝබී වගේම.. කාලයක් තිස්සේ හොබීගේ ආදරේ සාක්ෂි කාරයෙක් වුන ජන්ග්කුක් ඒ දේවල් නිසා තමන්ගේ හිතේ ඇදෙන මනස්ගාත නිසා රෑට හීනෙන් ඒ දේවල් පේනවා කියලා හිතුණත් කාලයක් යද්දි ජන්ග්කුක් ඒ හීනයට ඇබ්බැහි වුනා...හරියට ජන්ග්කුක් දවසෙම ඒ හීනේ වෙනුවෙන් බලන් ඉන්නවා වගේ... ඒ නිසාම ජන්ග්කුක් හැම වෙලේම බීලස් නිදා ගන්න පුරුදු වුනා .ඒ වගේම  හීනයක් නිසාම ඒ දේවල් තමන්ට අමතක වේවී කියන බයට ජන්ග්කුක්  කොළයක හීනේ තමන්ගේ ආදරය වුන ඒ සිත්කලු පිරිමියව සිතුවමට නගන්නත් පුරුදු වුනා....

අවසානයේ ජන්ග්කුක් ඒ සිතුවමට පෙම් බැන්දා.. කවදාවත් ,කොහේදීවත් නොදැක්ක මේ පිරිමියාට ජන්ග්කුක් ආදරය කලා...!! හීනෙන් මෙන්න හැබැහින්ම... !!

" එයා භාවනාවක්.. !! "

ජන්ග්කුක් ඒ සිතුවම දකින වාරයක් ගාණේ තමන්ටම මුමුණ ගත්තා ....

ජන්ග්කුක් ඒ සිතුවම දකින වාරයක් ගාණේ තමන්ටම මුමුණ ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
STRAWBERRIES & CIGARETTES  🍓🚬 || JiKooK || PJM x JJK [ Completed ]Where stories live. Discover now