10th voyage

407 172 33
                                    

Jungkook's POV

පාඩම් කරන්න තිබ්බ උදේ එලාර්ම් එකත් එක්ක මම නැගිටින කොට මගේ ඔලුව රිදුනේ ඇයි කියලා මට හිතා ගන්න බැරි උනා. ඔලුව හොදටම රිදුන නිසා මම එලාර්ම් එක ඕෆ් කරලා ආයේ නිදාගන්න හැදුවත් විනාඩි පහක් යන්න කලින් සීතල අතක් මගේ මූණෙන් දැනෙනකොට මම ඇස් ඇරියා.

" කූ  "

"නැගිටින්න. "

"පරක්කු වෙනවා. "

"කූ. "

මම ඇස් වහගෙන ම ආයේ මේ මම දකින්නේ හීනයක් නේද කියලා මගෙන් අහලා, මගේ හිත හීනයක් තමයි කියලා කිව්වම මම තදින් ඇස් වහගත්තේ මේ හීනෙන් මට නැගිටින්න ඕනේ නෑ කියලා හිතාගෙන. පපා මගේ ලග ඉන්නවා නම් මට ඒ හීන වලින් නැගිටින්න ඕනේ උනේ නෑ. ඒත් ආයෙමත් සීතල අත මගේ කොණ්ඩේ අස්සෙන් යනකොට මට තේරුනා ඒක හීනයක් නෙවෙයි කියලා. මම ඉක්මනට ඇස් ඇරියම හිනා වෙලා මගේ දිහා බලාගෙන ඉන්න පපා දැක්කම මම ඇස් පිහ දාලා ආයේ බැලුවේ ඇත්තටම හීනයක් නෙවෙයි නේද කියලා තේරුම් ගන්න බැරුව.

ඒත් හිනයක් උනත් ඇත්ත උනත් ඒ පපා හන්දා මම ඉක්මනට පපාව බදාගත්තා. මගේ ටී ශර්ට් එකට එලියෙන් පපාගේ සීතල අත් දැනෙනකොට මට තේරුනා මේක හීනයක් නෙවෙයි කියලා. එ හන්දා මම පපාව තව තවත් හයියෙන් බදාගන්නකොට මට මෙච්චර වෙලා අමතක වෙලා තිබ්බ මතක මගේ ඔලුවට ආවා. ඒ අතරේ පපා මට කොලේජ් යන්න ලෑස්ති වෙන්න කියලා කිව්වා.

" කොලේජ් යන්න පරක්කු වෙයි කූ. යන්න. ගිහින් බ්‍රශ් කරන් එන්න. "

පපා එක්ක ඊයේ උන දේවල් එක පෙලට මතක් වෙනකොට මම කරන්ට් එක වැදුනා වගේ පපාගේ ඇගෙන් අයින් වෙලා ඇදෙන් බැහැලා බාත් රුම් එකට ආවා. බ්‍රශ් එක අරගෙන ටූත් පේස්ට් දාගත්තත් මගේ ඇස් වලින් ආයේ කදූලු වැටීගෙන ගියේ පපා ඔය ඇවිල්ලා ඇත්තේ මට යනවා කියන්න වෙන්න ඇති කියලා හිතුන නිසා. මම බ්‍රශ් කරන අතරේ පපා දොරට තට්ටු කරත් මම ඇහෙන්නෙ නෑ වගේ ඉන්නකොට අන්තිමට පපා කතා කරා.

"කු. මම අන්ක්ල් යුන්ගිට කතා කරා. එයා කිව්වා එයාට නිවාඩුවක් ගන්න පුලුවන් කියලා. අන්ක්ල් හෝසෝක්ත් එයි. එක්සෑම් ඉවර උන ගමන් ඔයාට පුලුවන් මෝල්දිව්ස් යන්න. මම තව යන්න තැන් බැලුවා. ඔයා හෝස් රයිඩින් ආස නිසා මම හිතුවා ඔයාට ඒකට ට්‍රේන් කරවන්න ඕනේ කියලා මේ නිවාඩු කාලේ. පැරාග්ලයිඩින් කරන්නත් මම බුක් කරලා තියෙන්නේ. ඔයා ගේ ජම්ප් එක මම පහල ඉදන් වීඩියෝ කරන්නම්-"

The Voyage  |  Jungkook Centric   |  Completed Where stories live. Discover now