8th voyage

390 170 41
                                    

Jungkook's POV

පපාගෙයි මමාගෙයි වෙඩින් ෆොටෝස්. පපා කෲස් ශිප් එකක ඒ කාලේ කැප්ටන් වෙලා හිටපු නිසා පපාට ශිප් එකේ වෙඩින් එක ගන්න පුලුවන් වෙලා තිබ්බා. පපාගේ ෆෝන් එක මාරු කරන කරන හැම වෙලේම පපා මුලින්ම ෆෝන් එකට ගත්තේ මමාගෙයි පපාගෙයි වෙඩින් ෆොටෝස් ටික. ශිප් ඩෙක් එකේ ඉන්න ලස්සන කපල් එක දිහා බලන් ඉන්නකොට මම තේරුම් ගත්ත එකම දේ පපා එදා වගේම අදත් හරිම ලස්සනයි කියලා.

මට අවුරුදු දහය වෙනකොට මමා ඩිවෝස් කේස් එක ෆයිල් කරාට පස්සේ මතක ඇති කාලේ ඉදන් මම හිටියේ පපා එක්ක. පපා සේල් කරන්න යනකොට මිසිස් කැමිලියා මාව බලාගන්නකොට, පපා ඕෆ් ශෝ ඉන්නකොට මම පපා එක්ක හැම විනාඩියම ගත කරා. මාස ගණන් පපා එන්නේ නැති එක පුරුදු උනත් පපා එන වෙලාවට ආයේ යන එක ගැන මම පොඩ්ඩක් වත් කැමැත්තෙන් හිටියෙ නෑ.

මට ඕනේ උනේ පපාව මගේ ලගම විතරක් තියාගන්න. පපාට කොහෙටවත් යන්න නොදී හැමදාම මගේ ලග විතරක් තියාගන්න. සමහර විට මම ආත්මාර්ථකාමී කියලා මට තේරුනත් පපා ලග නැති නිසා මම එහෙම හිතනවා කියලා මගේ ආසාව සාධාරණීකරනය කරා. පපා ඉන්න දවස් ටිකේ කරන්න ඕනේ දේවල් දැන්ම ප්ලෑන් කරලා තියබ හන්දා මම පපාගේ අනිත් ෆොටෝස් බලනකොට මම දැක්කා මම කොලේජ් එකේ නිදාගෙන ඉන්න ෆොටෝස් පපාගේ ෆෝන් එකේ තියනවා.

ChimChim, TaeTae කියලා පපාගේ ෆෝන් එකේ පෙන්නන ඇල්බම් දැක්කට පස්සේ මම ඉක්මනට පපාගේ චැට්ස් වලට ගිහින් විසබීජ දෙකේ චැට් එක බැලුවා.  මම ලෙක්චර් එක මැද්දේ නිදාගෙන ඉන්න ෆොටෝස්, ලැබ් කෝට් එකේ අත දාගන්න බැරුව කෝට් එක අඹරවගෙන හිටපු ෆොටෝස් , ස්තෙතස්කෝප් එකෙන් ටේයුන්ගේ මොලේ චෙක් කරන ෆොටෝස් වගේ තියන්න පුලුවන් මෝඩ ෆොටෝස් ඔක්කෝම ටේයුන් ජිමින් දෙන්නම පපාට දාලා තිබ්බා. පපාගේ චැට්ස් හොරෙන් බලන එක නරක දෙයක් උනත් මම හෙමින් ඒකේ තියන ඒවා කියවන්න හදනකොට එක පාරටම පපා ෆෝන් එක ඇදලා ගන්නකොට මම පපා දිහා මූණ අමුතු කරගෙන බැලුවේ එයා මට ජිමින් ටේටේ චැට් කරන එක ගැන කලින් කියලා තිබ්බේ නැති හන්දා.

"පපා මට කිව්වේ නෑ එයාලා කතා කරනවා කියලා. "

"ඔයා මට කිව්වෙත් නෑ ඔයා අන්ක්ල් යුන්ගිටයි, අන්ක්ල් හෝසෝක්ටයි ටේටේගෙයි, ජිමින්ගෙයි ෆොටොස් යවනවා කියලා..."

The Voyage  |  Jungkook Centric   |  Completed Where stories live. Discover now