14th voyage

372 170 23
                                    

Jungkook's POV 

පපා නැතුව එක අවුරුද්දක් ඉන්න අමාරු උන මට අන්තිමට පපා නැතුව ජීවිත කාලෙම ඉන්න උනා. ටයිටැනික් ගිලුන දවස අප්‍රේල් දාහතර ගැන හිත හිත ඉන්නකොට ඒ දවස් වල මගේ හිත කිව්වේ ටයිටැනික් වලට ගත්තෙත් පපා වගේම හොදම කැප්ටන් නේද කියලා. පපාටත් ටයිටැනික් වලට උන දේ වෙයි කියලා බයෙන් හිටපු මට අන්තිමට අප්‍රේල් දා හතර වෙනිදම පපාව නැති කරගන්න උනා. ඒත් ඒ මම බලාපොරොත්තුවෙන් හිටියට වඩා වෙනස් විදිහකට.

පපාගේ ෆියුනරල් එකට එන මිනිස්සු ගොඩ දැක්කම මට තේරුනා පපා කොච්චර මිනිස්සු හම්බ කරලා තිබ්බද කියලා. ඉන්ටනැශන්ල් ශිප් තියන කම්ප්නි වලිනුත් පපාට අවසන් ගෞරව දක්වන කොට මට පුලුවන් උනේ පපා හැමදාටම නිදාගෙන හිටපු තැන තිබ්බ සෝෆා එකට වෙලා නිදාගෙන පපා දිහා බලාගෙන ඉන්න විතරයි. ජිමින් ටේයුන් දෙන්නම මගේ ලග හිටියට මට පපා නැති උනාම දැනෙන පාලුව මහ ගොඩක් දැනුනා. මමා, අන්ක්ල් යුන්ගි, අන්ක්ල් හෝසොක්, අන්ක්ල් ජූන් ලා ඇවිල්ලා කතා කරත් මම පපාගේ කොෆින් එක දිහා බලාගෙන ඔහේ කල්පනා කර කර හිටියා.

~පපා මගේ ලග හිටියා නම්...

ප්‍රසිඩන්ට් ආවා කියලා අන්ක්ල් ජූන් මගේ ලගට ඇවිල්ලා කියනකොට මම ඉක්මනට පුටුවෙන් නැගිටලා පපා ලගට වෙලා පපා දිහා බලන් ඉන්න ප්‍රසිඩන්ට් ව හග් කරා. කවුරු හරි මාව ඇවිල්ලා නවත්තන්න හැදුවත් ප්‍රසිඩන්ට් එපා කිව්වා කියලා මට තේරෙනකොට මම පුලුවන් තරන් හයියෙන් එයාව හග් කරගෙන මගේ හිතේ මෙච්චර වෙලා හිර වෙලා තිබ්බ කදුලු එලියට යන්න දුන්නා.

"ඇයි ඔයා පපාට එන්න කියලා බල කරේ නැත්තේ. ඔයාට තිබ්බා පපාට අනිවර්‍යෙන් එන්න කියලා බල කරන්න.එහෙනම් පපා ඔයාට සර්විස් එක දෙන්න එනවා. ඔයා එහෙම කතා කරා නම් පපා තාමත් ඉන්නවා..ඇයි ඔයා පපාට එන්න කිව්වේ නැත්තේ සීයාපපා. ඇයි ඔයා පපාට එන්න කියලා බල කරේ නැත්තේ?"

මේ ලෝකේ කවුරුත් දන්නේ නැති දේවල් දෙකක් තිබ්බා. ඒකක් තමයි පපා සවුත් කොරියන් නේවි එකට සීක්‍රට් සර්විස් එක දුන්නා කියන එක. අනිත් එක පපා ප්‍රසිඩන්ට්ගේ නම ගත්තේ නැති පුතා කියන එක. අන්ක්ල් මින්ගෙන් මේ දේවල් මම දැනගත්තත් මම කවදාවත් පපාට මේ දේවල් කියන්නේ නැතුව , දැනගන්න දෙන්නේ නැතුව හිටියා. අද අන්තිමට මම මගේ සීයා පපාට සීයා පපා කියන්නේ මගේ පපා හැමදාටම මාව දාලා ගිය දවසක.

The Voyage  |  Jungkook Centric   |  Completed Where stories live. Discover now