Chapter 12 🏆️

48 16 35
                                    


දවස තුල ජන්කුක් කතා බහ කල වචන ගානත් ගොඩක් සීමිත උනා ... දිගටම ඔහු පුහුණුවීම් කලේ මහන්සි දැනුනත් ඒවා දත්මිටි කාගන ඉවසගන ...
මොකද ජන්කුක් ට තරහයි ... තමන් එක්කම තරහයි ...

ඇයි බැරි උනේ හරාබොජි ගෙන් පැනලා යන්න ...

ඇයි බැරි උනේ සුන්මි නොමිලේ දුන්න අවස්ථාව අත්නෑර ඉන්න ...

ඇයි තමන් එදා ඒ වෙලාවේ ඒජන්සිය ඉස්සරහා නතර උනේ ...

ඇයි ඒ කළු බෙන්ස් කාරය දෙසට නොයා කෙලින්ම ගෙදර යන්න බැරි උනේ ... එහෙම උනා නම් තමන් තාමත් සතුටින් තමන්ගේ හීනේ ඇතුලේ ජීවත් වේවි ...

ඒ හැමදෙයක්ම එක්ක ජන්කුක් තරහටම පුහුණුවීම් තදින්ම කලා... හ්‍යුන් චොල් ටත් පුදුම හිතුන අවස්ථා තිබුනා ජන්කුක් තරහින් ව්‍යායාම කරන විටත්...

දවසක් ඒ විදියට ගෙවිලා ගියේ ජන්කුක් තමන්ගේ හීනේ එන්න එන්නම හිනයක් කරගනිද්දි ...

පහුවෙනිදාත් උදේ හ්‍යුන් චොල් ටත් කලින් ජන්කුක් ව්‍යායාම කාමරයට ගිහින් ... ඒත් එන්න එන්නම ඔහු ගන්න ආහාර ප්‍රමාණය අඩු උනා ..
ජන්කුක් ට ඒ තරම් පිරියක් නෑ ආහාරයක් ගන්න .. අනික දිවාරෑ මහන්සි වෙලා දැන් ජන්කුක් ට කන්න රැදෙන්නවත් බැරි තරම් තෙහෙට්ටුවක් දැනෙන්න අරන් ....

ජන්කුක් හිටියේ ව්‍යායාම කාමරේ .. හවස හතර පමණ කිට්ටු වෙද්දි හ්‍යුන් චොල් ජන්කුක් තනිව පුහුණුවෙනකන් සාලෙට ආවේ රේඩියෝවත් ටිකක් සද්දෙට දාන ගමන්..

හෙට තියෙන අවසන් බොක්සිං තරඟය ගැන හිතමින්ම හ්‍යුන් චොල් සෝපාවේ ඔලුව හේත්තු කරගත්තේ රේඩියෝවට සවන් දෙන අතරෙයි ..

ජන්කුක් පුහුණුව නිමා කරමින් තරප්පු පෙළ බසින අතරේ ඔහුගේ කන වැකුනු ඒ පුවත ජන්කුක් ගේ දෙපා ගල් කලා...

' .... ඔහුගේ කටහඬ පමණක්ම මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ජනතාවගේ සිත් දිනාගන අවසානයි ... මේ වන විට ජේකේ යන නාමය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වඩාත් කියවෙන නාමයක් බවට පත්වී ඇත ...
ඒත් තවමත් ඔහුගේ හඬ ප්‍රිය කරන ජනතාවගේ ඉල්ලීම ඔහුව සජීවීව එලිදක්වන ලෙසයි...

ᴛʜᴇ ʙᴏxɪɴɢ ɪᴅᴏʟ 🥊️ ( ꜱʜᴏʀᴛ ꜱᴛᴏʀʏ ) ✔️Where stories live. Discover now