1st voyage

607 181 16
                                    

Jungkook's POV

කොලේජ් එකට වෙලා මම තව පැය කීයක් පේපර් එක ලියන්න තියනවද කියලා බල බල හිටියේ මට ඉක්මනට ගෙදර යන්න ඕනේ උන හන්දා. එන්ඩ් සෙමෙස්ටර් එක්සෑම් එක නිසා මට බොරු ලෙඩක් කියලාවත් ගෙදර ඉන්න උනේ නැත්තේ මේ සෙමෙස්ටර් එකට මෙඩිකල් දාලා ඊලග සෙමෙස්ටර් එකට වැඩ වැඩි කරගන්න එපා කියලා පපා කිව්ව හන්දා. ඒත් මට එක්සෑම් එකට වඩා වටින්නේ අද ගෙදර ඉන්න එක කියලා පපාට කියාගන්න බැරි උන හන්දද මන්දා.

"තව මිනිත්තු පහයි."

එක්සැමිනර් අන්තිමට වෙලාව කියලා ගියාට පස්සේ මම පේපර් එක පෙරලලා මම ඔක්කොටම ආන්සර් කරලා නේද කියලා බැලුවා. පොඩ්ඩක් අවුල් වගේ තිබ්බ ප්‍රශ්න දෙකත් ආයේ බලලා ඉන්ඩෙක්ස් නම්බර් එක දාලා තියනවා හරි නේද කියලා චෙක් කරලා ඉවර උනාට පස්සෙ විනාඩි පහ ගිහින් ඇති කියලා හිතුවත් ඩිජිටල් බෝඩ් එකේ තව විනාඩි හතරක් තියනවා කියලා පෙන්නනකොට මම විනාඩියට තත්පර හැටද නැත්තන් හය සීයද කියලා කල්පනා කරා. මතක තරමින් හැටයි නේද කියලා මතක් කරගෙන මම තත්පරෙන් තත්පරය වෙලාව යන හැටි බලාගෙන හිටියේ ඉක්මනට විනාඩි පහ යන්න කියලා හිතාගෙන.

"කාලය අවසන්. ඔයාලගේ පේපර් එක ඇඩ්මිශන් එකත් එක්ක මේසය කෙලවරින් තියන්න."

මම පේපර් එක තියලා ඇඩ්මිශන් එකෙත් අත්සන් කරලා ඊට පස්සේ පෑන් පැන්සල් ඔක්කොම කේස් එකට දාගත්තේ මගෙ පේපර් එක අරගෙන ඉවර උන ගමන් ගෙදර දුවන්න බලාගෙන. ඒත් පේපර් එක ගත්තත් කවුරුත් නැගිටලා යන්නේ නෑ කියලා තේරුනම මම පුටුවෙන් නැගිටුනේ මම ගියාට පස්සේ අනිත් අය මගේ පස්සෙන් එන්න පටන් ගනියි කියලා හිතාගෙන. ඒත් එක්සැමිනර් විදිහට හිටපු අපේ ලෙක්චරර් කෙනෙක් මගේ නම කියනකොට මාව එතනම වාඩි කෙරවුනා.

"මිස්ටර් ජියොන්. තාම මම යන්න කිව්වේ නෑ. "

ශේප් එකේ මම වාඩි වෙලා අනිත් අය දිහා බලන්නේ නැතුව හිටියේ එයාලා මට හිනා වෙනවා දකින්න ඕනේ නැති උන හන්දා. කන්දෙක රත් වෙනවා වගේ දැනෙනකොට මම අත් දෙකෙන්ම කන් වහගෙන ලෙක්චරර් කතා කරන දිහා බලාගෙන හිටියා. ඊලග සෙමෙස්ටර් එක ගැන, එල්.එම්.එස් හරහා කරන යුනිට් ගැන , ලැබ් ප්‍රැක්ටිකල්ස් ගැන, ටියුටෝරියල් දවස් ගැන ඇතුලු ඔක්කොම කියල ඉවර වෙනකොට මගේ හිතේ තිබ්බ ප්‍රශ්නේ වෙන ළමයෙක් මම වෙනුවෙන් ඇහුවා.

"සර්, වැකේශන් කොච්චර දවස්ද?"

"දවස් 10යි. දවස් 14ක් දෙන්න හිටියත් අපිට දෙන්න පුලුවන් දවස් 10ක් විතරයි."

දවස් හතක් විතරක් දෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටපු මට දවස් දහය ලොකු දෙයක් උනා. උඩ පැනලා නටන්න බැරි කමට මම හිතෙන් සතුටු වෙනකොට ලෙක්චරර් දැන් නැගිටලා යන්න පුලුවන් කිව්වම මම ඉක්මනට එයාට ආචාර කරලා එලියට ආවා. වෙනදට පොඩ්ඩක් ජිමින් එක්ක හරි, ටේයුන් එක්ක හරි කතා කර කර හිටියත් මම අද ඉක්මනට ගෙදර එන්න ආවේ එයා දැනටමත් ඇවිල්ලා ඇති කියලා හිතාගෙන.

කාර් එක ඇවිත් ඩ්‍රයිවර් මට දොර අරිනකන් ඉන්නේ නැතුව මමම කාර් එක ලගට දුවගෙන ගිහින්, මම දොර ඇරලා වාඩි උනේ එක තත්පරයක් වත් මට නාස්ති කරගන්න ඕනේ උනේ නැති හන්දා. මග දිගට ඊලග දවස් දහය ගැන කල්පනා කර කර යනකොට මගේ ෆෝන් එකට ජිමින්ගෙන් ආව කෝල් එකත් මම කට් කරලා දැම්මා.








The Voyage  |  Jungkook Centric   |  Completed Where stories live. Discover now