4th voyage

432 171 14
                                    

Jungkook's POV

"පපා ආයෙමත් ගියා? එයා කොහොමද අදම යන්නේ? පපා මේ මාසෙම ගෙදර ඉන්නවා කිව්වා. එයා කීයටද ආවේ?"

"යන්ග් මාස්ටර් කොලේජ් ගිහින් පැයක් විතර යන්න කලින් මාස්ටර් ජින් ගෙදර ආවා. ඒත් මාස්ටර් ජින් ගියේ ආයෙමත් සේල් කරන්න නෙවෙයි. නිකන් එලියට යනවා කියලා මට කිව්වේ. යන්ග් මාස්ටර් වොශ් එකක් අරන් දැන් කෑම අරන් ඉන්න."

මිසිස් කැමීලියා එයා හද හද හිටපු කෑම එක ඩිශ් එකකට දාන අතරේ මම ආයේ මගේ රූම් එකට ආවේ පපා ඉක්මනට එයි කියන බලාපොරොත්තුවෙන්. පපා ගියා කියලා කිව්වම මට කෑ ගහලා අඩන්න ඕන උනත් මිසිස් කැමිලියා මට පපා නිකන් එලියට යනවා කිව්ව හන්ද මගෙස් හිත දුර යන්න කලින් නැවතුනා. මාස හතකට පස්සේ ගෙදර ආව පපාව දකින්නවත් නැතුව ආයේ තනියම ඉන්න උනා කියන බය මගේ හිතේ වද දෙන්න කලින් මිසිස් කැමිලියා මාව බේරගත්ත එක ගැන මට එයාට ස්තුති කරන්නත් බැරි උනා නේද කියන එක මග් ඔලුවේ එහෙ මෙහෙ යනකොට මම බාත් රූම් එකට ආවා.

පුලුවන් ඉක්මනට බාත් රූම් එකෙන් එලියට එනකොටත් මගේ බඩ කුරුකුරු ගානකොට මම ඉක්මනට ඇදුමක් ඇදගෙන කෑම ගන්න කෑම කාමරයට ආවා. උදෙත් එක්සෑම් එකට පරක්කු උන හන්දා මට කෑම ගන්න වෙලාවක් තිබ්බේ නැති නිසා මම කෑම ගන්නේ නැතුව හිටිය හන්ද්ද මන්දා මට දැන් ලොකු බඩගින්නක් තිබ්බා. කෑම මේසෙන් වාඩි වෙලා කෑම ගන්න අතරේ මම මිසිස් කැමිලියාගෙන් පපා ගැන අහන්න හදනකොටම මිසිස් කැමිලියාගේ ෆෝන් එකට කෝල් එකක් ආවා.

"මාස්ටර් ජින් එන්න පරක්කු වෙනවා කියලා යන්ග් මාස්ටර්ට කාලා නිදාගන්න කියලා කිව්වා. "

මිසිස් කැමිලියා එයාගේ කෝල් එක ගැන කියනකොට මම කෑම කටේ පුරවගෙනම මේසේ උඩ තිබ්බ මගේ ෆෝන් එක අරන් පපාට කෝල් එකක් ගත්තා. ඇයි එයාට මට කතා කරලා ඕක කියන්න බැරි උනේ කියලා මම හිතෙන් බනින ගමන් කෝල් එක රින්ග් වෙන සද්දේ අහන් ඉන්නකොට පපා කෝල් එක කට් කරා කියන්න බීප් සවුන්ඩ් එක ඇහුනා..දෙවනි, තුන්වෙනි කෝල්ස් පපා තුන් වෙනි රින්ග් එකෙන් කට් කරාට පස්සේ මම ෆෝන් එක ආයේ මේසේ උඩට දැම්මත් ඒත් එක්කම ආව මැසේජ් එකට මම ආයේ ෆෝන් එක අතට ගත්තා.

1 message recieved from Papa ♥️
Papa is busy. Ttyl

                                              To Papa,
                                Come home asap.
                                            I miss you!

පපා ඒ වෙලාවෙම ඒ මැසේජ් එක සීන් කරත් මට් රිප්ලයි එකක් ආවේ නැති වෙනකොට මට තේරුනා පපා ඇත්තටම ඉන්නේ ලොකු වැඩක වෙන්න ඇති කියලා.

The Voyage  |  Jungkook Centric   |  Completed Where stories live. Discover now