Chapter 1 🏆️

359 42 35
                                    


නහයට වෙනකන් දාගන හිටිය ඒ ලොකු කණ්නාඩි කුට්ටමත් අතකින් පිටුපසට කරන ගමන් ඔහු නිදහස් අතෙන් මයික්‍රෆෝනය අල්වාගත්තා... නළල මත දෙපසට වී තිබුනු කොණ්ඩය ඔහුට ගෙන ආවේ මෝඩපහේ පෙනුමක් ...

ඒත් අදත් ඔහුගේ හඩ වෙනුවෙන් බොහෝ පිරිසක් රැස්ව සිටියා... ඔහුගේ මිහිරි ගායනයට වසග නොවූ අයෙක් මුළු තැබෑරුමේම නැති තරම් ... කාලය බොහෝ ගතවන තුරුත් ඔහුට දැනුනේ නැහැ... ගායනය අවසානයේ නැගුන අත්පොලසන් නාදයෙන් ඔහු පියවි සිහියට ආවා...

" මා ප්‍රමාදයි .. "
ඔහුගේ මනසේ සක්මන් කලේ කෙසේ හෝ ප්‍රමාද නොවී නිවසට පැනගන්නයි..

" ස්තූතියි සැමට ... හෙට මාගේ පැමිණීම ස්ථීර නැහැ සමාවෙන්න .. හැකියාවක් ලැබුනොත් අනිවාර්යයෙන් පැමිණෙන්නම් .. "
තැබෑරුමේ සෑම අයෙක්ටම හිස නවමින් ඔහු එදා ආදායමත් රැගෙන තැබෑරුමෙන් පිටත් උනා...

පාරදිගේ ඉක්මන් අඩියෙන් ඇවිදන් ආව ඔහු මදක් නතර වී අද ලැබුන කොල කීපයේ ආදායම දෙස බලා සිටියා... එය බොහොම පුංචි මුදලක් .. ඔහුට සාපේක්ෂව ..

ඒත් එයයි ඔහුට වටිනාම උනේ... ඒ දෙතොල් වල ඇදි සිනහවෙන් එය පැහැදිලි වූවා...
" හ්හා මගේ මහන්සිය .. "
ඔහු සතුටු දෙනෙතින් මුදල් කොල කීපය දෙස බලා උන්නා...

🔸🔸🔸

තවත් විනාඩි දහයක ඉක්මන් ගමනකින් ඔහු නිවස කරා ලගා උනත් නිවසේ දැල්වුන ආලෝකයෙන් ඔහුට පැහැදිලි වුනේ ඔහුට අද සැගවී කාමරය වෙත යාමට නම් නොහැකිවන බව ...
" හ්හ් ... මං ඉවරයි .. "
ඔහුට තෙපලුනේ ඒ වදන් පමණයි...

සෙමෙන් සෙමෙන් ඉදිරිපස දොරටුවෙන්ම ඔහු නිවසට ඇතුලුවෙද්දිත් නිවසේ තිබුන වීදුරු පෝච්චියක් දොර අසලම බිදී ගිහින් තිබුනා.... තවත් බඩුබාහිරාදිය බිම වැටෙන හඩත් එක්ක ඔහු තද හුස්මක් අරන් ගේ තුලට ගියේ බිම බලාගනමයි...

" මේ එන්නේ පෝරිසාදයා ... කොහෙද මෙච්චර වෙලා ගිහින් හිටියේ .. ආ.. කතා කරනවා .. "

" මට සමාවෙන්න ... "
ඔහු පැවසුවේ එපමණයි...

" සමාව .... කුමන සමාවක්ද ආ... හෙට දවස ගැන නොදන්නවා වගේ මෙහෙම හැසිරෙන එක ගැන මට තමුන් ගැන තියෙන්නේ කැකෑරෙන කෝපයක් ජන්කුක් .. !! "
ඔහු තවත් වීදුරු ලාම්පුවක් රාක්කයෙන් ඇද බිම දැමුවා...

ᴛʜᴇ ʙᴏxɪɴɢ ɪᴅᴏʟ 🥊️ ( ꜱʜᴏʀᴛ ꜱᴛᴏʀʏ ) ✔️Where stories live. Discover now