11th voyage

399 173 23
                                    

Jungkook's POV


එක්සෑම් දවස් ටික මම හිතුවට වඩා ගොඩක් අමාරු උනා. මම පාඩම් කරපුවා ඔක්කොම අමතක වෙලා වගේ දැනෙනකොට මම පාන්දර වෙනකන් නැගිටලා ඉදලා පාඩම් කරා. මම පාඩම් කරන  අතරේ පපාත් පොතක් අරන් ඇවිත් ස්ටඩී රුම් එකටම වෙලා කියව කියව හිටියා. හොදටම පුලුවන් උන සබ්ජෙක්ට් එක අමාරුම සබ්ජෙක්ට් එක වෙනකොට පපා මමාට කියලා අපි තුන් දෙනාට ටියුටර් කෙනෙක් හොයලා දුන්නා. මමා එයාගෙ කොලේජ් ප්‍රොෆෙස කෙනෙක්ම එව්ව හන්දා අපිට තව ඒ මොඩ්‍යුල් එක ලේසි කරගන්න පුලුවන් උනා. මොන දේ උනත් පපා උදේ ඉදන් රෑ වෙනකන් මගේ ලගම හිටියා.

උදේට මාව කොලේජ් අරන් ගිය පපා මාව කොලේජ් එකෙන් දාලා අන්ක්ල් යුන්ගි එක්ක හරි, අන්ක්ල් හෝසෝක් එකක් හරි කොලේජ් ඉවර වෙනකන් කොහේ හරි ගියා. ඒ  දෙන්නාම නැති දවසට අන්ක්ල් නම්ජූන් එක්ක මියුසියම් එකක් බලන්න හරි ආර්ට් එක්සිබිශන් එකකට හරි ගිය පපා හවසට වෙලාවට මාව කොලේජ් එකෙන් ගන්න ආවා. මේඩ්ලට නිවාඩු දීලා අපිට කෑම හදපු පපා ජිමින් ටේයුන් අපේ ගෙදර ඉදන් පාඩම් කරන දවස් වලට අපිත් එක්ක  රෑ වෙනකන් නැගිටලා හිටියා. හොදම දේ පපා මාත් එක්ක නිදාගන්නත් ආව එක. මම කකුලෙන් ගහන.හන්දා හැමදාම රෑට පපා නැගිටලා එයාගේ රූම් එකට ගියත් මේ දවස් හත පපා මම උදේ නැගිටිනකොටයි නිදාගන්න කොටයි මගේ ලගම හිටියා.

අද අන්තිම සබ්ජෙක්ට් එක නිසා මගේ හිතේ ලොකු බරක් නිදහස් වෙනවා කියන දේ මගේ හිතේ තියනකොට මම පපා එක්ක හෙට ඉදන් කරන දේවල් ගැන කියව කියව කොලේජ් එකට ආවා.  අද ඉදන්ම එලියට යන්න ඕනේ උනත් පපා අද ගෙදර ගිය ගමන්ම මම නිදාගන්න ඕනේ කියලා කියන කොට මගේ බනී ස්මයිල් එකවත් , පවුට් එක වත් පපාගේ තීරණය වෙනස් කරන්න සමත් උනේ නෑ.

මමා ගේ සපෝර්ට් එකත් තිබ්බ හන්දද මන්දා මට හිතුවට වඩා හොදට සබ්ජෙක්ට් එක හොදට ලියාගන්න පුලුවන් උනා. වෙනදට නහයෙන් අඩන ටේටේත් අද හොදට ලිව්වා කියලා කියනකොට මම තේරුම් ගත්තා අපි කට්ටියම මේ පාර වැඩේ අවුල් කරගත්තේ නෑ කියලා. අනිද්දා ඉදන් පටන් ගන්න අපේ ටුවර් එක ගැන ගේට් එක ලගට වෙලා කතා කර කර ඉන්න කොට පපා ගේට් එක ලගින් කාර් එක නැවැත්තුවා. මම ජිමින්ලට බායි කියලා එතනින්ම මාරුවෙන්න හැදුවත් පපා ජිමින්, ටේයුන් එක්ක කියවන්න පටන් ගත්තහන්දා මගේ මාරු වෙන අදහස විනාශ වෙලාම ගියා

The Voyage  |  Jungkook Centric   |  Completed Where stories live. Discover now