Epilogue

653 191 93
                                    

Jungkook's POV


"ජිමින් ඔයා වෙලාවට එනවා නේද?"

අවුරුදු ගාණක් ගියත් මට කවදාවත් ජිමින්ව උදේ නැගිට්ටවන එක නවත්තන්න උනේ නෑ. එක විනාඩි පහක් මම කෝල් කරන්න පරක්කු උනොත් එයා ඒ වෙනුවට පැයක් පරක්කු වෙනකොට ටේයුන් ඒකටත් එක්ක මට බැන බැන හිටියා. එයා ජිමින්ව නැගිට්ටවන්න කිසිම දායකත්වය නොදුන්නත් ජිමින් පරක්කු උනාම ජිමින්ට විතරක් බනින්නේ නැතුව මටත් බනින්න තියාගත්තා.

ජිමින්ට කෝල් කරලා ඉවර උනාට පස්සේ මම අන්ක්ල් ජුන්ට කතා කරලා මම තව විනාඩි විස්සකින් ගෙදරින් පිටත් වෙනවා කියලා අන්ක්ල්ට කිව්වා. අන්ක්ල් ත් වෙලාවට ඇවිල්ලා ඉන්නම් කියනකොට මම මමාට කතා කරනවද නැද්ද කියලා ගොඩක් වෙලාවක් කල්පනා කර කර ඉදල අන්තිමට මමාටත් කතා කරලා ඉවර කරා.

කාමරයට ගිහින් මගේ බැගේජ් ඔක්කොම හරි නේද කියලා ආයේ පාරක් චෙක් කරපු මම පපාගේ කාමරයට ගිහින් එතන තියන මට ඕනේ වෙන දේවල් මොනවද කියලා හෙව්වා. පපාගෙයි මගෙයි ෆොටෝ එක දැනටමත් මගේ බැගේජ් වල තියන හන්දා ඒවා නැතුව වෙන දේවල් හොයනකොට මට පපාගේ ට්‍රැවල් ජර්නල් එක හම්බුනාම මම එක් අරගෙන මගේ බැගේජ් එකට දාගන්න බඩු ගොඩට දාගත්තා. මමා , මම , පපා ඉන්න නෙක්ලස් පෙන්ඩන්ට් එකත් මගේ චේන් එකට දාගෙන මම අන්තිම පාරටත් පපාගේ රූම් එක ස්කෑන් කරලා බලලා මට ගෙනියන්න මොකුත් නෑ නේද කියලා කල්පනා කරල පපාගේ රූම් එකෙන් එලියට ආවේ මිසිස් කැමිලියාව හොයාගෙන යන්න.

කිචන් එකට වෙලා එලිය බලාගෙන කෑම හදන මිසිස් කැමිලියා ලගට ගිහින් මම එයාව හග් කරගන්නකොට පපා වගේම මිසිස් කැමිලියත් ගැස්සුනා. ඒත් පපා වගේ මට බනින්නේ නැතුව මිසීස් කැමිලියා එතන තිබ්බ කිචන් ටවල් එකෙ  අත පිහදගෙන මාව එයාගේ ඉස්සරහට අරගෙන මගේ ඔලුවේ ඉදන් පහලට ඇස් වල කදුලුත් පුරවගෙන  බලාගෙන හිටියා.

"මාස්ටර් ජින් වගේමයි."

මම මිසීස් කැමිලියාට තව මොකුත් කියන්න නොදී කැම මේසෙන් වාඩි උනාට පස්සේ එයා මට කෑම ටික සර්ව් කරා. වෙනදට පපා වාඩි වෙන පුටුව දිහා බලාගෙන මම පපා ඉන්නවා කියලා හිතාගෙන එයා එක්ක හිනා වෙලා ඉක්මනට කෑම අරගෙන වතුර බීලා මිසිස් කැමිලියා ලගට ආයේ ආවා.

The Voyage  |  Jungkook Centric   |  Completed Where stories live. Discover now