5th voyage

418 172 24
                                    

Jungkook's POV


පපා හවස වෙනකොටත් ආවේ නැති උනාම මම පහලට වෙලා පපා එනකන් බලන් හිටියා. මිසිස් කැමිලියා සැරෙන් සැරේ ඇවිල්ලා මට පපා එනකන් බලන් ඉන්න එපා කිව්ව එක මතක් කෙරෙව්වත් එයත් රෑ වෙනකන් මාත් එක්ක පපා එනකන් බලන් හිටියා. අන්තිමට ම්සිස් කැමිලියා කෑම ප්ලේට් එකත් අරන් මට ඩිනර් එක කවන අතරේ ඉස්සර පපාගේ නැනී වෙලා ඉන්න කාලේ පපා කරපු දේවල් කියනකොට මට හිනා වෙන්න ඕනේ උනත් මම වෙනදා වගේම ගෙදර මේඩ්ලා ඉස්සරහා තියන මගේ හැගීම් නැති මූණ දාගෙන හිටියා.

රෑ අට, රෑ නවය ,රෑ දහය , රෑ එකොලහා වෙනකොටත් පපා ආවේ නැති වෙනකොට මගේ ඇස් පුටුවට උඩදිම පියවිලා ගියේ පපාගෙන් කෝල් එකක්වත් හම්බෙන්නේ නැතුව. හීනෙන් වෙනදට පපාව දැක්කත් අද එහෙමවත් දකින්නේ නැතුව මට හොදට නින්ද ගියේ පහු වෙනිදා වෙනකන්ම කිසිම බාදාවක් නැතුව.

රෑ එකොලහට පුටූව උඩ නිදාගෙන හිටපු මම උදේ නැගිටිනකොට මගේ ඇදේ හිටියා. නින්දෙන් වගේ පපා මාව උස්සගෙන ඇවිත් ඇදේ තිබ්බා කියන මතකය තිබ්බත් ඒක බාගෙට දැකපු හීනයක් කියලා හිතාගෙන මම ඇදෙන් නැගිට්ටා. ඒත් ඇදේ එක කෙලවරක තියන පොඩි ලොකු බොක්ස් ගොඩ දැක්කම මගේ මූණේ හිනාවක් ආවේ පපා මේ දේවල් ටික මට අරන් එයි කියලා මගේ හිත කලින්ම මට කියලා තිබ්බ හන්දා.

ලේටස්ට් ෆෝන් එක, ලේටස් මැක්බුක් මොඩ්ල් එක එනකොට පපා මට ඒවා ගන්න කියලා සල්ලි දුන්නත් මම කැමති උනේ පපාම ඒ දේවල් ගෙනත් දෙනවට..ඒත් දවස් හතරකට කලින් ලෝන්ච් උන අලුත්ම ෆෝන් මොඩ්ල් එක මගේ ඇද උඩ තියනකොට මම අනිත් ඒවත් එහෙ මෙහෙ කරලා තියන දේවල් බැලුවා. වොන් මිලියන ගාණක බඩු මගේ ඇද උඩ තියනකොට මම සමහර ඒවා කඩලා බලන්නෙත් නැතුව පපාගේ කාමරයට දුවගෙන ආවේ පපාට මේ හැමදේටම ස්තූති කරනවා කියලා හිතාගෙන.

පපාගේ කාමරය හිස් වෙනකොට මගේ හිතේ ඊයේ බයම ආවත්, ඊයේ වගේම මම බය උනත් පපා ගිහින් නැතුව ඇති කියන හැගීම මගේ බය අඩු කරා. කාමරෙන් ආයේ එලියට එන්න යනකොට ඊයේ තිබ්බ පපාගේ සූට් කේස් ටික අද ඇද ගාව නෑ නේද කියලා නෝට් උනාම මගේ හිතේ අඩු උන බය නැවත් ඇති වෙන්න ගත්තා. පපා කිචන් එකේ ඉන්න කියලා උඩ ඉන්න දෙවියන්ට ප්‍රාර්තනා කරන ගමන් මම පහලට දුවගෙන එනකොට මිසිස් කැමිලියා තව මේඩ් කෙනෙක්ට කරන්න ඕනේ දේවල් ද කොහෙද කිය කිය හිටියා.

"යන්ග් මාස්ටර්.ගුඩ් මෝනින්."

"මෝනින්. පපා කෝ?"

"ම්ම්.මාස්ටර් ජින් ආයෙමත් ගියා."

"කීයටද පපා එනවා කිව්වේ? වෙලාව අහගත්තේ නැද්ද?"

"මාස්ටර් ජින් ආයේ ශිප් එකට ගියා. මේ පාර බ්‍රසිල් යන ශිප් එකක් හන්දා ආයෙ එන්න මාස හයක් වත් යයි කිව්වා. "

"ප-පපා ශිප් එ-එකට ගියාද?"

මගේ ඇස් වල කදුලු පිරීගෙන එනකොට මම ආයේ මගේ කාමරේට දුවගෙන ආවේ මගේ කදුලු වෙන කාටවත්ම පෙන්නන්න මට උවමනාවක් තිබ්බේ නැති හන්දා.

The Voyage  |  Jungkook Centric   |  Completed Where stories live. Discover now