12th voyage

375 166 16
                                    

Jungkook's POV

පපා පොරොන්දු උනා වගේම මාව ටුවර් එක අරන් යන්න ලෑස්ති උනා. ජිමින් ටේයුන් දෙන්නවත් අපි එක්ක ගමනට එකතු කරගත්ත පපා මුලින්ම අපිව මෝල්දිව්ස් එක්කන් ගියා. මම දැකපු ලස්සනම බීච් ටික මෝල්දිව්ස් වල තියනකොට අපි උදේ ඉදන් රෑ වෙනකන්ම බීච් එකේ දගල දගල හිටියා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පපා එක්ක හැම නිවාඩුවකටම මෝල්දිව්ස් එනවා කියලා හිතාගෙන අපි ඊලගට ෆ්‍රාන්ස් වලට ආවේ ෆ්‍රාන්ස් වල දවස් හතක ටුවර් එකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


පපා එක්ක හැම නිවාඩුවකටම මෝල්දිව්ස් එනවා කියලා හිතාගෙන අපි ඊලගට ෆ්‍රාන්ස් වලට ආවේ ෆ්‍රාන්ස් වල දවස් හතක ටුවර් එකට. අයිෆ්ල් එක ජිමින්ට වඩා කොටයි කියලා පේන ෆොටෝ එක ගන්න එක උදයක්ම මමයි ටේයුනුයි පොලොවේ නිදාගෙන ජිමින්ගේ ෆොටෝස් ගත්තා. අන්තිමට පපා ඇවිත් විනාඩි දෙකන් අපිට ඒ ෆොටෝ එක අරන් දුන්නට පස්සේ අපි අයිෆ්ල් බලල ආවා.

පැරිස් වල ලස්සනම තැන් ටිකට විතරක් ගියපු අපි ආයේ කොරියා වලට ආවේ මුලු මාසෙම මට ඇවිදින්න බෑ කියලා හිතුන හන්දා. මට පපා ලගම ඉන්න වෙලාවකුත් ඕනේ උනා. ජිමින් ටේයුන්ලව ගෙදරින් දාලා අන්තිමට අපි අපේ ගෙදර ආවම මම පපා එක්ක නිදාගත්තේ ෆ්ලයි කරලා මට හොදටම මහන්සි කියලා හිතුන හන්දා.

ඊලග දවස් ටික ගෙදර මූවි මැරතන් වලට, කෑම හදන්න , මගේ රූම් එක අස් කරන්න, ශොපින් කරන්න වගේ දේවල් වලට නිකන්ම ගෙවිලා ගියා. එකම එක දවසක් පපා එක්ක මම මමාව හම්බෙන්න ගියත් මට එකේන් සතුටක් තිබ්බේ නැත්තේ මමා එක්ක එයාගේ අනිත් ළමයි දෙන්නා සතුටින් ඉන්නවා දැකපු හන්දා..ඒත් මම පපා වෙනුවන් හිනා වෙලා මමා එක්ක කතා කරා. අන්‍තිමට පපා මමාව හග් කරලා එහෙන් එලියට එනකොට මම දැක්කා පපා ගේ ඇස් වල කදුලු තියනවා. ඒත් මම ඒක දැකපු බවක් අගවලා පපාට දුක් දෙන්න ඕනේ නැති හන්දා මම මග දිගට විකාර කියව කියව පපාව හිනස්සව හිනස්සව ආවා.

පපාගේ ඊලග වොයේජ් එකට කලින් පපා එක්ක ඉන්න පුලුවන් වෙන අන්තිම සතියේ මම ලොකු ප්‍රෙශර් එකක හිටියා. ඉස්සර පොඩි කාලේ  පපා එක්ක වෙනදටත් මේ වගේ දේවල් කරත් මගේ හිත කිව්වා පපාට මේ පාර වොයේජ් එකට යන්න එපා කියන්න තිබ්බා  නම්, මට තව කාලයක් පපා එක්ක මේ විදිහට ඉන්න තිබ්බා නම් හොදයි කියලා.

"කූ.  හොද හෝස් කෙනෙක් ඉල්ලගන්න මිස්ටර් චෝයිට කියලා. "

පපා එක්ක හෝස් රයිඩින් ඇවිත් මම දෙපාරක් වැටුනත් මම වැඩේ අත ඇරියේ නෑ. දුශ්ට අශ්වයොන්ව අයින් කරලා මම අන්තිමට හොද අශ්වයෙක්ව අරන් හරියට ප්‍රැක්ටිස් කරාට පස්සේ අවුලක් නැතුව අශ්වයෙක් පැදගන්න මට පුලුවන් උනා. ඒත් අශ්වයාගේ ඇග උඩ ගැස්සුන නිසාද මන්දා අන්තිමට මම පැය ගාණක් බාත්‍ රූම් එකේ වොමිට් කර කර හිටියෙ කාපු රස කෑම ඔක්කොම අපරාදේ කරවන ගමන්.

අපේ ප්ලෑන් එකේ අන්තිමට තිබ්බේ පැරාග්ලයිඩින් නිසා අපි පැරාග්ලයිඩින් කරන ස්ටේට් එකට දවසකට කලින් ඇවිත් නතර උනා. කැලැන්ඩර් එක දිහා බලාගෙන මම දාසය වෙන්න තව දවස් තුනයි නේද තියෙන්නේ කියලා කල්පනා කරනකොට පපා මගෙන් මොනවද කල්පනා කරන්නේ කියලා ඇහුවත් මම පපාට වෙනසක් පෙන්නුවේ නෑ. පපාත් ඇවිත් මගේ එහා පැත්තේ වාඩි උනාට පස්සේ අපි දෙන්නම ටීවී එක දාගෙන එක එක ඒවා බල බල ඉදලා අන්තිමට කම්මැලි නිසා සින්දු වාගයක් ප්ලේ වෙන්න දැම්මා. ඊලග සෝන්ග් එක ටයිටැනික් කියලා දැක්කට පස්සේ මම පපා දිහා බැලුවේ පපාගෙන් අහන්න ප්‍රශ්න ගොඩක් හිතේ තියාගෙන.

The Voyage  |  Jungkook Centric   |  Completed Where stories live. Discover now