Chapter 8 🏆️

49 22 24
                                    


" චොගී ... "
ඒ කටහඬ එක්ක ජන්කුක් හෙමින් ඒපැත්තට හැරී බැලුවේ කවුරුන් හෝ තමන්ව අඳුනගන වත් ද බයෙන්...

ඔහුට කළු බ්ලේසරයකින් සැරසුනු ඒ පුද්ගලයා දුටු ගමන්ම දැනුනේ ආරක්ෂකයකු ගේ හැගීමක්.. තනිකළු පාටින් ඇද පැලදගන හිටිය ඒ කෙනා ජන්කුක් ලගට ආවේ පුංචි හිනාවක් එක්ක...

" මේ ජේකේ සර් නේද ... අර තැබෑරුම් වල__"

" ඔහ් මාව අදුනනවද .. ? "
ජන්කුක් ටිකක් පුදුම උනා .. තැබෑරුම අහල පහල අය මිසක ජේකේ ව දන්නා අය අවමයි ...

" මගේ බොස් සර් ගේ රසිකයෙක් .... ඒ නිසා මම අඳුන ගත්තේ .. සර් අද ඒජන්සියට ආවේ ඉල්ලුම් කරන්නද .. ? "
ඔහු ගොඩක් මිත්‍රශීලී නිසාම ඒ කෙනාගේ උදව්වෙන් ජන්කුක් ඒජන්සිය ඇතුලට යන්න මග හොයාගත්තා...

ජන්කුක් ඇතුල් වෙද්දි ඔහු වෙනුවෙන් බලන් හිටිය වූ බින් දුර තියාම ජන්කුක් ව අදුනගත්තා....
" දෙයියනේ මේ එන්නේ ... ඇයි ප්‍රමාද උනේ තව පැයයි අපි රැදෙන්නේ .. "
වූ බින් එහෙම කිව්වෙ ටිකක් තරහකින් වගේ ...

" අ අනේ සමාවෙන්න මිස්ටර් චෝයි ... ඇ ඇත්තටම මට__ "

" අපි පස්සේ කතා කරමු ජේකේ .... මුලින් අපි තේරීම් කරන තැනට යමු .. "
වූ බින් ජන්කුක් ගේ උත්තරයත් නොසලකා ඔහුවත් එක්කගන කඩිමුඩියේ ගියේ එක සාමාන්‍ය ප්‍රමාණයේ ශාලාවකට...

ගොඩක් නවීන පන්නයට නිම කරපු ඒ ශාලාවේ දෙපස බිත්ති දෙකම විශාල වීදුරු කණ්ණාඩි වලින් යුක්ත උනා....
ජන්කුක් ඒ දිහාත් බලන ගමන් ඉස්සරහට ගියා....

එයාගේ ඉස්සරහින් වාඩිවෙලා හිටියේ තවත් තුන් දෙනෙක්...

" සමාවෙන්න මම ප්‍රමාද උනාට ... "
ඔවුන්ගේ මූණු වල මැවුන නොසතුටු බව නිසා ජන්කුක් තුන්දෙනාටම හිස නවලා සමාවගත්තා...

" ප්‍රශ්නයක් නැහැ .. ඔබට තව විනාඩි හතලිස් අටක් තියෙනවා ... "
ඔවුන් තුන්දෙනාගෙන් මැදින් වාඩිවෙලා හිටිය ටිකක් තරබාරු සැර පෙනුමක් තිබුන පුද්ගලයා එහෙම කියද්දි ජන්කුක් හිනා උනා....

තමන්ගේ රවුම් කණ්නාඩියත් එයා පස්සට කරද්දි එයාගේ මෝඩ පහේ පෙනුම ගැන නම් ඒ කවුරුත් සෑහීමකට පත් වෙලා නෑ වගේ..
ඒත් ජන්කුක් හිනාවෙලා ඒක පිලිගත්තා...

ᴛʜᴇ ʙᴏxɪɴɢ ɪᴅᴏʟ 🥊️ ( ꜱʜᴏʀᴛ ꜱᴛᴏʀʏ ) ✔️Where stories live. Discover now