7th voyage

388 172 18
                                    

Jungkook's POV

පපා කොලේජ් නොයා ඉන්න එපා කියලා කිව්වත් පපා එනකොට ගෙදර ඉන්න ඕනේ හන්දා මම අද ගෙදර නැවතුනා. අවුරුද්දයි මාස දෙකකට පස්සේ පපා අද මගේ ඉස්සරහට එනවා කියලා මතක් උනාම මට උඩ පැන පැන නටන්න හිතුනේ පපා එනකන් මම එච්චර කල් බලන් හිටපු හන්දා. මිසිස් කැමිලියාත් මගේ දිහා බලලා හිනා වෙවී ඉන්නකොට මම් වෙනදා වගේ නපුරූ මූණ තියන් ඉන්නේ නැතුව එයා එක්ක හොදට හිනා උනා.

"පපා එයා පෝර්ට් එකට ඇවිල්ලා ඇති නේද දැන්. ම්සීස් කැමිලියට පපා එන ෆ්ලයිට් එක කිව්වද? මට අහගන්න අමතක උනානේ. මට ට්‍රැක් කරලා බලන්න තිබ්බා. "

"මාස්ටර් ජින් ඉන්චන් පෝර්ට් එකට එන්නේ?"

"ග්වන්‍යන් නෙවෙයිද පපා එන්නේ? "

"නෑ. ඉන්චන් වලට එනවා කිව්වේ යන්ග් මාස්ටර්."

"පපාව ගන්න කවුරු හරි ගියාද එතකොට?"

"ඔව් යන්ග් මාස්ටර් හැමදේම හරියට තියනවා."

මම මිසීස් කැමිලියාගෙන් තව ප්‍රශ්නයක් අහන්න හදන කොට ගෙදර දොර ඇරෙන සද්දේ එනකොට මම කිචන් එකේ ඉදන් එලියට දුවගෙන ආවේ පපා ඇවිල්ලා ඇති කියන බලාපොරොත්තුවෙන්. මම හිතුවා වගේම පපා දොරෙන් එයාගේ එක සූට්කේස් එකක් තියනකොට අනිත් ඒවා පපාගේ පිටිපස්සෙන් ආව බට්ලර් අරන් ආවා. මම දුවගෙන ආව වේගෙන්ම පපාව ගිහින් බදාගන්න කොට පපා අඩි දෙක තුනක් පස්සට ගියේ මගේ හග් එක පපා බලාපොරොත්තු උනේ නෑ කියලා පෙන්නන ගමන්.

"ඔය කූ. වැටෙයි. බලාගෙන."

"පපා අයි මිස් යූ. අයි මිස් යූ. අයි මිස්  සෝ මච්. "

"පපා මිස්ඩ් යූ ටූ බනී බෝයි. කෝ පපාට වොශ් එකක් ගන්න දෙන්න. පපා ගොඩක් වෙලා එලියේ හිටියා. "

"බෑ. මට මෙහෙම ඉන්න ඕනේ. "

"පපා ලග ගදම ගදයි. "

"කමක් නෑ. මට ගද ඉවසන්න පුලුවන්..."

"විසබී-"

"මේ ලෝකේ නරකට විසබීජ දෙක එක්ක හැමදාම කොලේජ් එකේ ඉන්න මට පපාගෙන් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මට මෙහෙම ඉන්න ඕනේ."

මගේන් බේරෙන්න බෑ කියලා තේරුන හන්ද්ද මන්දා පපා මොකුත් නොකියා මාව හග් කරගෙනම හිටියා. වෙනදට හරියටම පපාගේ චෙස්ට් ඒකෙන් මගේ ඔලුව තියාගන්න පුලුවන් උනාට දැන් පපාගේ උරහිසෙන් තියාගන්න උනේ මම තවත් උස ගිහින් කියලා මට පෙන්නන ගමන්. මම එහෙමම පපාගේ බෙල්ල බදාගෙන ඉන්නකොට පපා මගේ ඔලුවට කිස් ගොඩාක් දෙනවා දැනුනම මම ඇස් වහගත්තේ පපාට මාව දාලා මේ දවස් ටිකේ එලියට යන්න දෙන්නෙම නෑ කියලා හිතාගෙන.

"කූ. පපා ඉක්මනට වොශ් එකක් අරන් එන්නම් හරිද?"

පපාව හග් කරගෙන පපාගේ කාමරයට ආවට පස්සේ මට වොශ් රූම් එකටත් පපාගේ පස්සෙන් යන්න හිතුනත් මම රූම් එකෙන් නැවතුනා. පපා ටවල් එකත් අරන් වොශ් රූම් එකට යන්න කලින් මට නයිට්ස්ටෑන්ඩ් එක උඩ තිබ්බ පපාගේ ෆෝන් එක පෙන්නනනකොට මම ඒක ගත්තේ පපා එනකන් මට ඕප දූප බල බල ඉන්න පුලුවන් කියලා හිතාගෙන.

ශිප් එක සේල් කරන අතරේ ලස්සන දේවල් තියනකොට පපා ඒ දේවල් රෙකෝර්ඩ් කරලා මට එවන්න පුරුදු වෙලා හිටියා.ඒත් එවනවට වඩා ලස්සන ඒවා පපාට එවන්න අමතක වෙනවා කියලා හැමදාම ෆෝන් එක බලනකොට පපා මට තේරුම් කරලා දුන්නා. එකම එක දවසක් කුණාටුවක් වෙලාවේ ශිප් ඩෙක් එකේ ඉදන් පපා අරන් තිබ්බ වීඩියෝ එක දැකලා මම පපාට ශිප් එකට යන්න එපා කියලා ඇඩුවට පස්සේ පපා ආයේ දරුණු දේවල් නැතුව ශිප් එකේ ඉදන් පේන ලස්සන දේවල් විතරක් රෙකෝර්ඩ් කරා.

ඉර පායන විදිහ, ඉර බහින විදිහ, ඩොල්ෆින්ලා පීනන විදිහ, පෝර්ට් එකේ එක පේලියට ලස්සනට ශිප්ස් නවත්තලා තියන විදිහ, එක එක මාලු වර්ග ලස්සනට මුහුදේ පේන විදිහ. ලස්සන ෆොටෝස් ගොඩක් අතරින් යනකොට මම වෙනදා වගේම පපාගේ අනිත් ෆොටෝ ඇල්බම් වලටත් ගිහින් හැමදාම වගේ හිත රිද්දන ෆොටෝස් දිහාත් බැලුවා.

The Voyage  |  Jungkook Centric   |  Completed Dove le storie prendono vita. Scoprilo ora