Chapter 3 🏆️

86 24 34
                                    

ජන්කුක් ගේ පැන යාමත් සමඟ නම්ජුන් පිට පැවරුනේ භයානක රැකියාවක් .. ඒ ජන්කුක් නිවසේ ඉන්න බව පෙන්වමින් ඔහුගේ හරාබොජි ඉදිරියේ රඟපෑමයි ..

" හ්හා .. ජන්කුක් ජන්කුක් ... ඔබ මා ඇද දැමුවේ සිංහ කූඩුවකට ... "
හ්‍යුන් චොල් ගේ කෝපයට පත් මුහුණ සිහි වෙද්දි නම්ජුන් ව වෙව්ලා ගියා....

තවත් හොද හුස්මක් ගත් ඔහු කිසිම දෙයක් සිදු නොවුන ලෙස ජන්කුක් ගේ කාමරයෙන් පිටතට ආවා ...
සෙමෙන් දොර වහන ගමන් ඔහු වටපිට බැලුවත් මේ වේලාවේදී හ්‍යුන් චොල් අනිවාර්යයෙන්ම පුස්තකාලයේ රැදෙන බව නම්ජුන් දැන සිටියා ...

ඔහු සෙමෙන් තරප්පු පෙළ බැහැලා එනවත් එක්කම ඔහුගේ ඉස්සරහට ආවේ ජන්කුක් ගේ හරාබොජි ...
" අහ් හ්‍යුන් චොල් සර් ... "

" ම්ම් නම්ජුන් .. කෝ ජන්කුක් .. ඇයි තවම කෑම ටික මේසේ උඩ .. ? "

" අහ්ම් මේ .. ජන්කුක්ට කෑමට පිරියක් නෑයි කිව්වා සර් ... "
ආයාසයෙන් සිනහවක් නගාගන්න අතරේ නම්ජුන් එහෙම කිව්වා...

" එහෙම බැහැ නේ... ඔහුට ශරීර සෞඛ්‍ය වැදගත් නම්ජුන් .. අද වැඩිපුර ප්‍රෝටීන් අවශ්‍ය දවසක් .. කෝ පහලට එන්න කියන්න .. "
හ්‍යුන් චොල් ඔහුගේ පළල් උරහිස් විහිදුවා නම්ජුන් දෙස බලද්දි ඔහුට කෙලත් ගිලුනා..

" අම් ස සර් .. ඔහු... ජන්කුක් ව් ව්‍යායාම කාමරයට ගියා ... දැන් අපි බාධා කරන එක__"

" මොකක් .. ! කවදාවත් නැතිව අද තමා විසින්ම ඔහු පුහුණුවට යෙදුනා කියාද ඔබ කියන්නේ .. ? "
හ්‍යුන් චොල් ගේ ඇස් මහත් වෙද්දි නම්ජුන් ට දාඩිය දැම්මා...

" ඔ ඔව් සර් ... අද ප්‍රතිවාදියා මදක් දුර්වලයි නේ .. සමහරවිට ඔහුට වඩාත් පුහුණුවීම හොදයි කියලා හිතෙන්න ඇති .. "

" හ්ම්ම් එහෙනම් කමක් නෑ .. ඉදහිට තමුන් ගිහින් බලන්න .. මම දැන් නින්දට යන්න ඕනි ... හෙට උදෑසනින්ම මම දේගු යනවා ..
උදේ ආහාර වේලෙදි මම ඔහුටත් විස්තරේ කියන්නම් .. "
ඒ ගැඹුරු කටහඬ එහෙම කියලා කාමරේට යන්න හැරුනේ නම්ජුන් හුස්මක් අල්ලා ගත් වනම ඔහුට ආචාර කරද්දි ..

" හ හරි සර් ... "
හ්‍යුන් චොල් එතනින් ගියාට පස්සෙ නම්ජුන් බිත්තියට බර උනේ අතකින් පපුවත් බදාගන ...

ᴛʜᴇ ʙᴏxɪɴɢ ɪᴅᴏʟ 🥊️ ( ꜱʜᴏʀᴛ ꜱᴛᴏʀʏ ) ✔️Where stories live. Discover now