3rd voyage

436 173 18
                                    

Jungkook's POV

ගෙදරට කිලෝ මීටර් දෙකක් විතර තියලා ට්‍රැෆික් එකට අහු උනාම මට වාහන උඩින් දුවලා යන්න සුපර් පවර් එකක් තිබ්බා නම් කියලා හිතුනේ එක විනාඩියක් වත් මට නැති කරගන්න ඕනේ උනේ නැති හන්දා. ඒත් එහෙම යන්න මම සුපර් මෑන් වත් බැට් මෑන්වත් අයන් මෑන් වත් නෙවෙයි කියන තිත්ත ඇත්ත මම තේරුම් අරන් හිටපු නිසා මම වාහනය ඇතුලට වෙලා පැයට මීටර් බාගෙක වේගෙන් ඉස්සරහට යන වාහන දිහා කේන්තියෙන් බලන් හිටියා.

කේන්තිය වැඩි වෙන්න වෙන්න මගේ ඇස් පියවෙනකොට මටත් නොදැනීම මට නින්ද ගියේ ඊයේ දවසේ රෑ එලි වෙනකන් හියුමන් ඇනටොමි මොඩ්‍යුල්ස් බලාගත්ත නිසා මගෙ ඇස් නින්දට කතා කරපු හන්දා. ඒත් මම ආයේ ඇස් අරිනකොටත් වාහනය තිබ්බ තැනම තියනවා කියලා හිතෙනකොට මම තේරුම් ගත්තා මට නින්ද ගිහින් තියෙන්නේ විනාඩි පහක් වගේ පොඩි වෙලාවක් කියලා. ඒත් මගේ අත් ඔරලෝසුව කිව්වා මට විනාඩි හතලිහක් නින්ද ගිහින් කියලා.

"ඇයි අන්ක්ල් මෙච්චර ට්‍රැෆික්?"

"අද අන්‍යොන් පෙරඩ් එක යනවනේ යන්ග් මාස්ටර්. "

"ඕ... ඒකත් අද නේද?"

පැයක් යනකොට වාහන ටිකෙන් ටික ඉස්සරහට යන්න පටන් ගත්තම මගේ කේන්තිය ටිකක් අඩු උනා. කිලෝ මීටර් දෙකක් යන්න ආසන්න වශයෙන් පැය දෙකක් ගත වෙනකොට මගේ ලේ නම් ඊට වඩා පිච්චුනා. ගෙදර ලගට ඇවිල්ලා ගේට් කීපර් ගේට් එක අරින්න පරක්කු වෙනකොට මම කාර් එකෙන් බහින්න හැදුවේ පොඩි ගේට් එකෙන් ගෙදරට දුවලා යනවා කියලා හිතාගෙන. ඒත් ඒ එක්කම ගේට් එක ඇරපු හන්දා මම ආයේ කාර් ඩෝ වහලා මාව ගෙදරටම ගේනකන් බලන් හිටියා.

ගෙදර ඉස්සරහින්ම කාර් එක නවත්තන කොට මම බෑග් එකවත් ගන්නේ නැතුව කාර් එකෙන් බැහැලා එලියට දුවගෙන ආවා. කාලෙකට පස්සේ මට අද සතුටු දවසක් වෙනකොට මම ශූස් දෙක ගලවන්නෙත් නැතුව ගෙදර ඇතුලේ බැලුවත් මට ඕනේ කෙනා මම එනකන් පුටුව උඩ වාඩි වෙලා බලන් හිටියේ නෑ.

එයා රූම් එකේ ඇති කියලා හිතාගෙන රූම් එකට දුවගෙන ගියාත් රූම් එකේ එයා හිටියේ නැති හන්දා මම බාත් රූම් එකට කන තියලා එයා බාත් රූම් එක ඇතුලේ ඉන්නවද කියලා බැලුවා. බාත් රූම් එකෙත් කිසිම සද්දය්ක් නැති හන්දා ඒකේ දොර ඇරලා බලපු මම බාත් රූම් එක ඇතුලෙත් එයා නෑ කියලා තේරුම් අරන් පහලට එන්න හදලා ආයේ මගේ රූම් එකට ගියේ එයා මගේ රූම් එකේ ඉදියි කියලා හිතාගෙන. එත් මගේ රූම් එකෙත් එයා ඉන්නෙ නැති වෙනකොට මම ටීවි ලොබී එක , බැල්කනි එක, තියට රූම් එක, පූල් එක , මාස්ටර් බෙඩ් රූම් එක.. ඔය ඔක්කොම තැන් බලලා කවුරුත් නෑ කියලා තේරුම් අරන් කිචන් එකට ආවේ එතන වත් එයා ඉන්නවා ඇති කියන පොඩි බලාපොරොත්තුවත් එක්ක.

~සමහර විට කෑම හදනවා ඇති.

ඒත් මගේ හිත ආයේ කඩන් වැටුනේ එයා වෙනුවට හෙඩ් මේඩ් මිසිස් කැමිලීයා එතන ඉන්නවා දැකලා. මිසිස් කැමිලියා එක්ක කතා කරන්නේ නැතුවම මම කිචන් එකේ වටයක් දාලා ජනෙල් වලින් එලියත් බලලා අන්තිමට මට ඕනේ කෙනා හම්බුනේ නැති නිසා කෑම එකක් මොකක් හරි කරන මිසිස් කැමිලියා ලගට ආවේ එයා කොහෙද කියලා දන්න එකම කෙනා මිසිස් කැමිලියා කියලා දන්න නිසා.

"පපා කෝ මිසිස් කැමිලියා?"

"මාස්ටර් ජින් ආයෙමත් ගියා!"

The Voyage  |  Jungkook Centric   |  Completed Where stories live. Discover now