6th voyage

424 174 31
                                    

Jungkook's POV

 
පපා එදා ශිප් එකට ගිහින් මට කෝල් එකක් දිලා පපාට ඇයි හදිසියේ යන්න උනේ කියලා විස්තර කරා. වෙනදට පපා ආවම මාසයක් හිටියත් මේ පාර පපාට ගවමන්ට් එකේ රික්වෙස්ට් එකක් හන්දා බෑ කියන්න විදිහක් නෑ කියලා කියනකොට පපා ඉන්න තත්වය මම තේරුම් ගත්තා. ඒත් මාස අටකට පස්සේ පපා ඇවිත් එක දවසක් වත් පපා එක්ක හරියට කතා කරන්න බැරුව ආයේ පපා මාස හයකටවත් එන්නේ නෑ කියලා කිව්වට පස්සේ මට ඇඩුනේ අවුරුද්දක්ම මට පපා නැතුව ඉන්න වෙනවා කියන එක මගේ ඔලුවට වද දුන්න හන්දා.

මමා සැරින් සැරේ කතා කරලා එයා ලගට එන්න කිව්වත් ලග නැති පපා ලග ඉන්න එක මට මමා ලග ඉන්නවට වඩා සහනයක් උනා. මමා , පපා ඩ්වෝස් උන දවසේ ඉදන් මම පපාගේ ලගින් යන්නේ නෑ කියලා හිතාගත්තත් එකම එක පාරක් සතියකට මමා ලග ඉන්න ගිහින් මම ආයේ පපා ලගට ආවේ මමාගේ දෙවනි මැරේජ් එකේ පුතාගේ ඔලුවට මැහුම් තුනක් දාන්න පුලුවන් වෙන විදිහේ වැඩක් කරාට පස්සේ. ඒ සිද්දිය උනේ පොඩි කාලෙ උනත් මට දැනුත් මමාගේ  ගෙදර මමාගේ අලුත් පවුල එක්ක ඉන්න එක හොද දෙයක් විදිහට දැක්කේ නෑ. පපා එන්න මාස ගණන් පහු උනත් මම පපා එනකන්ම බලාගෙන හිටියේ මේ ලෝකේ මට ඉන්නේ  පපා විතරයි, පපාට ඉන්නේ මම විතරයි කියන එක සැරින් සැරේ මතක් කරගෙන.

පපා මාස ගාණක් දුර ඉන්නකොට සමහර වෙලාවට මට සති තුනකට එක පාරක් විතරක් පපාට කතා කරන්න පුලුවන් වෙලාවල් ආවා. පපා පෝර්ට් එකකට යනකන් එයාට ෆෝන් පාවිච්චි කරන්න බැරි වෙනකොට ඉස්සරම මට පපා එක්ක සති ගණන් කතා නොකර ඉන්න එක අමාරු දෙයක් උනත්, දැන් මම ටික ටික ඒකට පුරුදු උනා. පපාගේ කෝල් එක නැතුව ඉන්න පුරුදු උනත් පපා ඉදලා ඉදලා ගෙදර එනකොට පපාට ආයේ යන්න වෙන එකට මම පුරුදු වෙලා හිටියෙ නෑ.

ඒ දවස් දහය මම ජිමින්ලගේ පවුලේ අයත් එක්ක එහෙ මෙහෙ යන්න තියාගත්තා. පපා නැති දවස් වල මට වැකේශන් හම්බුනාම පපාගේ හොදම යාලුවෝ දෙන්නා උන අන්ක්ල් යුන්ගියි, අන්ක්ල් හෝසොකුයි මාරුවෙන් මාරුවට මාවත් එයාලගේ ෆැමිලි එකේ දේවල් වලට එකතු කරගත්තා. අන්ක්ල් හෝසොක්ත් බිස්නස් ටුවර් එකක් හන්දා මේ පාර අන්ක්ල් යුන්ගිට මාව මදිවට, ටේටේත් බලාගන්න උනා...

"දැන් පපා මෙහෙම අපි තුන් දෙනාව බලාගත්තට මේ සෙමෙස්ටර් ඒකේ රිසාල්ට්ස් එනකොට බලන්නකෝ. අපි තුන් දෙනාගෙන ට්‍රිප්ල් මීට් පීසා එකක් හදයි. "

අන්ක්ල් යුන්ගි එක්ක ජේජු වලට ආව ට්‍රිප් එක අතරතුර ජිමින් රහසෙන් කියනකොට අපි තුන් දෙනාම හයියෙන් හිනා උනත් අපේ පවුල් වලින් ඉගෙන ගන්න දේවල් වලට හොදම නිදහස තිබ්බේ ජිමින්ට. ටේටේට පොඩ්ඩක් ගෙදරින් ප්‍රෙශර් කරනකොට මට කිසිම ප්‍රෙශර් එකක් හම්බුනේ නැත්තේ පපා මගේ ලග ගොඩක් වෙලාවට හිටියේ නැති නිසා. ඊටත් වඩා මම පපා ලග නැතත් පුලුවන් හැම විදිහකින්ම හොදම ලකුණක් පපාට පෙන්නන්න පුරුදු වෙලා හිටියා.

'කුක්. බැට් මෑන් ත්‍රී ඇවිල්ලා යුෆෝරියා තියටර් එකට. අපි හෙට බලන්න යමුද? '

"බෑ ටේටේ.  හෙට පපා පෝර්ට් එකකට ලන් වෙනවා කිව්වා. මට පපාගේ කෝල් එක මිස් වෙයි."

මම ඇදේ නිදාගෙන ටීවි බල බල ඉන්න අතරේ ටේටේ කෝල් කරාම මම එයාට බෑ කිව්වේ බැට්මෑන් ට වඩා පපාගේ කෝල් එක මට වටින හන්දා. මොන දේ උනත් මාව තේරුම් ගත්ත යාලුවෝ ඉන්නවා කියන හිතේ නිදහස මගේ හිතේ තියනකොට මට නින්ද ගියේ ෆෝන් එකට ඇවිල්ලා තියන මැසේජ් එකවත් දකින්නේ නැතුව.

1 message recieved from Papa ♥️
Papa will returned home next month Koo!!

The Voyage  |  Jungkook Centric   |  Completed Where stories live. Discover now